අශ්ව කඩුලූ

සෙනසුරාදා දිනයක් වූ එදින මා සිටියේ කඩේ යමින්ය. සතියේ දිනවල ආයතනයේ ප්‍රධානීන්ට කඩේ යෑමත් නිවාඩු දිනවල බිරියට කඩයේ යෑමත් අතර එතරම් වෙනසක් නැතැයි මට සිතුණි. පෙර දින රාත්‍රියේ වැටුණු අක්වැස්ස නිසා පරිසරයේ යම් ප්‍රබෝධයක් තිබුණද මාගේ සිතෙහි එවැන්නක් නොවීය. දින කිහිපයකට පෙර ඩුබායි රටේ සිට පැමිර්‍ණ බිරියගේ මලණුවන් විසින් මා වෙත තෑගි කරන ලද නවීන පන්නයේ ජංගම දුරකථනය ගමන් කරන අතරතුරම දකුණටගත් මම වෙලාව බැලීමි. එහි පෙරවරු දහය සටහන්ව තිබුණි. සුදු පැහැති හයිබි්‍රඩ් රථයක් මා පසුකර ගියේ මට නලාව ශබ්ද කරමින්ය. මම පාරේ අයිනට වෙමින් ජංගම දුරකථනය නැවත කලිසම් සාක්කුවට රිංගවූවෙමි. සෑම දිනකම මෙන් අද ද මාගේ නෙත් තාර පාරෙහි දෙපස වූ තණකොළ මත නිරන්තර දුවන්නට විය. කාගේ හෝ පසුම්බියක් හෝ මුදල් දැමූ කවරයක් එවැනි තැනක වැටී තිබී මට හමුවෙතැයි කුඩා කල සිටම මම විශ්වාස කළෙමි. කවුරුන් හෝ මංකොල්ල කා යන මුදලක් හෝ එසේ වැටී තිබී මට හමු වනු ඇතැයි දන්නා කියන කාලයේ සිට යටි සිත නිරන්තර මිමිණීය. නමුත් එවැනි කිසිදු මුදලක් මට තවම හමුවී නැත.

ආ… සුරේෂ් අයියා. ටවුමට යනව ද? යමු මාත් ටවුම පැත්තට යන්නේ… පසුපසින් පැමිර්‍ණ ත්‍රීරෝද රථයක් මා අසල නතර විය. එහි රියැදුරු මම හඳුනා ගතිමි.

රුවන් මල්ලිනේ… හයර් එකක් ගියාද? මම තී්‍රරෝද රථයට ගොඩවුණෙමි.

ඔව්… පන්සල පාරට… රුවන් ත්‍රිරෝද රථය ඉදිරියට පදවමින් පැවසුවේය.

දැන් අයියා වැඩිය ටවුමේ පේන්න නෑ. වැඩට යනවා විතරයි දකින්නේ… රුවන් ඉදිරිය බලා ගත් වනම කීවේය.

ඔව් මල්ලි සුරාවෙන්, සූදුවෙන් ටිකක් ඈත් වුණා. දැන් ඉතින් අපි පවුල්කාරයොනේ… මම මුවගට සිනහවක් නගා ගනිමින් කීවෙමි.

එක හොදයි අයියේ. අයියගෙ වැඩ නිසා අක්කත් පහුගිය කාලේ ටිකක් අවුලෙන් වගේ හිටියේ. ඕවගෙන් මිනිස්සු නැතිවෙන එක වෙන්නෙ… ප්‍රධාන මාර්ගයට හැරවූ ත්‍රිරෝද රථයේ වේගය වැඩි කරමින් රුවන් කතා කරන්නට විය.

අපේ පරණ වැරදිත් තියෙනවනෙ මල්ලි, අක්කා ඔය විදිහට ඉවසලා ඉන්න එක ලොකු දෙයක්. මල්ලි මාව ඔතන ඉස්සරහින් දාන්න…

රීරෝද රථයෙන් බැසගත් මම පළමුවෙන්ම සිල්ලර බඩු ටික ගැනීමට තීරණය කළෙමි. බිරිය ලියා දුන් බඩු ලැයිස්තුව මගේ උඩ සාක්කුවේ විය. ඇය දුන් රුපියල් පන්දහසේ නෝට්ටුව සුරක්ෂිතව තිබේ දැයි බලන්නට මා පොකැට්ටුව ගෙන බැලූවෙමි. නිවසෙන් පිටවෙන විට දැමූ පරිදිම එය එහි නිරුපද්‍රිතව තිබුර්‍ණ. පොකැට්ටුවේ පරණ ලොතරැයි කිහිපයක් තිබූ බැවින් මම එවා අතට ගෙන පොකැට්ටුව කලිසමේ පිටුපස සාක්කුවට රිංගුවෙමි. ලොතරැයි කූඩුව අසලදී සෑම දිනකම සිදුවන පරිදි ලොතරැයි ටික ගුලිවී කුණු කූඩයට එකතු විය. මම ආපසු හැරුණෙමි.

