සංජීවනී රූපසිංහ:
භාරතය ඈත අතීතයේ චාලා, උපචාලා, සිසූපචාලා වැනි වේද ගීත රචනා කළ හැකි උගත් ස්ත්‍රීන් නිර්මාණාය කළා සේම වර්තමානයේදීද වන්දනා ශිවා, අරුන්දතී රෝයි, නිවේදිතා මෙනන් වැනි විශිෂ්ට ස්ත්‍රීන් නිර්මාණය කරයි. ඒ අතර ගයාත්‍රී ස්පිවැක් ඉන්දියාව විසින් නිර්මාණය කළ සුවිශේෂ බුද්ධිමය දායාදයකි.

ගයාත්‍රි චක්වර්තී ස්පිවැක් උපදින්නේ 1942 දි කල්කටාවේදී බෙංගාලි පවුලකය.
ගයාත්‍රි ස්පිවැක් යනු ස්ත්‍රීවාදියක් මෙන්ම සාහිත්‍ය විචාරිකාවකි. එසේම පශ්චාත් යටත්විජිත අධ්‍යයන් සම්බන්ධ ලොව සිටින ඉහළම විද්වත් ස්ත්‍රියකි. 1988 දී රචනා කළ නිර්ප්‍රභූ ජනයාට කතා කළ හැකිද? (Can the Subaltern Speak? ) යන්න ඇගේ සුප්‍රසිද්ධ රචනාවයි. ඇය දර්ශනය සහ සාහිත්‍යය සම්බන්ධයෙන් ලෝකයේ සම්මාන ගණනාවකට පාත්‍ර වූ තැනැත්තියක් ද වේ. රණජිත් ගුහා විසින් ආරම්භ කරනන ලද ’‘නිර්ප්‍රභූ අධ්‍යයන කවයේ” ඇය ප්‍රධාන සමාජිකාවක් ද වූවාය. එතෙක් නිර්ප්‍රභූ අධ්‍යයනවලින් ස්ත්‍රිය දුරස් කර තැබීම පිළිබඳව ඇය සිය රචනාවෙන් ප්‍රශ්න කර සිටියාය.

ලෝකය ඇය හඳුන්වන්නේ මාක්ස්වාදී ස්ත්‍රීවාදී විසංයෝජකවරියක ලෙසිනි. එයට හේතුව නම් මාක්ස්වාදයත් ස්ත්‍රීවාදයත් එසේම ඩෙරීඩාගේ විසංයෝජනයත් ඇය සිය දර්ශනය තුළ ඉතා විශිෂ්ට ආකාරයෙන් ගැලපීම නිසාය. ඇගේ විශේෂඥතාවය නිර්ප්‍රභූ කාන්තාව පිළිබඳව වේ. විශේෂයෙන් ඉන්දියාවේ පැවති සති චාරිත්‍රය පිළිබඳ ඇය ඉහත සඳහන් ලිපියෙන් සාකච්ඡා කරයි. පසුකාලීනව නිර්ප්‍රභූ අධයයනට ප්‍රවේශව ආන්තික ස්ත්‍රීන් පිළිබඳ අධ්‍යයන කරන ලද අනුපමා රාවෝ, ලීලා ගාන්ධි ආදී බොහෝ දෙනෙකුගේ මඟ පෙන්වීම වූයේ ගයාත්‍රී ස්පිවැක්ය. ඇය ලෝකයේ කෙතරම් බලපෑම් සහගත විද්වත් කථිකාවක් නිර්මාණය කළා ද යත් ඇය ලොව විශ්වවිද්‍යාල එකොළහකින් ගෞරව ආචාර්ය උපාධි පිරිනෑමීමට බඳුන් වූවාය. ඇගේ පැනය වූයේ අවම වශයෙන් නිර්ප්‍රභූන්ට කතා කළ හැකි ද යන්නයි. එසේ නැතහොත් නිර්ප්‍රභූන්ට හඬක් ඇද්ද යන්නයි.
නිර්ප්‍රභූ අධ්‍යයන කථිකාව තුළ ඇය ඩෙරීඩාගේ විසංයෝජන රීතිය ස්ත්‍රීවාදයට සහ ගෝලීයකරණයට ගලපනු ලැබීය. එසේම ඇය ෆූකෝට මෙන්ම ඩුලූස්ට ප්‍රබල විචාරයක් ගෙන එන්නේ බලය සම්බන්ධ කථිකාවේදී තුන්වෙනි ලෝකයේ සහ යටත්විජිත කාන්තාව අත්හැරීම සම්බන්ධයෙනි.
අධිපතිවාදී ශාස්ත්‍රීය කථිකාව තුළ සහ ආනන්තීකරණය කරන ලද හඬවල් වැරදියට අර්ථකථනය කිරීම, මකා දැමීම නොසලකා හැරීම හෝ නිහඬ කිරීම සම්බන්ධයෙන් ඇය ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වය යන යෙදුම ගෙන එනු ලැබයි. එය කොලනීකරණයට විරුද්ධ සාහිත්‍යය තුළ වැදගත් යෙදුමක් ලෙස සැලකේ. මෙම යෙදුම ඇය උපුටා ගන්නේ පශ්චාත් ව්‍යුහවාදී සහ පශ්චාත් යටත් විජිත අධ්‍යයන් ඇසුරෙනන් ෆූකෝ සහ ඩෙරීඩාගෙනි.

