ඔබය… ඔබමය… ඔබටමය….

නිතර දුක දැනෙන විට සිතට සුවයක් හදන්න
මිතුර කැඩපත ඉදිරියේ මුහුණ පොඩ්ඩක් බලන්න
උදුර ගත්තේ ඔබගෙ සැනසුම කවුද කියලා බලන්න
අඳුර ගන්නට වෙලා යන්නෑ ඒ ඔබම නොවැ බලන්න!

අහස ඉර හඳ එසේම යි නෑ කිසි වෙනස්වීමක් දකින්න
පවස නිවනා ජලය කෙතරම් නිශ්චලද කියලා බලන්න
පහස සොයනා සියලු දේවල් සිතින් මකලා දමන්න
රහස නිතරම නොකැළඹීමයි සිතට අරගෙන බලන්න!

අවට ගහ කොළ ඔබට ලංවෙයි ඔබේ තනිකම මකන්න
ලොවට කිරණින් සුවය දෙන හිරුට සඳුටම ඔබේ සෙනෙහස පුදන්න
සිතට දැනෙනවා කවුරු නැතුවත් ජීවිතේ සුව විඳින්න
ඔබට ඔබමය සිතත් ඔබගෙය ආදරෙන් ඔබ රැකෙන්න!

More From Author

සෙංකඩගල කසළ බැහැර කිරීමෙිදී රතු තරුවට මොකද වුනේ ?

ඇස් දොළහක් හය විධිහක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348