කුමාරි ජයවර්ධන නැවත කියවීම

වාමාංශික විප්ලවවාදී ශාස්ත්‍රඥ, Sheila Rowbotham ගේ “කැරළි ගැසීමට හේතු – 1980 මගේ මතකයන් ” ග්‍රන්ථය එලි දැක්වීමේ උළෙලේ වූ ශ්‍රවක පිරිස අතර අසුන් ගෙන සිටි මම, හඳ ආඩම්බරයෙන් පුරවා ගත්තේ, Rowbotham විසින්,

කුමාරි ජයවර්ධනයන් ගේ නාමය සඳහන් කිරීම ඇසුණු විටය. ස්ත්‍රීයක් ශාස්ත්‍රඥ ලෙස , වාමාංශික විප්ලවවාදී අර්ථයෙන්, Rowbotham සමඟ සම්බන්ද ව, ස්ත්‍රී දේශපාලන සමාජානුයෝජනයේ සාමාජිකාවක් වුවද, එය පරයා, ශ්‍රී ලාංකික ජනවාරිගික ජාතිකවාදය මා තුළ පුබුදවා ලීමට , ජයවර්ධනයන් ගේ නාමය සවනට යොමුවීමෙන් සිදුවීම පැවසිය යුතුමය. Rowbotham සහ ජයවර්ධනගේ ආඛ්‍යානය වුයේ, 1980 දී නව ලිබරල් වාදී ප්‍රවේශය වූ සුබ සාධනය ප්‍රතිව්‍යුහගතකරණය ට එදිරිව වාමාංශික ස්ත්‍රී දේශපාලනය ජාතක රාජ්‍ය සිමා ඉක්මවා ජාත්‍යන්තර දේශපාලන බලවේගයක් ලෙස ගොඩ නැගීම දී ස්ත්‍රී විසින් සිදුකළ සම්මාදමය. Rowbotham විසින්
Margaret Thatcher ගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම සිදුකරන විට, ජයවර්ධන විසින්, 1980 දී ශ්‍රී ලංකා වේ අදුරු භීෂණ යුගය ට එදිරිව වූ දේශපාලන කතිකාවට දායක වී තිබේ. මෙම ලිපිය 1980 දශකයට සිමා නොකරමින්, කේන්ද්‍රීය අවධානය අචාර්ය කුමාරි ජයවර්ධන වෙත යොමුකිරීමේ අභිලාෂයෙන් ලියවේ.

අචාර්ය කුමාරි ජයවර්ධන යනු…..
මා ද අයත් මිලේනියානු හෝ එයට ප්‍රථම පරම්පාරාව වෙත, ආචාර්ය කුමාරි ජයවර්ධන නැවත නැවත හදුන් වාදීම අනවශ්‍ය වුව ද z සහ alpha පරම්පාරවන්ගේ දේශපාලන සාක්ෂරතාවය වෙනුවෙන් මෙසේ ලියා තබමි. 1931 දී Eleanor Hutton සහ A.T . De Zoysa ට දාව කොළඹදී උපන් කුමාරි ජයවර්ධන , 1964 දී London School of Economics වෙතින් අචාර්ය උපාධිය ලබා ඇත. Institut de Science Politique in Paris හි ද අධ්‍යාපනය ලත් කුමාරි, Verso ප්‍රකාශකයන් හඳුන්වනුයේ, ප්‍රමුඛ ස්ත්‍රීවාදී විද්‍යාර්ථවේදිනියක් ලෙසය. සත්‍රීවාදී දේශපාලනයේ ඉතිහාසය පිළිඹඳ ගවේෂයන කරමින් ප්‍රකාශිත, (තුන)

Feminism and Nationalism in the Third World , කුමාරි පිළබඳ Rowbotham මෙසේ සටහන් කරයි. “ගෝලීය ධනවාදය සමඟ පැමිණ ස්ථාපිත වූ යටත්විජිතකරණ දේශපාලනය තුළ, ්රී‍රිය තම විමුක්තිය සෙවීම හුදෙක් බටහිර ස්ත්‍රීවාදී යෝජනා පිළිගැනීම වෙත පමණක් ම සිමා නොකරමින් , නව ස්ත්‍රීයක් වීම , දේශපාලනිකව සක්‍රිය වීම හරහා සිදුකළ හැකි බවත්, එහිදී, ස්ත්‍රීය වෙත බලහත්කාරයෙන් පවරා තිබෙන දේශපාලන ව්‍යුහය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම,තමන්ගේ දේශපාලන අනන්‍යතාව නියෝජනය වන දේශපාලන පරිසරයක් ගොඩ නැගීම වෙනුවෙන් ද කටයුතු කරන ආකාරය, ඉන්දුනීසියාව, තුර්කිය, චීනය, කොරියාව, ඉන්දියාව සහ පිලිපීනය දේශපාලන සක්‍රියතා හරහා විග්‍රහා කරමින් කුමාරි විසින්, ස්ත්‍රී දේශපාලනයේ ස්වරුපය පෙන්වා දී ඇත “. ස්ත්‍රී දේශපාලනයේ ස්වරුපය පෙන්වා දීම පමණක් ම නොව එම දේශපාලනය වාමාංශික දේශපාලනය සමඟ සම්බන්ධ වීමේ ස්භාවය ද කුමාරි ප්‍රකාශන හරහා දැකගත හැකිය.
මේ අනුව කුමාරි යනු වාමාංශික දේශපාලනය සහ ස්ත්‍රී දේශපාලනය ප්‍රකාශය කරන ශාස්ත්‍රීධරිනියකි. ඇයගේ වාමාංශික ප්‍රකාශනය හඳුනාගත් හැකි අවස්ථා වක් නම්,

