මෙි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවන්නෙ අපේ ඇස් ඉදිරිපිට

මේ වෙද්දි ගාසා තීරයේ විදුලිය නෑ. ඉන්ධන නෑ. ඇම්බියුලන්ස් රථ ධාවනය වෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයෙන් ඉතුරැව ඇති ටිකත් කඩා වැටෙන්න නියමිතයි. මේ වෙද්දි ජල සැපයුම අත් හිටුවලා. කෑම, මානුෂීය ආධාර ලබාගන්න තියෙන දොරටු ඔක්කොම බ්ලොක් කරලා.

මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිද්දවෙන්නේ අපේ ඇස් ඉදිරිපිට. සිවිල් වැසියන්ගේ ජීවිත මේ විදිහට විනාශ කරන එක ජාත්‍යන්තර යුධ නීතියට පටහැණියි.

ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර විදිහට හඳුන්වන ගාසා තීරයේ ජනගහණයෙන් බාගයක්ම දරැවෝ.

මිලියන 4.9ක් වුන පලස්තීන ජනතාව අතර මිලියන 2.39ක දරැවන්ගෙන් 91%ක් පශ්චාත් කම්පන ආතතියෙන් පීඩා විඳිනවා. 62%ක් මානසික අවපීඩනයෙන් සහ කාංසාවෙන් පීඩා විඳිනවා. ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් 56%ක් දුගී ජනතාව. එහි වතුරෙන් 97%ක්ම බීමට නුසුදුසුයි. ජනගහණයෙන් 80%ක්ම යැපෙන්නේ මානුෂීය ආධාර මත. රැඳවුම් භාරයේ ඉන්න පලස්තීන දරැවන්ගෙන් 85%ක්ම ශාරීරික වද බන්ධන වලට ලක්වෙලා තියනවා.

ලෝකයේ ජනඝණත්වය අධිකම ප්‍රදේශයක් වෙච්ච ගාසා තීරයේ වර්ග සැතපුමක මිනිස්සු 21,030ක් විතර ඉන්නවා.

මිනීමැරුම් සීමා වෙන්නේ වෙඩි තැබීම්, බෝම්බ හෙලීම් වලට විතරක් නෙවෙයි. ආත්මාභිමානයෙන් යුතු ජීවිතයකට ඉඩ නොදෙන, මූලික අවශ්‍යතා අහුරලා කරන මිනීමැරුම් වැටෙන්නෙත් ඒ හා සමානම කුරිරු අපරාධ ගණයට.

මේ කිසි දෙයක් පහුගිය දවස් කිහිපයේදි ඇතිවුන තත්වයන් නෙවෙයි. ඊස්රායෙල් අත්පත් කරගැනීම යටතේ පලස්තීන ජනතාව අත් විඳින බෝම්බ හෙලීම්, වෙඩි තැබීම්, බලහත්කාරයෙන් පැහැරගෙන යාම්, ස්ත්‍රී දූෂණ, ඉඩම් අත්පත් කරගැනීම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ක්ෂමා සංවිධානය වගේ ආයතන පළ කරපු වාර්තා ඕන තරම් තියෙනවා.

ඒ අතරේ මේ ගැටුම් වලදි දිගින් දිගටම ස්ත්‍රී දූෂණය සහ ලිංගික හිංසනය යුධ උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන බවත් වාර්තා වෙනවා.

නමුත් දවස් කීපයකට කලින් ලෝකයේ අවධානය ගාසා තීරයට යොමු වෙන්නේ හමාස් සංවිධානය ඊස්රායෙල් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයත් එක්ක. ඒ අමානුෂික ප්‍රහාරය සිදු නොවිය යුතුව තිබුණ, කිසිසේත්ම අනුමත කල නොහැක්කක්.

ඒත් ඒ හා සමානම කුරිරු අපරාධ හැමදාමත් වගේ ගාසා තීරයේ දරැවෝ, මිනිස්සු දශක ගාණක් තිස්සේ අත් විඳිද්දි ඒවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල අවධානයට ලක් නොවුනේ ඇයි කියන වැදගත්ම ප්‍රශ්නෙ අපි අහන්නම ඕනේ.

“බලවතුන් සහ බල රහිත අය අතර ගැටුමකදි අත් පිහදාගෙන පැත්තකට වෙනවා නම් අපි හිටගෙන ඉන්නේ බලවතුන්ගේ පැත්තේ මිසක් මධ්‍යස්ථ තැනක නෙවෙයි.” මේ ගාසා තීරයේ බිත්තියක Banksy ලියපු වචන.

Gaza  with Humaniti – Urgent Relief Needed   

More From Author

මධුමලි නිලක්ෂි බණ්ඩාර ලියූ කෘතියක් – “භාරතයෙන් විහිදුණු ප්‍රභාශ්වරය.”

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 9 – 2

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348