පළමුවෙන් සිල්ලර බඩු ගැනීමට තීරණය කරගෙන සිටිය ද මම එ තීරණය වෙනස් කළෙමි. මාකට් එක දෙසට ගමන් ආරම්භ කළේ ප්‍රථමයෙන් එළවළු කිහිපයක් මිලදී ගැනීමට සිතාගෙනය. නිතර මා ආ ගිය මහපාරෙන් එපිට වූ බුකිය දෙසට නෙත් ගියේ ඉබේමය. බුකිය ඉදිරිපස ටර්පන්ටයින් ගස යට වාඩිවී ඔළුවට අත තබාගෙන සිටින තරුණයා මා දුටුවේ එවිටය. කළු පැහැති කාර්යාල බෑගයක් ඔහු අසල බිම තිබුණි. මම පාර හරහා මාරු වුණෙමි. ඔහු මා දෙස බලා හැ`ඩුම්බර සිනහවක් පහළ කළේය.

හොඳට දැකල පුරුදු මූණක්, උදේම බුකියට ගිහින් කෙළවගෙන වගේ… මගේ සිත කුටු කුටු ගාන්නට විය. මම ඔහු අසලට ගියෙමි.

මොකද මල්ලි උදේම ලොස් වුණාද? හිඳගෙන සිටි ඔහුගේ පිටට මම තට්ටුවක් දැමුවෙමි. නැගී සිටි ඔහු බෑගයද ගෙන ටර්පන්ටයින් ගසෙන් මෑත් වූවේය.

ඔව් අයියේ ජෝන් පී මැක්මන්ස්ගේ අශ්වයෝ දෙන්නෙක් ඇල්ලූවා. අතේ තිබ්බ සල්ලි ටික දිය වුණා. උදේ ගෙදරින් ආවේ අද ඕ.ටී. පාරක්වත් කරන්න යන්න. දැන් යන්නත් බෑ වගේ… පාරේ යන වාහන දෙස අරමුණකින් තොරව බලා ගත්වනම ඔහු කීවේය.

බයි ගියොත් හැමදාම බයි තමා මල්ලී… ඔයා දැන් ඔෆිස් යන්න… මමත් ස්ටෑන්ඩ් එක පැත්තට යන්නේ. යමු මාත් එක්ක… මම ඉස්සර වුණෙමි. ඔහු මා පසුපසින් වැටුණේය. අශ්ව රේස් දැමීම නැවැත්වීම පිළිබඳව මාගේ සිතට යම් ආඩම්බරයක් පිවිසියේය. පසුගිය කාලයේ දී ණය පියවීමට සිතාගෙන රේස් දැමූ මම තවත් ණය වුණෙමි. බුකියට ගිය විට ගෙන ගිය මුදලින් අඩක් පරාද වූ පසු එය දිනා ගැනීමට සිතා තර`ග වදිමි. සියලූ මුදල් පරාද වූ පසු යළි නොඑන ලෙස සපථ කර ගෙන එයින් බැස ආවත් පසු දින එ වෙත මා ගියේ ජයග්‍රහණය අනිවාර්යයි සිතමින්ය. ජයග්‍රහණය කළ වූවන්ගේ විස්තර අසමින් ඔවුන් පිළිබඳ සිතීම ද මට එකල සැනසුම්ක් ගෙන දුන්නේය. එ සියල්ල මායාවක් බව දැන් මා හට වැටහී ඇත. මේ තරුණයාට ද එ ගැන කියා දිය යුතුයි යැයි සිතා මම ගමනේ වේගය මදක් අඩු කළෙමි. කොහෙදෝ සිට ආ රුවන් මල්ලිගේ ත්‍රිරෝද රථය අප අසල නතර වූයේ එ මොහොතේය.

අයියේ කොහෙද යන්නේ?

මල්ලි මේ… අපි ස්ටෑන්ඩ් එකට දානව ද?