The Rise of the Labor Movement in Ceylon (1972). එසේම ගෝලීය සහ දේශීය ධනවාදය ඒකරාශී වීම සහ එමගින් ශ්‍රී ලංකාව තුල නව ධනේශ්වර දේශපාලන සමාජ තලයක් ගොඩ නැගීම සහ එම තලය තුළ ස්ත්‍රීය ගේ දේශපලනය ස්ථාන ගත වීම පැහැදිලී ව කියවා ගත හැකි වන්නේ ඇයගේ සොක්කන් ලොක්කන් වූ ප්‍රකාෂන්යෙනි (Nobodies to Somebodies -2003).
කුමාරි ජයවර්ධන සහ වාමාංශික ස්ත්‍රී ශාස්ත්‍ර විඥානය
කුමාරි ජයවර්ධනයන් ගේ ශාස්ත්‍ර විඥානය මුලික වශයෙන් භෞතිකමය වනුයේ , යටත් විජිත ධනේශ්වර ව්‍යාපෘති මගින් සිදුකරන ලද ශ්‍රම සුරාකෑම සහ එම සුරා කෑම ට එදිරිව සංවිධානය වන විප්ලවීය දේශපාලනය විශ්ලේෂණය කිරීම වෙනුවෙනි. එහිදී නාගරික කාර්මික පංතිය මෙන්ම, වතු කම්කරු පංතිය වෙත ද අවධානය යොමු කරණ , කුමාරි. එම පංතිය විඥානය තුල ස්ත්‍රිය නියෝජනය වීම ද අධ්‍යන කර ඇත. එම අධ්‍යයනයන් ආශ්‍රිත ව ඇය පෙන්වා දෙන්නේ, කම්කරු පංති ස්ත්‍රීය විප්ලවීය දේශපාලනය වෙත කැප වන විට, ස්වාර්ථවාදය ඉක්මවා යමින්, කටයුතු කරන බවයි. එම අවස්ථාවේ දී ස්ත්‍රී යේ විප්ලවය වෙත වන දායකත්වය දෙවන කෝට හෝ වෙන්කළ (reserved ) දේශපාලනයක් ලෙස සැලකිය නොහැකි බවය.
උදාහරණ ලෙස වානතමුල්ලේ ඉසබෙලා හාමි, එමි නෝනා සහ පොන්සින්හහාමි යන විප්ලවාදී ස්ත්‍රීන් ගේ විප්ලවීය විඥානය ඉතිහාසය වෙත ගෙන එනු ලැබුවේ කුමාරි ගේ රචනා මගිනි.

යටත් විජිත යුගය තුල, ස්ත්‍රීන් විසින් ශ්‍රම සුරාකෑමට එදිරිව දේශපාලන වේදිකාවේ සිදුකරන ලද විප්ලවීය කතා මෙන්ම, තම ශ්‍රමය සුරාකමින් සිටි ආයතන ප්‍රධානියා පිළිගැනීම් දී, සර්පයකු මල් මාලයක් ලෙස පැළඳීමේ ස්ත්‍රී ඉතිහාසය ලියා තැබුවේ කුමාරි විසිනි. මේ ආදී සියලු විප්ලවීය දේශපාලනය තුළ ස්ත්‍රීය පිලිබඳ සඳහන් කිරීම මගින් ආචාර්ය කුමාරි ජයවර්ධන විසින්, වාමාංශික ස්ත්‍රීන්ගේ දේශපාලනය මගින් ඉතිහාසය විමර්ශනය කිරීමේ ශික්ෂණ ශාස්ත්‍රය හන්දුවා දුනි.

