අපේ දරුවෝ

දුර  ගමනක් ගියා. ඒ කැබිතිගොල්ලෑව අතිශය දුෂ්කර පාසලක කුඩා දූ දරුවන් දකින්නට.

ඒ දරුවෝ ස්වභාවික මල්,  කොළ එකතු කරගෙන හදපු, ආදර සුවඳින් පිරූණ මල් කලඹක් දීලා අපිව පිළිගත්තේ හරීම උනුසුම්ව.

නාගරික ප්‍රදේශවල දරු දැරියන්ට තියෙන අවම පහසුකම් වලටත් වඩා අඩු පහසුකම් සහිතව අකුරු කරන මේ දරු දැරියන්ගේ කුසලතා හරි ඉහලයි.

පාසලට ඇතුලු වන තැනම ගසක අත්තක මෙවර දරුවන් දෙදෙනෙක්  පහ වසර ශිෂ්‍යත්වය විභාගය සමත් බව දන්වන පුවරුවක් එල්ලා තිබුණා.

ඒ  පුංචි මූණු වල මම දැක්කේ අනාගතයේ රටේ මහ ඉහලින් ඉන්න තියෙන වාසනාව.

ඒ තරමට ඒ මූණූ බලාපොරොත්තු සහගතයි. දරාගැනීම, උපරිමය තුලයි පවතින්නේ.  පවත්නා තත්වයන් තුල ඔවුන් දැනටත් ඉන්නේ හුගාක් ඉහලිනුයි.

සබකෝලය නොහඳුනන පරිදි හැසිරුන ඒ කුඩා දරුවන් ඔවුන්ගේ දක්ෂතා අපට පෙන්වීමට වේදිකාව මතට නැගුනේ ද ඉතාම ක්‍රියාශීලීව යි.

අගහිඟකම් ඇතිද ඒ දරුවෝ හැකියාවන්ගෙන් සුපෝෂිතයි.

රූප පෙට්ටියේ දැක ඇති මුත් ඔවුන් රස නොබැලූ කුඩා දරුවන් ප්‍රිය කරන ආහාර කිහිපයක් රැගෙන ගිය මේ ගමන මගේ සිතිවිලි වෙනස් මානයන් ඔස්සේ රැගෙන යාමට ලොකුම හේතුව වූ බව අනාගතයේ දිනක ලියන්නට මට හැකි වනු ඇත.

නැන්දේ කියන අව්‍යාජ ආදරණීය ඇමතුම අපි වෙනුවෙන් භාවිතා කල දරුවන් ඉතාම කෙළිලොල් ය. ප්‍රියමනාප සිනා මලක් ඒ මුණු වල පිපී දිලෙනු දුටු මගේ ජංගම දුරකථනය වහා ක්‍රියාත්මක විය. සෑම කුඩා නිමේෂයක්ම ඡායාරූපයකට නැංවීම අපහසුය. එසේ හෙයින් වීඩියෝ කොටස් කිහිපයකට ඒවා හසු කර ගැනීමට උත්සාහ කළෙමි. 

දෑසින් දැක හදවතේ ඇඳුන නේක සිතිවිලි  රූප රාමු තුල නොමැත. ඒ දෑසින් දැකිය යුතුම යයි හැඟෙන්නේ එසේ හෙයිනි.

ලියන්නට බොහොම දේවල් හිතේ පෙල ගැසී ඇති මුත් දැකීමෙන් යමක් අවබෝධ කොට ගන්නේ නම් කොච්චර නම් අගනේද?

එවන් මල් පිපී හාත්පස සුවඳ පතූරන කම් බලාගන්න ඔබට මට පුලුවන් නම්..

අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා. ඕන කරන්නේ අවශ්‍යතාවය විතරමයි.

More From Author

අදත් අපි නොදඩාම ඉන්නව

සිංහල සිනමාවේ හෘද සාක්ෂිය: මාලිනී ෆොන්සේකාගේ නොනවතින සිනමා උරුමය

Leave a Reply

Categories

LDM Columns