“අමාලි නොදුටු සාපය” නවකතාව

වසර විසිපහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙ නියැලී සිටින රංජනී සෝමචන්ද්‍ර මාධ්‍යවේදිනිය මෙන්ම ලේඛිකාවගේ අමාලි නොදුටු සාපය නවකතාව සමග වර්තමාන කාළය තුළ නවකතාව කෙරෙහි කාන්තා සහභාගීත්වයේ ප්‍රගමනය සුබවාදී තලයක පවතිනවා..එයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට සූමිත්‍රා රාහුබද්ධ පියසීලි විජේමාන්න,කරුණා පෙරේරා,කූසුමා ගුණවර්ධන,ශාන්ති දිසානායක, සාහිත්‍ය නවකතා කතුවරියන් ලෙස විශේෂ ස්ථානයක් ගන්නවා…

රංජනී සෝමචන්ද්‍ර

නාගරික සහ ග්‍රාමීය ජීවන පැවැත්මෙහි කාන්තාවට අත්විඳීමට සිදූවන ඔවුන් ඊට මුහුණදීම ට උත්සාහ කරන ආකාරය ඊට ප්‍රස්තුත කරගත් ක්‍රමවේදය ක් මගින් එකින් එක විසදා ගනිමින් තම කුටුම්භය බිද නොවැටී පවත්වාගෙන යාමට ගැහැනිය ක වශයෙන් දරන ලද අප්‍රමාණ උත්සාහයක් ඉහත නවකතාකාරිනියන්ගේ නවකතා සහ මූලාශ්‍රයන් මගින් පාඨකයාට අවබෝධ කරගත හැකි ය.

*ඔවුන්ගේ කෘති මගින් කාන්තා ආත්මභාවය අවධානයට ගැනීම *
පූරුෂවාදයට එරෙහි විවේචන සහ ගෘහස්ථ ජීවතයේ සැබෑ තත්ත්වය නිරූපණය කිරීම සිදුවෙනවා..
උක්ත නවකතා රචිකාවියන් අතරට මෑතක සිට එකතුවෙන වා රංජනී සෝමචන්ද්‍ර ලේඛිකාව, ඇය ස්වකීය පාඨකයාට ගෙන එන සිය ප්‍රථම නවකතාව නම්කර තිබෙන්නේ අමාලි නොදුටු සාපය ලෙසින්..මෙකී කෘතිය මගින් අව්‍යාජ මිනිස් ජීවිතයේ ගති සිරිත් වල චිත්‍රයක් මවන්නට ඇය අපූරු උත්සාහයක් දරා තිබෙනවා.අමාලි නොදුටු සාපය කියවා නිම කරද්දි මට දැනුනේ..” මිනිස්හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදින්නේ නැත ….” යන කියමන
අමාලි නොදුටු සාපය නවකතාව පූරාවට ම සුදු ම සුදු හෝ කළු ම කලූ හෝ චරිත කිසිවක් නෑ සෑම චරිතයකම ජීවිත විවරණයක් සිදු කරනවා.ඒ වගේම ලේඛකයෙක් හෝ ලේඛිකාවක් යම් රටක ඉතිහාසඥයෙක් වන්නේ තත් යූගයේ කරන තම කෘතියට ඇතූලත් කර ගැනීමෙන් . අමාලි නොදුටු සාපය කෘතියේ ප්‍රධානම ප්‍රස්තුතය වන්නේ කොවිඩි වසංගතය මුළු ලොවම භීතියට පත් කරද්දී එය අපේ රටට බලපෑ අන්දම ත් එය ජන ජීවිතයට එල්ල කළ සාධනීය සහ නිෂේධනීය කරුණු ත් මුල් කරගෙනය.

නවකතා කරුවා ට හෝ කාරිණියට බොහෝ කල්පිතයන් මවන්නට රංජනී සෝමචන්ද්‍ර ලේඛිකාව අමාලි නොදුටු සාපය කෘතියෙහි සත්‍යයට අනුරූපව කල්පිතයක් ගොඩ නගා තිබෙනවා.එය නිර්ව්‍යාජ සත්‍ය පුවතක් ලෙස .ඇත්තෙන්ම අමාලි නොදුටු සාපය නවකතාවෙන් නූතන පරපුරේ කාන්තාවට ගැඹුරින් සිතන්නට අවස්ථාව ක් තියෙනවා.එනම් කුටුම්භය බිඳ නොවැටී පවත්වාගෙන යාමෙ අවස්ථාව යි…සැම කෙනෙක්ම කියවිය යුතුම නවකතාවක් ලෙස අමාලි නොදුටු සාපය නවකතාව…

More From Author

“සංසාරබන්ධන”

සදා නොමියන ලෙනින් !

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348