කුමාරි ජයවර්ධන සහ පිඩිත පාංතික විඥානය
කුමාරි ගේ රචනා අඛ්‍යානයන් නියෝජනය කරනුයේ, පිඩිත පාංතික විඥානය වේ. එම පිඩිත පංති විඥානය, හුදෙක්ම වැඩකරන් පංතියට සහ ස්ත්‍රියට පමණක් නොව සුළු ජන්වර්ගිකයා වෙත දිගුවන අකාරය, ඇයගේ පශ්චාත් යටත් විජිත යුග රචනා හරහා හඳුනා ගත හැකිය. වාර්ගික දේශපාලනික පීඩනය, පශ්චාත් යටත් විජිත කරණ දේශපානය තුළ ස්ථාන ගත වීම සහ එම ස්ථාන ගත වීම පටිපාටීය සහ ව්‍යුහාත්මක පීඩනයක් බවට පත් වීම පෙන්වා දෙන ජයවර්ධන එම පරිසරය, ප්‍රචණ්ඩකාරී ලෙස වාර්ගික දේශපාලනයක් වශයෙන් ආයතන ගතවීම සකාච්චා කරයි. එහිදී, පිඩයනයේ ස්වරුපය සහ එය දේශපාලනික අවශ්‍යතාවයක් බවට පත් වීම තේරුම් ගැනීම හරහා ඉතිහාසය කියවීමේ මාර්ගය කුමාරි විසින් විවර කර ඇත.
අවසන් කිරීමේ පාපොච්චාරණය
අචාර්ය කුමාරි ජයවර්ධන ව නැවත කියවීම ආරම්භ වන්නේ , මෙම ලිපියෙන් පසුවය. ක්‍රමික ව ඇයගේ ශාස්ත්‍රීය රචනා නැවත විමර්ශනය ට ලක් කිරීම මාගේ අහිලාශය වේ. කුමාරි ජයවර්ධනව මා මුලින් දුටුවේ, සුලෙයිමාන් ටෙරස් හි සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ (SSA )පැවති ග්‍රන්ථ දොරට වැඩුමක දිය. කපු වලින් නිමවූ තද නිල් පැහැති ස්ත්‍රී සරමක් , එයින් ම වූ කමිසයක් හැඳ සිටි කත මට හොඳින් ම මතකය (ඇයගේ විලාසිතා ව අනුව පසු කලෙක එවැනි ඇදුමක් හැඳ , රුහුණු විශ්ව විද්‍යාලයේ සේවයට ගිය විට, පිරිමි ප්‍රාඥයාන් මගේන් ඇසුවේ, එපාර පිරිමින් ගේ සරමත් හොරකම් කරාද කියාය ). පසුව. SSA හි පුස්ථකාලයෙන් The Rise of the Labor Movement in Ceylon මිලිදී ගත් අවස්ථාවේදී මා, කුමාරි ජයවර්ධන ඉහළ මාලයේ වේ නම්, මට ඇයගේ සමරු සටහන් පොතට ගත හැකිද කිය ඇසුවිට, අයකැමියාගේ වචනය වුයේ ” මට එය තරම් නොවන බවය. “(අදටත් මම එම අවස්තාව මඟ හැරීම ගැන පසුතැවිලි වෙමි ). කාලකට පසු, ස්ත්‍රී පර්යේෂණ කේන්ද්‍රයේ කෙටි කාලයක් වැඩ කරමින් සිටි විට,

අවශ්‍යතා වක් වෙනුවෙන් අචාර්ය කුමාරි ව දුරකථනයේන් ඇමතීමේ දී, මා, ඇය වෙත මහාචාර්ය ලෙස ඇමතීමි, එවිට ඇය එම ඇමතුම තමන් වෙත යොදා නොගන්නා ලෙස පැවසුවේ , “මම මහාචාර්ය කෙනෙක් නෙවේ ” ලෙසය. (අචාර්ය යෙදුම උත්තරීතර නීති සම්පාදන ආයතනයේදී අවභාවිතා වන යුගයක් පසුකරන ශ්‍රී ලංකාව ට මෙවැනි ඉතිහාසයක් ද වේ ).

දශකයක් ට පසුව අචාර්ය කුමාරි ජයවර්ධන සමඟ නැවත සම්බන්ද වුයේ, විද්‍යුත් තැපෑල හරහා ඇයට , ඇයගේ මිතුරියක වන Sheila Rowbotham ගේ ශුභාශිංසනය යැවීම සහ Rowbotham ගේ කෘතියේ පිටපතක් ඇය ට ලබාගත හැකිවීමේ සන්නිවේදන ය සිදුකිරිමෙනි.

අචාර්ය කුමාරි ජයවර්ධන යනු වාමාංශික ස්ත්‍රීවාදී සකාච්වේදී ලංකාවේ විශ්ව විද්‍යායලයන් ට මඟ හැරීයාම, සිදුවන විට ඇයගේ ඥාන මීමාංසාව නැවත විමර්ශන කිරීම කාලින අවශ්‍යතාවක් වන්නේ, නව ලිබරල් වාදී ප්‍රතිසංස්කරණ මගින් පිඩිතියා තදබල ලෙස පීඩනය ට ලක් කරන මොහොතේ, පිඩිත පාංතික විඥානය නැවත සංවිධානය කිරීමේ ප්‍රවේශ පථය, ඉතිහාසය සලකමින් සොයා ගත යුතු හෙයිනි.

More From Author

2025 ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක

දවස කියවමු සුන්දරයි..

Leave a Reply

Categories

LDM Columns