ප්‍රචණ්ඩත්වය හැමවිටම විවෘත හා භෞතික නොවනන බවත් එය සංකේතාත්මක සහ විචාරාත්මක බවත් ඇය පෙන්වා දෙයි.
දැනුම නිපදවන පද්ධති පවතී. ඒවා විශ්වවිද්‍යාල හෝ බටහිර දර්ශනනය විය හැකියි. යටත් විජිත ආයතන හො ඉතිහාස රචනය විය හැකිය. අද වන විට ලංකාවේ ඇති සියලු විශ්වවිද්‍යාල බටහිර දර්ශනය මත හැඩගැසුණු පද්ධති වේ. මෙම බටහිර දර්ශනය පැමිණෙනන්ට පෙරද ඉතිහාසය අදිපතිවාදීය. මහානාම හිමි ලියන ඉතිහාසයේ ඉන්නේ රජවරුය. එය ප්‍රභූ ඉතිහාසයකි. ලෝකයේ සෑම තැනකම ලියවෙන්නේ ප්‍රභූ ඉතිහාසයනන්ය. මෙම අධිපතිවාදී පද්ධතිය මඟින් පීඩිත ජනයා බැහැර කිරීම නොසලකා හැරීම මෙන්ම ඔවුන් වැරදියට අර්ථකථනනය කිරීම කරනු ලබයි. මෙය ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වයයි.
යටත් විජිත දැනුම් පද්ධති මෙන්ම ජාතිකවාදී ශාස්ත්‍රීය කථිකාවන් ද අත්‍යාවශ්‍යයෙනන්ම ප්‍රභූ කේන්ද්‍රීයය. ඒ තුළ නිර්ප්‍රභූ ස්ත්‍රියට හඬක් නැත. ඔවුන්ට තමා වෙනුවෙන් කතා කිරීමට ඉඩක් දීම වෙනුවට ඔවුන්ට විරුද්ධව ඇති මතය එසේත් නැතහොත් ආන්තීකරණය තහවුරු කිරීමට හැමවිටම මේ අධිපතිවාදී ඥාන ධාරාව ක්‍රියාත්මක වෙයි.
ඇයගේ ඥානවිභාගීය ප්‍රචණ්ඩත්වය නිර්යටත්විජිතකරණ දැනුම, ගෝලීය යුක්තිය මෙන්ම ස්ත්‍රීවාදයේ අනන්තර්ඡේදනය යනන විෂයයන්වලදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම න්‍යාය අදවන විට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට බෙහෙවින් ලක්ව ඇත. එය ඔවුන්ට කතා කිරීමට ඉඩ සැලසීම පමණක් නොව හඬ නැගීමට ඉඩ නොදෙන ව්‍යුහයන් ප්‍රශ්න කිරීමට අනනුබල දෙයි.
ආන්තික හඬවල් බැහැර කරන නිහඬ කරන ඉතා සියුම් එහෙත් බලවත් ක්‍රම හෙළිදරව් කිරීමෙන් ආචාර ධර්මවල පැතිකඩක් ඇය ඉස්මතු කරන අතර ඥනයේ දේශපාලනය පිලිබද නැවත සලකා බැලීමට ඇය අපට බල කරයි. අන්තර්ග්‍රහණය යන සංකල්පයෙන් ප්‍රායෝගික භාවිතයෙන් ඔබ්බට ගොස් කාගේ දැනුම ද අපි සැලකිය යුත්තේ කාගේ හඬට ද අප සවන් දිය යුත්තේ යන රැඩිකල් ස්ථාවරය කරා අපව යොමු කරයි .

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.
දිනමිණ





