කළු ඉර

මගේ කුඩා දියණිය
ඇඳ තිබුනා චිත්‍රයක්
ගල් අඟුරුවන් කළුම කළු ඉරක්
තැඹිලි පාටින් රැස් කිහිපයක්
වටේ විහිදෙන
මම වෛද්‍යවරයෙකුට පෙන් වීය චිත්‍රය
ඔහු හිස වැනුවේය – මෙසේ පැවසීය
ඒ අසරණී ගැන මම සැක කරනවා.
ඇය දුක්බර සිතිවිල්ලකින් පීඩා විඳිනවා.
ඇයට පෙනෙන්නේ සියල්ල කළු පැහැයෙන්.
තියෙන තත්ත්වය හොඳයි
ඇය පෙනීමේ දෝෂයක් සහිතයි
අක්ෂි වෛද්‍යවරයෙක් වෙත ගෙන යන්න
වෛද්‍යවරයා මෙසේද පැවසීය
මම බියෙන් මිය යමින් සිටිමි .
පසුව මම හොඳින් බැලුවෙමි කඩදාසියේ පහත
එහි කුඩා අකුරෙන් ලියා තිබුණි «සූර්ග්‍රහණයක් ».

1964 දී ජාන්නී රොදාරි බෘනෝ මොනාරිගේ චිත්‍ර සමඟ “දෝෂ සහිත පොත” ලෙස නම් කළ කවි කතන්දර ඇතුළත් ළමා කතා පොත ජනගත කරනවා . මේ පොත කොටස් තුනකින් සමන්විත වෙනවා . පළමු කොටස රතු වැරදි ලෙස නම් කර තියෙනවා. දෙවන කොටස නිල් වැරදි ලෙස නම් කර තියෙනවා. තුන්වන කොටසින් කියන්නේ වැරදි සොයා ගන්න. එහි කවි කතා හැත්තෑවක් පමණ ඇතුලත් .

  • අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ “දෝෂ සහිත පොතේ නිල් වැරදි කොටසේ එන “කළු හිරු” නම් කාව්‍යයි

More From Author

එංගලන්තයේ මගේ පළමු මිතුරා

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2

Leave a Reply

Categories

LDM Columns