මේ තියෙන්නේ ඉතාලියේ ඓතිහාසික ඡායාරූපයක් 1946 ජනමත විචාරණයෙන් ඉතාලියේ ජනරජයක් බවට පරිවර්තනය වීමෙන් පසුව ගත් ඡායාරූපයක් . මිලානෝ Piazza Cavour වලදී ඉතාලියේ ජනමත විචාරණයෙන් ජනරජයක් බවට පත් කරන්න ජනතාවගේ කැමැත්ත ලැබුණු බව ප්‍රධාන පුවත ලෙස ඉතාලියේ ප්‍රසිද්ධ පුවත්පතක් වන Corriere della Sera පුවත්පතේ පළ කරලා තිබෙනවා . එම පුවත්පතේ පල වී තිබෙන ඉතාලිය ජනරජයක් බවට පත්වුනා කියන ශීර්ෂය ඉතිරි කර පුවත්පත් පිටුව ඉරා එය තුළින් තමන්ගේ මුහුණ එළියට දමා සිටීම තුළින් ඇය කියන්නේ ඉතාලියේ ජනරජයක් බවට පත්වන විට කාන්තාවන්ටද සුවිශේෂී වටිනාකමක් ලැබුණු බවයි . එනම් ඉතාලියේ කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබීමේ ඓතිහාසික අවස්ථාවයි.

හිල්මි සුපුන්-Hilmi Supun





