අචාර්ය අරුණි සමරකෝන් වාමාංශික විප්ලවවාදී ශාස්ත්‍රඥ, Sheila Rowbotham ගේ “කැරළි ගැසීමට හේතු – 1980 මගේ මතකයන් ” ග්‍රන්ථය එලි දැක්වීමේ…
2025 ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක
ලයනල් බෝපගේ ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්. හැම දෙනාටම සුබ පැතුම්.අපගේ සාකච්ඡාව පැවැත්වෙන්නේ මුල් ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්,…
බුද්ධගයාවේ සිට හයිගේට්ස් සුසාන භූමිය තෙක්…
සුගත් සෙනවිරත්න පසුගිය ඉරිදා නොහොත් මාර්තු 16 වෙනි ඉරිදා උදේ 11. 30 පමන උතුරු ලංඩනයේ High Gate සුසාන භූමියේ මාක්ස්ගෙ…
ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක්
සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය වැඩිව කාන්තා ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස් වෙන්නට පටන් ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන ආකාරයට සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…
ජාත්‍යයන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්
මාර්තු මස 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව නිතැතින් ම කියැවෙන ප්‍රමුඛ නාමයකි ක්ලාරා සෙට්කින්. ජාත්‍යන්තර විප්ලවවාදිනියන්…
බංකොලොත් ධනවාදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ තරුණයින්ටයි!
2025 මාර්තු 1එක්සත් රාජධානියේ තරුණ විරැකියා සංඛ්‍යාලේඛන නිකුත් කර ඇති අතර, එය 2024 ජූලි මාසයේදී 500,000 ක් වූ අතර එය…
ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික ස්ත්‍රියකගේ හඬ
ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ වංශවත් පවුලකය. වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු ප්‍රාන්තික ස්ත්‍රීන්ගේ සංවිධානය කිරීම පිණිසය. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කල නිර්ධන පාන්තික ස්ත්‍රිවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික ස්ත්‍රී සහභාගිත්වය පිණිස එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී මතු කිරීමට බලා පොරෝතුවන ප්‍රධාන කරුණක් වන්නේ කොලොන්තායි නිර්ධන පාන්තික ස්ත්‍රීවාදය සහ අවශේෂ ස්ත්‍රිවාදයන් අතර පැහැදිලි න්‍යායික සහ දේශපාලනික බෙදුම් රේඛාවක් ඇඳීමයි.කොටින්ම කියතොත් ‘ධනේශ්වර ස්ත්‍රිවාදය’ ඇය ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රි ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුභ සාධනය පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වූ අතර කොලොන්තායි ස්ත්‍රි දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. එපමණක් නොව කොලොන්තායි අලුත් ශුභ සාධක ප්‍රාරම්භයන් කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ ශුභ සාධනය ට අවශ්‍ය නීති පදමන සකස් කල අතර මාතෘ සහ ළමා ශුභ සාධනය රජයේ වගකීමක් බවට පත් කලාය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුල ලෙනින් විසින් කල්ලි කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායිගේ දේශපාලන බලපෑම හීන වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුල ඇයට සුමට ගමනක් කල නොහැකිවිය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක් සමගම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට ක්‍රියාත්මක වීමට සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනය ට ඉමහත් බල පෑමක් කල යුග නිර්මානාත්මක …
අල් ජසීරා වෙතින් එළියට පැන්නේ රාජපක්ෂ වර්ගයේ ම ඉංග්රීසි වර්ෂන් එකයි!
මේදි හසන් (Mehdi Hasan) යනු කවුද, ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැසිරවීමේ ශෛලිය කෙබඳුද යන්නත්, අල් ජසීරාවේ Head to Head වැඩසටහනේ ස්වභාවය කුමක්ද යන්නත් ගැන හාංකවිසියකවත් අධ්‍යනයක් තිබුණානම් රනිල්ට ගතහැකිව තිබූ පියවර දෙකක් විය. පළමුවැන්න, එහිදී තමන් නිර්දය ලෙස ප්‍රශ්නකෙරෙන බව, ඒ ප්‍රශ්නවල කේන්ද්‍රය ‘රට ආගාධයෙන් ගොඩගැනීම‘ ගැන ඔහුගේ පම්පෝරි ගැසීම්වලට ඉඩදීම නොව රටේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම හා වගවීම ප්‍රශ්න කැරෙන එක බව පැහැදිළිව තේරුම් ගෙන ඊට මුහුණදීමට සූදානම් වී එහි යාම ය. එවැනි ප්‍රශ්නකිරීමක දී කෝප ගැනීම, කිසිදු වගකීමකට හා වගවීමකට සූදානම් නොමැති බව පෙන්වීම, අත උඩ ඇති තොරතුරු සහ සංඛ්‍යාලේඛන අසත්‍යයයි කීම (අතේ පත්තු වූ බටලන්ද කොමිසමේ වාර්තාව වැනි) හා අවම වශයෙන් රාජ අපරාධ සම්බන්ධයෙන් සහකම්පනයක්වත් නොදැක්වීම තමන්ට නොව රටටම බූමරංගයක් සේ කැරකෙන බව දැනගෙන ඊට ගැලපෙන පරිදි වචන සහ ශරීර භාෂාව තෝරාගෙන ඒ පැයකට අඩු කාලයට ශිෂ්ට සම්පන්න ලෙස මුහුණ දීමට සූදානම් වීම ය. එහි දී ලැබෙන්නේ උණ්ඩ වැනි ප්‍රශ්න සහ මුවහත් පිළිතුරුවලට ඉතා කෙටි කාලයක් බවත්, වැල්වටාරම් බයිලාවලට බාධාකිරීම් සිදුවන බවත් දැනගෙන ඊට මුහුණ දීම ය. එහි තමන්ගේ පම්පෝරි තම්මැට්ටම් ගසන්නට ඉඩ නොලැබෙන බව තේරුම්ගෙන හැසිරීම ය. දෙවැන්න, ඒ ආකෘතිය සහ ශෛලිය තමන්ට නොගැලපෙන්නේ නම් ජාත්‍යන්තරය ජයගැනීමේ බොරු පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා සිටීම ය.…
නදේෂ්ඩා කෘප්ස්කයාගේ උපන් දිනය අදයි
1869 දී මෙම දින බොල්ෂෙවික් විප්ලවකාරියක වූ නදේෂ්ඩා කෘප්ස්කයා (Nadezhda Krupskaya) උපත ලැබුවාය. බොහෝ විට ලෙනිනගේ බිරිඳ ලෙස සරලව කෙටියෙන්…
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු – මාධ්‍ය ඉස්සරහ ගෝඨාභයව විහිළුකාරයෙක් කිරීම
ආරක්ෂක ලේකම් වෙලා හිටපු ගෝඨාභය රාජපක්ෂ නැවතුනේ විධායක ජනාධිපති වෙලා. හොඳටම කරනව කියපු ගෝඨාභය රාජපක්ෂට යන්න වුණේ පස්ස දොරෙන් පැනලා.…




