මිත්‍රවරුනි පරිස්සමෙන්

විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍රයෙක් හිටියා මිනිහා මතවාදීමය වශයෙන් ජාතිකවාදියෙක් වගේම දක්ෂිණාංශිකයෙක්. හැබැයි පෙනීහිටියේ (දන්න තරමින් අදටත් පෙනී ඉන්නේ) වාමාංශිකයෙක් විදිහට. පොරගේ පරමාදර්ශී වීරයෙක් විදිහට පොර සැලකුවේ ඊෂාක් රාබින්.

Yitzhak rabin

මම මිනිහගෙන් ඇහුවා ‘ඇයි උඹ රාබින්ට ඔච්චර කැමති‘ කියලා. මිනිහා දීපු උත්තරේ සාරාංශය තමයි, ‘මචං ඊශ්‍රායල් කාරයෝ කියන්නේ නාසින් විසින් සමූලඝාතනය කරාට පස්සේ ඒකේ අළු මතින් නැගිටපු ජාතියක්. රාබින් කියන්නේ දවස් හයක් ඇතුලේ මුළු අරාබියම දණගස්සපු පොරක්‘ කියලා. ඊශ්‍රායලය බිහිවීම හා එහි දේශපාලන-සංස්කෘතික ඉතිහාසය ගැන හරියට හැදෑරීමක් නැති බහුතරයක් උදවිය ඊශ්‍රායලයට සහය දෙන්නේ ඔය වගේ පදනමකින්. හැබැයි ඇත්තටම ගත්තොත් ඊශ්‍රායලය කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සියෝන්වාදය හරහා මැදපෙරදිග ස්ථාපන කරපු බටහිර දේශපාලන-සංස්කෘතික ව්‍යාපෘතියේ ඒජන්තවරයා. ඇත්තටම ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව කරන ජන සංහාරයට විරුද්ධ වෙන්න අපේ රටේ වාම-වේශධාරී දේශපාලකයන්ටත් බැරිවෙලා තියෙන්නේ සමහරවිට මේ කාරණය හරිහැටි ලිහාගන්න බැරි නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තං පලස්තීන විමුක්තිය වෙනුවෙන් පෙනීසිටීම තමන්ගේ දේශපාලන අනාගතයට හානියක් බවට ඔවුන් හිතපු නිසා වෙන්නත් පුලුවන්. කොහාම නමුත් ඊශ්‍රායලය නියෝජනය කරන්නේ පීඩකයාගේ භූමිකාව. පීඩකයාට එරෙහි වෙනවා වෙනුවට පීඩකයාට ආලය කිරීම අපේ වගේ උත්තරාරෝපිත ධනේෂ්වර සමාජයක මිනිස්සුන්ගේ ජානගතවෙලා කියලයි මට නම් හිතෙන්නේ. ඒ නිසා ජාතිවාදී, වර්ගවාදී, ස්වෝත්තමවාදී දේශපාලනයට අපි ඉතා ඉක්මනින් නිරාවරණය වෙනවා. ඒ නිසා මිත්‍රවරුනි පරිස්සමෙන්.

More From Author

ප්‍රවීණ  සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයාගේ නව කෘති ද්විත්වයක් වන රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන යන ග්‍රන්ථ දෙක මහනුවර නගරයේ එළිදැක්වීම…

ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව යළි කැඳවීම මේ මස 27 දින

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348