ලෝක සමුළුව ආරම්භක උළෙලේදී කළ බලගතු කතාව

2025 ජුනි 23
එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ සත්කාර රාජ්‍ය ලේකම් හෙවත් සෞඛ්‍යය කැබිනට් ඇමති Wes Streeting
විසින්
RCOG World Congress 2025
(Royal College of Obstetricians and Gynaecologists RCOG)

ලෝක සමුළුව ආරම්භක උළෙලේදී කළ බලගතු කතාවට මම සවන් දුන්නෙමි

ඔහු දුර්ලභ අවංකභාවයකින් කතා කළේය

ඔහු දරිද්‍රතාවයෙන් පෙළෙන නව යොවුන් වියේ දෙමව්පියන්ට උපත ලැබූ ආකාරය,
කවුන්සිලයේ මහල් නිවාසයක හැදී වැඩුණු ආකාරය සහ අධ්‍යාපනය හරහා ඉණිමඟ නැග ඉහලට ආ ආකාරය බෙදා ගත්තේය.
මෙම අත්දැකීම් තමා කම්කරු පක්ෂයට ගෙන ගිය බවත්,
තමාට ලැබුණු අවස්ථාව අන් අයට ලබා දෙන ක්‍රමයක් සඳහා සටන් කරන බවත් ,
සමාජය තුළ අනෙක් අයටත් එවැනි අවස්ථාවක් ලැබිය යුතුයැයි විශ්වාස කරන බවත් ,
ඔහු පැහැදිලි කළේය.

තම අතීතය පිළිබඳවු
ඔහුගේ විවෘතභාවය සහ
බිඳුණු ක්‍රමය නිවැරදි කිරීමට ඔහු දැක්වූ කැපවීම මට මහත් ආශ්වාදයක් ලබා දුනි.

ඔහුගේ කතාව නිසා
මගේ ජීවිත කතාවද ආවර්ජනය විය

මගේ පියා මට වයස හය වන විට අහිමි වූ අතර,
මගේ තරුණ මව අපව තනිවම ඇති දැඩි කළාය
මා මාතර රාහුල විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත්තා,
පසුව,
RCOG හි සහාය ඇතිව, මා 2012 දී එක්සත් රාජධානියට පැමිණියා –
ඒගැන සැමවිටම කෘතඥ වෙමි

NHS එංගලන්තය අහෝසි කිරීමේ නිර්භීත තීරණය ගැන ද ස්ට්‍රීටින් කතා කළේය.
එය මතභේදාත්මක වුවද,
එය සෞඛ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම හා වගවීම පිළිබඳ වැදගත් සංවාද විවෘත කරයි.

NHS England
අහෝසි කිරීමට හේතු:

  • අධික නිලධාරීකරණය සහ එකම කාර්ය නැවත නැවත සිදුවීම (Duplication of the same work)අඩු කිරීම
  • තේරී පත් වූ ඇමතිවරුන්ට බලය ආපසු ලබා දී වගකීම වැඩි දියුණු කිරීමට
  • ප්‍රමුඛ සෙවා සඳහා අරමුදල් යොමු කිරීමටමතු වූ කනස්සල්ල
  • සංවිධාන වෙනස්කම් වලදී විකෘතිකරණය සිදුවිය හැක
  • ඖෂධිකරණ තීරණ මත දේශපාලන බලපෑම් ඇතිවිය හැක
  • ප්‍රතිසංස්කරණය වියදමට වඩා ඉතිරිකිරීම් අවම විය හැක

මෙය විවාදභරිත පියවරක් වුවද,
රජය පිරිවැය අඩු කර රෝගීන්ට ප්‍රමුඛත්වය දිය යුතුය යන දැක්ම පෙන්වයි.

මා සැබවින්ම අගය කළ තවත් දෙයක් නම් ඔහුගේ නායකත්ව ශෛලිය.

ප්‍රශ්න හා පිළිතුරු සැසියේදී පවා

RCOG සාමාජිකයන්ගේ
සමහර ප්‍රශ්න අභියෝගාත්මක හෝ අමුතු වුවද
ඔහු සන්සුන්ව සිට
සෘජුව පිළිතුරු දුන් අතර
වඩාත් වැදගත්වන්නේ
ප්‍රවේශමෙන් සවන් දුන් අකාරයයි.
එවැනි පරිණතභාවයක් ඇති මහජන නායකයන් දුර්ලභ ය.

ශ්‍රී ලංකාවේද බොහෝ වත්මන් නායකයන් එවැනිම පහල පසුබිම් වලින් පැමිණ ඇත්තෝය.
ඔවුන්ද එවැනිම ශක්තියක් සහ අවංකභාවයක් පෙන්වමින්,
බිදවැටුන ක්‍රමය ආරක්ෂා කිරීමට නොව වෙනස් කිරීමට කැප වෙමින් ක්‍රියාකරනු ඇතයි බලාපොරොත්තු වෙමි.

ඔවුන්ද මෙවැනි පරිණත,
නායකත්වයක් පෙන්නවනු ඇතයි අවංකව බලාපොරොත්තු වෙමි

මා ඇතුළු බොහෝදෙනාගේ විවේචනවලට සවන්දීම
සහ
ඉන් ඉගෙන ගන්නා ගමන්
ඒවාට දාර්ශණිකව පිළිතුරු දීම,

විවෘතභාවය හරහා
ජනතාවගේ විශ්වාසය උපයන නායකත්වයක්
(එය විශිෂ්ට නායකත්වයේ මූලික අංගයකි)
ශ්‍රී ලංකාවේ
වර්තමාන නායකයන්ගෙන්
බලා පොරොත්තුවෙමි

පසු සටහන:
මෙම ආවර්ජනය තනිකරම පුද්ගලික වන අතර වත්මන් ශ්‍රී ලංකා රජය විවේචනය කිරීමට අදහස් නොකෙරේ.
මෙය මට ආදර්ශය වුණු නායකත්වය පිළිබඳව සිතුවිල්ලක් පමණි.

More From Author

ඒක ටිකක් පරණ ආදර කතාවක්

කතුවරයාගේ අභිලෂය මැකී යන මකා දැමූ කවි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348