සතුට සහා ප්‍රේමය

උදේ හවස මුහුනු පොතේ උඩට පහලට යද්දි දැනෙන්න ලියන ලස්සනට ලියන හොගාක් තැන් වල අපි නවතිනවා. ඒ ඒ වෙලාවට අපි ඉන්න feel එකට set වෙන ලස්සන තැන් වල නවතිනවා..ඒවා ජීවිතේට අරගන්නවා..

මගෙන් ඉස්සර කවුරු හරී ඇහුවොත් ඔයාට ජිවිතේ ඔනීම දේ මොකද්ද කියලා(ඔක්සිජන් වතුර කෑම ඇරුනම ) මං කියුවේම ආදරය කියලා.. ඒත් පස්සෙ කාලෙ ජීවිතේ වෙන හැල හැප්පීම් වලදී මං අහපහු හැරිලා හිතලා තියන දේ තමයි ඇත්තටම ජිවත් වෙන්න ඔනී මොනාද??
මට අනූව “සතුට”
මේ වචනය අස්සේ හොගක් දේවල් තියනවා..ආදරය එක්ක හොද ආර්ථිකයක් නැතුව සතුටෙන් ඉන්න පුළුවන් ද?? පවුල් පන්සල් වෙලා දරුවෝ බඩගින්නේ අඩද්දි ආදරේ විතරක් ඇතිද.. පුංචි තැනකින් පටන් අරන් පොඩ්ඩ පොඩ්ඩ හරි උඩට ආපු ආදර කතා තියනවා.. ඒ හැම දේකදීම හොයන්නේ සතුට…

කවි කතා ලියන අපි අසම්මත ප්‍රේමය ගැන ලස්සන වචන ලියුවට ඒක සතුටක් ද?? තමන් ආදරෙ කරන ගැහැනිය පිරිමියා වෙන කෙනෙක් එක්ක යහන් ගත වීම සතුටක් ද??
අහිමිවීම ප්‍රේමය කියලා කතන්දර කියුවට අහිමි වීම සතුටක් ද.. අහිමි වෙන්නේ අපි අහිමි කරගත්තොත් සාදාරන හේතු සහගත වෙන්වීම්.. එහෙම නොවෙන තැන් වල ආදරේ නම් අපි රැක ගන්නවා.. මානසිකව කායිකක වද බන්දන වල විවාහ සහතිකේ රැකගෙන හූල්ලන ජීවිත සතුටක් ද?? හූල්ල හූල්ල උසාවි වල දික්කසාදය ඉල්ලන අය ඒක කරන්නේ සතුටෙන් ද??

විස්වාස කරන්න ජීවිතේ විදින්න කියලා ලෝක දර්මතාවටට පිටින් යන හොගක් අය රෑට නිදි නෑ.හොද හෘද සාක්ෂිය එක්ක යටි හිතෙන් තමන් තමන්ටම සාප කරගන්නවා..එක තරම් මානසික වදයක් තව තියනව ද??

මං සතුටු වෙන විදිහට නෙවෙයි තවකෙනෙක් සතුටු වෙන්නේ.. මං කැමති කෑම නෙවෙයි තව කෙනෙක් කන්න කැමති. ඉතිං අපි කොහොම ද තව අයට judgment දෙන්නේ..
රොටියක් කලා ප්ලේන්ටියක් බිලා බයිසිලේ යන එක ජීවිතේ කියලා අපි පෝස්ට් ශෙයාර් කරාට අනෝර වැස්සේ රත්නපුර වගේ පැත්තකින් ආදරෙ හෝයා ගත්තොත් ඒකේ සතුට වෙනස් විදිහට විදී.. BMW එකේ රවුමක් යද්දි නෝනා එක්ක එයාගේ පවුලට බැන බැන යනවා නම් ඒ සතුට වෙනම දෙයක්..

ඉතිං සල්ලි අස්සේ වත් සල්ලි නැති තැනවත් ආදරේ තියනවා නෑ කියලා අපිට කියන්න බෑ.. අපිට බෑ තිරන දෙන්න..

ජිවිතේට කාලෙකදි දැනුන කෙනෙක් දවසක් කියුවා “සල්ලි එක්ක ගනුදෙනු කරන්න් ඔනී මිනිස්සුන්ගේ හැටි දැනගන්න කියලා”ඔව් සමහර අය සල්ලි තෝර ගන්නවා.. ඒක එයාලා සතුටු වෙන විදිහ.
අපි තෝර ගන්නේ අපිට වටිනම දේ..

අතේ ඇගිලි පහා එක වගේ නෑ වගේම තමයි අපි එක එක්කෙනාගේ අවශ්‍යතා අපි එක එක්කෙනාගේ ගතිගුන..වෙනස් වෙන්නේ..
ඉතිං ජිවිතේ විදින්න සතුට හොයා ගෙන යන ගමනෙදි අතාරින්න ඔනී රිදෙන බැදීම් අතඅරින්නත්.. රිදි රිදි හරී රැකගෙන සතුට හොයන බැදිම් ශක්තිමත් කරගන්නත් බුද්ධිමත් වෙන්න ඔනී.

සම්බන්ද කමක් අස්සේ අනිත් කෙනා සතුටෙන් තියන්න උත්සහා කරන්න තැන් හරි ලස්සනයි සාර්ථකයි..මේක දෙපැත්තටම පොදුයි..

මොකද මේ ජිවිතේ හරී කෙටි..එක තියන්නේ විදින්න..මුහුනු පොතේ වත් සෙලියුලෝට් පට අස්සේ ලියවුන ලස්සන කවි කතා අස්සෙවත් නෙවේ.. අපි අපි වෙලා බලන තැන දී..සමාජ සම්මුතියටට නෙවේ.. ලෝක දර්මතාවටට සම්මත වෙලා.. හිතට එකගයි කියන තැනදී
“සතුට “හොයා ගන්න

මොකද සතුට අස්සේ හැමදේම තියනවා…ජීවිතේ අස්සේ සතුට හොයන්න..

More From Author

ඩොමිනික් චන්ද්‍රසාලි:අසම්මත කවි සිතුවම

ආචාර්ය ඉරෝමි ආරියරත්න විසින් රචිත “පැතුම් ඉදිකඩ” කෙටි කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම (ජුලි 04)

Leave a Reply

Categories

LDM Columns