ගුවන් යානයක් ගමන් ආරම්භ කිරීමේදී සහ ගමන් නිමා කිරීමේදී කවුළු (window shades) විවෘතව තබන්නේ ඇයි?

මට සෑහෙන්න කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුනා flights take off කරනකොටයි landing කරනකොටයි බලෙන්ම වගේ windows අරින්නේ ඇයි කියලා. Air hostess ලා තදටම බලකරනවා නේ windows open කරන්න කියලා. දැවසක් මම අපේ Sri lankan එකේ cabin crew නංගි කෙනෙක්ගෙන් මම ඇහුවා ඒකට හේතුව මොකක්ද කියන එක. එයා තමයි කිව්වේ ඕනෑම flight එකක take off එක සහ landing එක තමයි critical ම.

ඒ දෙකේදී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒකට පෙර සූදානමක් ලෙස තමයි windows open කරන්නේ. එලියට ඇතුල පැහැදිලිව පේන්න කියලා. ඕක තමයි මට ලැබුනු උත්තරේ.

ඇත්තටම ගුවන් අනතුරු ගොඩාක් වෙන්නේ මේ අවස්ථා දෙකේදිනේ. උඩදි මිසයිල පාරක් වැදුනොත් වගේ ඇරෙන්න අනතුරක් වෙලා තියන අවස්ථා සෑහෙන්න අඩුයි.

ඊයේ සිද්ධ වෙච්ච ගුවන් අනතුරට හේතුව තියා black box එකවත් මම හිතන්නේ තාම හොයාගෙන නැති පසුබිමක BBC ය ගුවන් ගමන් විශේෂඥයන්ට වගේම pilots ලා සැලකිය යුතු ප්‍රමාණයකට කතා කරමින් ඊයේ සිද්ධ වෙච්ච අනතුරට ඇත්තම හේතුව මොකක් වෙන්න පුළුවන්ද කියලා විශ්ලේශනය කරලා තියනවා. වීඩියෝ එකේ පේන විදියට ගුවන් යානය ඉහළ නගින්න අරගලයක් කරන ආකාරයක් පේන නිසා ඒ මත පදනම්ව තමයි ඒ හේතු සලකලා බලලා තියෙන්නේ.

විය හැකි එක හේතුවක් විදියට කියන්නේ එංජින් දෙකම එකවර ක්‍රියාවිරහිත වීම. උඩදි එහෙම ක්‍රියාවිරහිත උනොත් pilot ලාට ඒකට ප්‍රතිචාර දක්වන්න අවස්ථිවක් තිබුනත් take off එකේදී එහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් පයිලට්ලට කරගන්න දෙයක් නැති වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. හැබැයි එහෙම ඉංජින් දෙකම ක්‍රියා විරහිතවීම ඉතාම දුර්ලභ සිදුවීමක් බවත් ඔවුන් කියනවා.

ප්‍රධාන පද්ධතියෙන් ඉංජින් ක්‍රියාත්මක නොවුනත් sub system එකක් තියනවා කියනවා ඒකට ප්‍රතිචාර දක්වන්න. ඒ සියල්ල එකට වැඩ නොකිරීම සෑහෙන්න සිදු නොවිය හැකි දෙයක් බවයි ඔවුන්ගේ මතය.

අවසානයට එහෙම සිදුවීමක් වෙලා තියෙන්නේ 2009 යේ සුප්‍රසිද්ධ Hudson ගගට බාපු සිදුවීම.

ඊළග එක තමයි කුරුල්ලන් ගැටීම (Bird strikes). විය හැකි අවස්ථාවක් ලෙස ඉන්දියානු විශේෂඥයන් කියනවා. විශේෂයෙන්ම අනතුර සිදුවූ අහමදාබාද් ගුවන් තොටුපළ කුරුළු ගැටීම් සදහා ඉතාම ප්‍රසිද්ධ බව ප්‍රකාශ වෙනවා.

අහමදාබාද් පිහිටා ඇති ගුජරාට් ප්‍රාන්තයේ පසුගිය වසර පහ තුළ Bird strikes සිදුවීම් 462 ක් වාර්තා වෙලා තියන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් සිදුවෙලා තියෙන්නේ අහමදාබාද් ගුවන් තොටුපළේ දී. ඒ වගේම ගිය අවුරුද්දේ දකුණු කොරියාවෙදි 179 දෙනෙකුට මරු කැදවමින් වෙච්ච ගුවන් අනතුරත් කුරුල්ලන් ගැටීම නිසා වෙච්ච සිදුවීමක්. ඒ නිසා ඒ වගේ සිද්ධියකට වැඩි බරක් තියනවා.

අවසාන විය හැකි හේතුව විදියට BBC ය සැක පල කරන්නේ flight එකේ flaps හරියට සකස් කරලා නොතිබීම. ගුවන් යානයේ තටු දෙක පිටිපස්සේ තියන flaps ගුවන් නියමුවන් විසින් අවස්ථාව අනුව පෙර සකසා ගන්න ඕනි. Take off එකට ඒක ඉතිම වැදගත්. යානයේ බර, සුළග, ඉන්ධන ප්‍රමාණය වගේ ඒවා එක්ක ඒවා නිසි පරිදි ඒවා සකස් නොවුනොත් ෆ්ලයිට් එක ඉහල නැගීමේදි ඒක ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් ගුවන් පැය 9000 කට වඩා ඒකාබද්ධ අත්දැකීම් තියන ගුවන් නියමුවන් දෙදෙනෙක් අතින් එහෙම වැරැද්දක් වීමට තියන ඉඩකඩත් අඩුයි කියලා ගුවන් නියමුවන් කණ්ඩායමක් යෝජනා කරනවා.

කොහොම උනත් අදටත් ලෝකයේ තියන ආරක්ෂිතම මගී ප්‍රවාහන ක්‍රමය විදියට සැලකෙන්නේ ගුවන් මගී ප්‍රවාහනය. දිනකට ගමන් කරන ගුවන් මගීන් සංඛාව හා ගුවන් සැතපුම් සංඛාවත් එක්ක බැලුවම සිදුවන අනතුරු ඉතාම දුර්ලභ ලෙස සැලකෙනවා. ඒත් අනතුරක් සිදු උනොත් එයින් වන විනාශය ඉතාම ඉහළයි.

More From Author

මහ මඟ ලිංගික හිංසන

ඈ වෘත්තීමය ආදරවන්තියෙක්…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348