අයියා පොඩ්ඩක් මෙතන ඉන්න මං අර ෆෝන් කඩේට ගිහින් එන්නම්… අයියත් එක්ක ටිකක් මට කතා කරන්න ඕනෑ. බස්නැවතුම්පොළෙන් බැසගත් පසු තරුණයා ඔහුගේ කාර්යාල බෑගය ද මා අතට දී අසල වූ ජංගම දුරකථන අලූත්වැඩියා කරන ස්ථානය වෙත යන්නට විය. එ තුළට ගිය ඔහු ම`ද වේලාවකින් නැවත මා වෙත ආවේ සිනහමුසු මුහුණකිනි. ඔහුගේ මුහුණේ තිබූ පරාජිත ස්වභාවය අතුරුදන්ව ගොස් තිබුර්‍ණ.

අයියේ පොඩි අඩියක් ගහමු. බෑගය අතට ගත් ඔහු බස්නැවතුමට එහායින් පිහිටි දණ්ඩගමුව රෙස්ටොරන්ට් එක දෙසට යාමට සැරසුණි. මම මදක් පැකිලූණෙමි.

මේ වෙලාවේ බෑ. ගෙදරට බඩු වගයක් ගෙනියන්න ආවේ. ඉක්මනින් යන්න ඕනෑ.

හරි හරි අයියේ, මං ළ`ග සල්ලි තියෙනවා. ඔහු මගේ අතින් අදින්නට විය. බස් නැවතුම්පොළේ සිටි මගීන් කිහිපදෙනෙකුගේ දෑස් ද අප වෙත යොමු වී තිබුර්‍ණ.

මගේ ෆෝන් එක දුන්නා. අපි පොඩි අඩියක් ගහමු.

මා චයිනීස් රෙස්ටොරන්ට් එක තුළට ගියේ එතරම් කැමැත්තකින් නොවේ. නමුත් ඔහුගේ ඉල්ලීම් ඉවත දැමීමට මාහට ශක්තියක් නොවීය. සූදුව සහ ජීවිතය පිළිබදව යම් අවවාදයක් මේ තරුණයාට ලබාදිය යුතුය යැයි මම සිතුවෙමි. මෙය ඊට හොඳ වේලාවක් ලෙස මම කල්පනා කළෙමි. ඇනවුම් කළ ගල් අරක්කු බෝතලේ මූඩිය ඉවත් කර මාගේ වීදුරුවේ අඩක් අරක්කුවලින් පිරවූ ඔහු මා දෙස බලා ඇසක් ඉගි මැරීය. මම ඊට සෝඩා ටිකක් එක් කර ගතිමි. අරක්කු ටිකක් තොලගා බැදපු කුකුළු මස් කෑල්ලක් මුව තුළට දමා ගත් මම හ~ අවදි කළෙමි.

මල්ලි ඔය සූදුවට යන එක නවත්තන්න මම දැන් එ වැඩේ සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නේ. මේ අඩියක් ගහන්නෙත් මාසෙකින් විතර.

ඔව් අයියේ… මාත් ඕක නවත්තලා දානවා. සල්ලි අමාරු හින්දම තමා ඔය යන්නේ. පළමු වීදුරුව අවසන් කළ ඔහු තවත් එකක් පුරවා ගත්තේය. මම සිගරැට්ටුවක් දැල්වූවෙමි.

මිනිසෙක් පිට නැගි අසරුවෙකි…. ඔහු සෙමෙන් ගීතයක් මුමුණන්නට විය.

මේ මිනිහා කොච්චර කිව්වත් හැදෙන මිනිහෙක් නෙවෙයි මල්ලි. බඩු ගේන්න ගිය සල්ලිවලින් සුදු ගහලා. ඔයා දුන්න අලූත් ෆෝන් එක උගස් කරලා එ සල්ලිවලින් බීලා. පාක් එකේ රුවන් මල්ලි දැකලා තියෙනවා ස්ටෑන්ඩ් එකේ තනියම කතා කර කර ඉන්නවා. එයා තමා ගෙනත් දැම්මේ. එ මල්ලි දැකලා මෙයා උදේ බුකියට යනවාත්

