Deepthi Ittapana:
ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුළ විෂයක් ලෙසට සමාජය සහ සමාජයේ අනෙක් අය ගැනත් ඔවුන් නීතියට පිටින් ගොස් කරනා වැඩ ගැනත් කියාදීමට හැකිනම් එය බොහෝ අපරාධ වැළැක්වීමට සහ අපරාධ කරන අය අටවන උගුල්වල නොවැටී සිටීමට හැකිවනු ඇත.

ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමයම විය යුතුයි කියනා බොළඳ මානසිකත්වයෙන් මිදිය හැකිනම් අප සමාජයේ බොහෝ ගැහැණු දරුවන් අමාරුවේ නොවැටෙනු ඇත.
සෙවීමට ගියේ එක් දෙයකි. ඒත් සොයා ගැනීමට හැකි වූයේ තවත් දෙයකි.
ගැහැණු දරුවෙකුට තම චරිතයට වඩා යමක් තියේවිද ? එම විෂයෙහි ගැහැණු දරුවන් දෙදෙනෙක් දෙවිදියකට හැසිරෙන විට එයට සම්බන්ධ තැනැත්තා ඉබේම ඔවුන් දෙදෙනා සංසන්දනයකට ලක් කරයි.
181 වැනි පිටුවේ දී හිතට නැගුණු සැකය 221-222 වෙනි පිටුවලදී තවත් වැඩි වුණාක් මෙන් දැනුනි.
ගැහැණුන්ගේ උපන්ගෙයි මෝඩකම් කියන්නේ මේවාටය. තමන් ඇත්තටම දුටුවේද /සිත රැවටුවේද නොදත්තත් අදාල පාර්ශව වලට මෙය විගසින් දැන්විය යුතුව තිබුණා නේද ?
සුනාමියක් එන්න කලිනුත් මුහුද බොහෝ සේ නිශ්චල වන බව අප අත්දැකීමෙන් දන්නවා නේද ?මෙහිදීත් එලෙසමයි කියායි මට සිතෙන්නේ.
රාක්ෂයන්ගෙන් බේරීමටයි කියා පැමිණියේ රාක්ෂ රජ දහනටමයි කියා ඔවුන් දැන සිටියාද ?
දෙවියනේ 295 වැනි පිටුවේ දී හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් කිරීමට යන බව මට තේරෙයි .
නොසිතූ මුදලක් නොපැතූ මොහොතක අතට ලැබෙනා කල ඕනෑම අසික්ඛිත /ජරා වැඩක් කිරීමට පිළිවන මිනිසුන් ඉන්නා තාක් කල් අප ජීවත්වන සමාජය අපවිත්‍ර වනවාය.
දෙයියනේ ……දෙයියනේ ………..මගේ හුස්මත් හිර වුණා 395 වැනි පිටුවට එන විට. කතුවරිය පුදුමාකාර විදිහට කතාව හැඩගස්වා ඇත.
සල්ලිකාර පියෙකුගේ නැහැදුනු දියණියක් නොවුනු
පියාට හිතැති දුවනියක් වූ
වැරදි තැනක හිත නැවතුනු සහ එනිසාම මරු උගුලකට අසුවී යාන්තමින් බේරුණු
හිතැති දයාබරයෙක්ගෙන් උදවු ලැබුණු
දිවියේ ගෙවූ සුන්දරතම හෝරාව මතකයේ රඳවාගත් නොගැලපීම් සියල්ල ගලපා අයිති කර ගන්නට පිළිවන් වුවද රාක්ෂයන් හිඳිනා සමාජයක නිදහසේ සිටින්නට නොහැකි වූ ඇය

තම මවු නිසාවෙන්ම ස්ත්‍රී පක්ෂයට ගෞරව කරනා එනිසාම ඇගේ දිවි ගැලවූ නමුදු මුල් දැකුමෙන් පැහැදීමක් නොවුනු
අමාරුවේ වැටෙද්දි අත දී උදව් කළ
හිසට සෙවණක් වූ
අහම්බෙන් දැනගත් කරුනින් හිත බිඳවාගත්
නොසිතූම දෙයක් වූ පසු ඉදිරිය ගැන ඉක්මන් තීරණ ගත්
අතීත ප්රශ්නය කෙසේ වෙතත් වර්තමානයේ හොඳින් සිතා බලා ක්‍රියා කරනා
කිසිදු දෙයකට ළං නොම වන්නට ඇයට ආරක්ෂාව සාදනා ඔහු
(ඔහුට වැරදුනේ ආරක්ෂා කළ යුතු අය තබාගත යුත්තේ තමාගේ දෑස් මට්ටමේ කියා අමතක කිරීමයි)
බොරු මවාපෑම් කරමින් තරුණියන් රවටා ගනිමින් අනවශ්‍ය /තහනම් ව්‍යාපාරයන් කරනා
නොදැනුවත්වම උගුලේ අසුවුණු මුවැත්තිය කොටු කර ගැනීමට මාන බලනා
සහෝදරයන් එක්වී කළ දෙයක් වුවත් සාක්ෂි නැතිකමෙන් තීරණ වෙනස් වන
මුදල් වලට ගැතිව නුවමනා දේ කරනා ඔහු
බොහෝ මිනිසුන් කරන්නාක් මෙන් නොසිතා/ නොකර විවෘත මනසකින් යුක්තව සමාජය දෙසත් වෙන අකටයුතු දෙසත් බැලිය හැකි හදවතක් හිමි,
අකටයුත්ත සිදුවූ අයට ඇඟිලි දිගු කරනවා වෙනුවට ඒවා කළ සමාජයට විරුද්ධ පස සිට ගන්නා ෂෙරීන් නැමැති කාන්තාව මල් තබා පිදිය යුතු අයෙකු බවයි මගේ හැඟීම.
නොදන්නා කමින් හෝ ගැහැණු දරුවෙකුට ජීවිතය අතරතුර වැරදිය හැක. නමුත් ආදරණීයන් ඇයව තනි නොකර ඇයට ආරක්ෂාවත් ආදරයත් දෙමින් ළඟ සිටිනවා නම් ඇයට ලෝකයක් ජයගන්නට තරම් ශක්තියක් හිතට ඇතුල් වේවි .

ඉතිං ඔබට මට කිරීමට දේවල් අපමණය. සිද්ධියක් ඇසූ විගස චූදිතයෙකු කර ඇඟිලි දිගු නොකර ඔවුනට ශක්තියක් වන ලෙසට ඔවුන්ගේ ළඟින් හිඳින්න, වචනයකින්වත් උදව් කරන්න.
අපූරුම කතාවක් නංගා. අපිට අපේ ජීවිත වලට එකතු කරගන්න පාඩම් ගොඩක් තියෙනවා. වටිනා කතාවක්.

Deepthi Ittapana





