ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මර්වාන් සුල්තාන්, ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් මරුමුවට

ගා•සා තීරයේ ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ (The Director of the Indonesian Hospital) වෛද්‍ය මර්වාන් සුල්තාන් (Dr. Marwan Al-Sultan) ඊශ්‍රා•යලය විසින් පසුගියදා (ජූලි 2 වන බදාදා) ඝාතනය කරන ලදී. ඔවුහු ඔහුගේ නිවසට බෝම්බයක් හෙළා, ඔහු, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් (පහත ඡායාරුපය‍ේ සිටින) ඝාතනය කළහ. ඔහු ත්‍රස්ත•වාදියෙකු හෝ සටන්කාමියෙකු නොවීය. ඔහු අන් අයව බේරා ගැනීම සඳහා තම ජීවිතය කැප කළ වෛද්‍යවරයෙකි.

Dr.Marwan Al-Sultan and family

ඔහු ද පෙනී සිටින මෙම දෙවන ඡායාරූපය ගනු ලැබුව ඇත්තේ ගා•සා තීරයේ වෛද්‍ය පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේදීය.

At the graduation ceremony of the medical faculty in the Gaza Strip
  • වෛද්‍ය ඕමාර් ෆර්වානා – වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති (Dr. Omar Farwana – Former Dean of the Faculty of Medicine)
  • වෛද්‍ය අද්නාන් අල්-බෝර්ෂ් – විකලාංග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා (Dr. Adnan Al-Borsh – Head of the Orthopedic Department)
  • වෛද්‍ය රාෆත් ලාබාද් – අභ්‍යන්තර වෛද්‍ය රෝහලේ අධ්‍යක්ෂ (Dr. Raafat Labad – Director of the Internal Medicine Hospital)
  • වෛද්‍ය මර්වාන් අල්-සුල්තාන් – ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ (Dr. Marwan Al-Sultan – Director of the Indonesian Hospital)

මේ අය වෛද්‍යවරුන් පමණක් නොවේ. ඔවුන් ගා•සා තීරයේ අනාගතය සඳහා උපදේශකයින්, අධ්‍යාපනඥයින් සහ ජීවනාලියන් විය.

ගා•සා තීරයේ රෝහල්වලින් 94% කට හානි සිදුවී හෝ විනාශ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ඒකාබද්ධ ප්‍රකාශයකින්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International), හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සහ මෙඩෙසින්ස් සැන්ස් ෆ්‍රොන්ටියර්ස් (Médecins Sans Frontières MSF) ඇතුළු මානව හිමිකම් සංවිධාන විසිපහක් තහවුරු කළේ: “2023 ඔක්තෝබර් මාසයේ සිට, රෝහල්, සෞඛ්‍ය සායන සහ ගිලන්රථවලට ගුවන් බෝම්බ ප්‍රහාර ඇතුළුව සෞඛ්‍ය සේවාවලට ප්‍රහාර 700 ක් පමණ සිදුවී ඇත. සෞඛ්‍ය සේවකයින් 1,500 කට වැඩි පිරිසක් සහ සහන සේවකයින් 460 ක් මරා දමා ඇත.

More From Author

ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth)

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348