බිරියගේ දුරකථන සංවාදය ඇසී මම දෑස්් ඇරියෙමි. වහලය කැරකෙන්නට වූ නිසා මම නැවතත් දෑස් තදින් පියාගතිමි. මා සූදු ගැසීමට නොගිය බවත්, ෆෝන් එක උකස් නොකළ බවත් බිරියට කිවයුතු නිසා නැවත වරක් දෑස් විවර කළෙමි. ආගන්තුක මල්ලී සම`ග අඩියක් ගසා බස්නැවතුම්පොළට පැමිණෙනවා පමණි මා හට මතකව ඇත්තේ. කාලෙකින් බීපු නිසා වැඩි වෙන්න ඇති. එසේ සිතා අමාරුවෙන් ඇෙඳන් නැගිට ගත් මම සාලය දෙසට පිය නැගුවෙමි. ලොකු දියර්‍ණය සාලයේ සැටියට වී අඬමින් සිටි අතර එ අසළ පොඩි දියර්‍ණය මුහුණ වසාගෙන සිටියාය.

මේ මොකද මේ… මම සාලයෙහි කෙළවර වූ පුටුවට බර වුණෙමි.

මොකද තමයි. තමුසේ කරන දේවල්වලින් මේ ළමයින්ටත් පාරේ බැහැලා යන්න බෑ. මෙතන බොරුවට මගෙ ඔලූවෙ අත තිය තියා දිවුරනවා බුකිය පැත්ත පළාතේ යන්නෑ කියලා. මාසෙ බඩු ගේන්න තිබ්බ සල්ලිවලින් අදත් සූදු ගහල. එ මදිවට මල්ලි අරන් දුන්න ෆෝන් එක…

මං ගහපු ඇති සූදුවක් නෑ. මේන් තමුසෙගෙ මහ ලොකු සල්ලි… මම පිටුපස සාක්කුවේ තිබූ පසුම්බිය ගෙන එහි වූ රුපියල් පන්දහසේ නෝට්ටුව ගැනීමට සැරසුණෙමි. නමුත් එ තුළ එම නෝට්ටුව නොවීය.

සූදු ගැහුවෙ නැත්නම් කෝ බඩු ගේන්න දුන්න සල්ලි. බිරියගේ දෑස් කෝපයෙන් දිළිසුණාය.

එක තමා මං මේ බැලූවේ. එක මේකෙ තිබුණනේ. මම මුදල් පසුම්බිය නැවත නැවතත් පරීක්ෂා කළෙමි. එහි කිසිදු මුදලක් නොවීය.

මල්ලි ගෙනත් දුන්න ෆෝන් එකත් තමුසෙ උගස් කරල ඕයි. බිරියගේ හ`ඩ වේගවත්ය. මම ෆෝන් එක ගැනීමට කලිසම් සාක්කුවට අත යැවුවෙමි. එය ද එහි නොවීය.

ඈ… බීපු එකේ බිල ගෙව්වේත් අර මල්ලි. ස්ටෑන්ඩ් එකේ අපි කතා කර කර ඉද්දි රුවන් මල්ලි ඇවිත් නැවැත්තුවේ. කෝ එතකොට සල්ලියි ෆෝන් එකයි… මම උස් හ`ඩින් මටම කියා ගතිමි.

තමුසෙ අද කාට බොන්න අරන් දීල ද වෙස්සන්තර වුණේ?

මම බොන්න අරන් දුන්නෑ. මටයි එ මල්ලි අරන් දුන්නේ.

මොන මල්ලි ද?

ආගන්තුක තරුණයාගේ නම අසා ගැනීමට නොහැකිවූ බැව් මට මතක් වූයේ එ මොහොතේය. මම නිරුත්තර වීමි.

තමුසෙගෙ බොරු අහල අපිට දැන් ඇතිවෙලා. දුවලා දෙන්න ලෑස්ති වෙන්න අපි මහගෙදර යමු. දැන් චූටි මාමා කාර් එකේ එයි. මේ මිනිහත් එක්ක හිටියොත් අපිත් ණයකාරයෝ වෙයි. බිරිඳ කාමරය දෙසට යන්නට වූවාය. දියර්‍ණයෝ දෙදෙනාද ඔවුන්ගේ කාමර වෙත යන්නට වූහ.

කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මම සාලය සිසාරා හිස් බැල්මක් හෙළීමි. අද උදයේ අහම්ඛෙන් හමුවූ තරුණයා අශ්වයෙක් පිට නැගගත් ඡායාරූපයක් සාලයේ පසෙක තිඛෙනවා මා දුටුවේ එවිටය.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

ළමා කතාවක් මත් නොවේ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348