දාර්ශනික – ඇරිස්ටෝටල්

තරමක  පිස්සු  ගතියක්  නොවේනම් යමෙක් තුළින් මහ විශාල  ප්‍රතිභාවක්  නිර්මාණය නොවෙයි.  

දාර්ශනික-ඇරිස්ටෝටල්

මා සිත, මගේ සිහින  තුළ සැමවිටම අවදියෙනි.

රසිකයන්  හිඟ  වූ  ඒ  කලාගාරය  සැමවිටම  පාහේ  නිහඬ ය.

නිහැඬියාවට  සවන් දෙන්නට  අවැසි වූ විට  මා යාමට  පුරුදු වී  සිටියේ  මේ  සෞන්දර්‍ය්යේ  නවාතැන  වෙතය.

ඒ වැහිබර සැඳෑවේ,  හුදෙකලාව ම  මා වැහි තුහින යටින් ඉක්මන් ගමනින්  පැමිණ ඒ  කලාගාරයට   පිවිසි  කළ,   බිත්තියේ  රාමුවෙන් පිටතට පැම්ණ සිටි  රුව නාරියක, මා දැක්කාත්  නො දැක්කා සේ  ගැලරියෙහි  මා පියමනින  බිම්තීරුවට පිවිස   ගමනට  බාධා වන  පරිදි රැඳී  සිටියා ය.

ඒ  මොහොත  සැබැවින් ම  ස්ත්‍රිය  බඹසරට  කිළුටකැ’යි  කී  පළමු  යෝගියාට  ශාප  කළයුතු  නිමේෂයකි

ඒ  කාරණා දෙකක්  නිසාය.

එක.   සෞන්දර්‍ය්යයේ  තිර  නවාතැන  ස්ත්‍රිත්වයේ  අනූපම සුන්දරත්වය    පමණක් ම  බව  මා  විශ්වාස කරන බැවින් හා  ඇය  මේ  මොහොතේ ඒ  වග  සනාථ කරමින් සිටි  බැවිනි.

දෙක.  ජීවිතය  ඇත්තේ  විඳින්ට නම්, ගිහි ජීවිතයට

බ්‍රහ්මචර්‍යාව අහවල් එහෙකටදැ’යි  තේරුම් ගත නොහැකි  බැවිනි.

බාදාව ළඟ සිටගත් මම  ඇය මග හැර යන්නට  උත්සාහ  නො කරම්න් ