පෙළක් ප්‍රේම දුඛාන්ත…..

ගැහැනු ලෝකෙට එන්නෙ ම ආදරය හන්දා මැරෙන්න තරම් ආදරයට වහ වැටුණු ජීවීන් පිරිසක් විදිහට. ඉතින් හැමදාම කරන්නේ අඩුවක් දැනෙන ආදරේ පුරව ගන්න හොයන එක.

මේ කතාවත් එහෙමයි. ඇය හැමදා ම හිත පුරා දැනෙන්න ආදරයක් හෙව්වා. ප්‍රේම වෘත්තාන්ත කිහිපයක් ඇය පහු කරල තිබ්බා. ඒත් ඇය හිටියේ ඒ නොපිරුණු අඩුව ආදරයෙන් ම පුරව ගන්න ගෑනු හීනයේ පැටළිලා

ඔය අතර ඇයට මුණ ගැහෙනවා, සමාජ මාධ්‍ය ජාලය හරහා ඇගේ හීන ලොව හිටි කතන්දර කියන්නෙක්. හරිම විනයවත්, ආදරය පිරුණු වචන විතරක් තිබුණු, අනුරාග පෙනුමකුත් එක්ක කතාවේ දක්ෂයෙක්.වගේම බුද්ධිමත් කෙනෙක්. ඉතින් ඇයට දැනෙනවා මේ තමා ඇගේ හීනවල හිටිය පිරිමියා කියල.

අපූරු දින ගෙවිල ගියා එකිනෙකාගේ ආදරේ කියා ගත්ත , තමන් කැමති දේ, තමන් හිතන විදිය, ජීවිතේ මොන වගේ ද ,රස විඳින දේවල්, හිත රිදුණු තැන්, වගේ මාතෘකා එක්ක.

ඔය අතරෙ ඔහු ඇයව මුණගැහෙනවා වාහනේ හා කොෆී ෂොප්වල .ඔහුගෙ කිසිම කලබලයක් ඇය දැක්කේ නෑ ,ඇයව කාමරයකට ගෙනියන්න. ඉතින් මේ ඇත්තටම හොඳ කෙනෙක් ඇයට දැනුණා.

මෙලෙස විශ්වාසය දැඩි වෙද්දී කතාබහ උනත් පෞද්ගලික දේට විවෘත වුණා. එදිනෙදා සිදුවන ,කරන හැමදේම එකිනෙකාට විවෘත වුණා. ක්‍රමයෙන් ඔහුගේ පණිවිඩ සංවාද වැඩිපුර ලිංගික කාරණා කතා කරන පැත්තට හැරුණා.

ඉතින් ඔහු හෙමින් ඇගේ ඇඟුම් අවදි කරමින් හිටියා. තමාගේ හැම හීනයක් ම බෙදා ගන්න සුදුසුයි කියා ඇයට ඔහු ගැන හිතෙන තැනට හැම දෙයින්ම ඔහු ඇගේ හිතේ විශ්වාසය තහවුරු කර තිබුණා.

ඉතින් දෙදෙනා තනිව හමුවන දිනක් කතා කරගත්තා. ඔහු එක්ක තනිවෙන්න සුන්දර හීනයක් ඇය දකිමින් හිටියා. තමා කැමති ම පිරිමියා ළඟ තම හැඟීමුත් සිරුරත් නිරුවත් කර දැමීම කියන්නේ ම ගැහැනු හිතක උපරිමය.

ඇය ලෙහෙසියෙන් එතැනට එන්නෙත් නෑ. තමාට ගැඹුරින් දැනෙන්නෙක් ළඟ ඇය එය නොකරන්නෙත් නෑ.

ඉතින් ඒ දිනයට තව දින දෙක තුනක් ඉතිරිව තිබ්බා. ඒ අපූරු මොහොත ගැන ඔවුන් අතර දිනෙක පණිවිඩ හුවමාරු වෙනවා.

” මම ආස ම ඔයාගේ පපුවට තුරුළු වෙලා ඉන්න ,මට ඕන ඔයාව මම විතරක් දකින්න, ඔයා ළඟ මම විතරක් ඉන්න”

ඒ ළදරු ගෑනු ආශාව ඇය කියද්දි ඔහුට තිබ්බේ හාත්පස අනෙකක්….

මෙතෙක් ඔහු නොකී ඔහුගේ හැබෑම කැමැත්ත ඔහු මේ වෙලාවෙ ඇයට කියනවා.

“මම ආස ම ඔයා වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරද්දි බලන් ඉන්න”

ඇගේ පපුව මොහොතකට නැවතුණා. ආදරය කියන වචන හතර පාවිච්චි නොකළ යුතු, ප්‍රේමයක් අහලකවත් නැති, ප්‍රේමවන්ත වෙස් මූණ යට හිටි ඔහුගේ විකෘති තිරිසන් මිනිසා ඇය දකිනවා.

තමාට කිසි ආදරයක් ගෞරවයක් නැති මිනිසෙකු ළඟ තමා ලිංගික භාණ්ඩයක් බවට පත්වීම දශමයෙන් නැවතී ඇති බව ඇය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

තමා කාගේවත් නොව තමාගේ ය “
ප්‍රේමය ලොව හැම තැනම ඇතැයි කීවාට එය එසේ නැත.

(සත්‍ය කතාවක් ඇසුරිනි)

More From Author

පාරිභෝගික තෘප්තිය

ට්‍රම්ප් සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසු ව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම දිගටම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348