ආදරණීය වූහාන්

ඒ සරත් සෘතුවේ ලස්සන සැඳෑවකි. විශ්ව විද්‍යාලයිය පාර පුරා වැටුන තැඹිලි පාට, මෙරූන් පාට, කහ පාට කොල , පාර හැඩි කරනු වෙනුවට, ලස්සන රටා මවා තිබුණා මතකය.

මේ කාලයේ සන්ධ්‍යාවට දැනෙන සිහින් සුළඟේ සීතල විඳිමින් අපි තුන් දෙනා පාර දිගේ ඇවිද ගොස්, කඩ වීදි අතරට වැදී නොයෙක් වීදි කෑමබීම රස බැලු හැටි අදටත් මතකය.

අපේ රටේ නැති අමුතු,ආලෝකයක් රාත්‍රිය සපැමිණි විට වීදි පුරා දැල්වෙන විදුලි පහන් වලින් විහිදී තිබුණා මතකය.

නොනිදනා නගර පුරා ඇවිද යන කුඩා තරුණ මහලු අය රිසි සේ නිදහසේ ජීවත් වන ආකාරය දැක ඒ පිළිබඳ සතුටු සිතින් තොරතෝංචියක් නැතිව දොඩමලු වන්නට මගේ පසෙකින් ඔහුද වූ බව මතකය.

අපි තිදෙනා දෑත් අල්ලාගෙන වූහාන් නගරය පුරා, නොයෙක් ආකාර වන උද්‍යාන පුරා ඇවිද ගියා මතකය.

සැඳෑ කාලයට වයස් බේදයක් නොමැතිව, සියලු දෙනා පවුල් පිටින් නගරයට එක්රොක් වන අතර, මිහිරි සංගීත නාද වලට තාලයට අඩි තබා රිද්මයානුකූල රංගනයක යෙදෙනු බලා අපි දෙදෙනාද ඔවුන් අතරට වී නැටුම් නටන්නට පාද තැබුවා මතකය.

දෙපා වලට රෝද සපත්තු පැලඳ ඔබමොබ දුවන දරු දැරියන් දැක, අපේ පුතුට ද රෝද සපත්තු යුගලයක් මිලදී ගෙන , සමබරතාව රැකගෙන ඒ පැදීමට චීන ජාතිකයෙකු ලවා උගැන්වූ වාද මතකය.

විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයේ, මේසපන්දු ක්‍රීඩාව පුහුණුවන දරු දැරියන් අතරට අපේ පුතාව ද එකතු කර ඔහුට ඒ උගැන්වූවාද මතකය.

පුහුණු සැසිය නිමවා පුතුද රැගෙන ඔහු එන තෙක් රාත්‍රි ආහාරය සඳහා චීන ක්‍රමයට ආහාර සකසා උනු උණුවේ කෑමට මග බලා සිටියා ද මතකය.

ශීත සෘතුවේ ශීත කබා මිලට ගැනීමට ගොස් මිලෙන් අධික සුව පහසු ඇඟලුම් අපි දෙදෙනාට මිලදී ගෙන දුන්නාද මතකය.

හිම වැටුන මංමාවත් දිග ඇවිද යාමට සුදුසු ලෙස සකස් කල සුවපහසු සපත්තු අප දෙදෙනාට මිලදී ගෙන, ඔබ සාමාන්‍ය සපත්තු පැලඳ ටික දවසක් ගෙව්වා ද මතකය.

විශාල වීදුරු ජනෙල වලට පිටින්, සුදු පාටට අහුරු පිටින් වැටෙන හිම පියලි දිහා බලාගෙන විශාල සෝපාවේ ශීත ට අපි තිදෙනාම තුරුළු වී සිටියා ද මතකය.

ගස් වියන්, කෘත්‍රිම තණ කොල සහිත උද්‍යාන, ක්‍රීඩා පිටිය, මංමාවත් ඒ, ගොඩනැගිලි , රෝස මල් සරුවට වැඩුන මල් පාත්ති තාමත් ඇස් ඉස්මත්තේ සේම මතකය.

ආදරයෙන් එක්ව ගෙවූ කාලය වැලි තලාව මත මැකී යන්නට වෙර දරනවා වෙනුවට, ඒ ප්‍රේමණීය නගරය, හිතේ සුවපහසුවට හැඟුම් අතුරනවා හීනෙනුත් මතකය.

More From Author

ග්ලාස්ටන්බරි උළෙලේ ප්‍රකට වූ පලස්තීනය සම්බන්ධ විරෝධතා ආස්ථානය සහ කම්කරු පන්තියේ හා තරුණයන්ගේ රැඩිකලීකරණය

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348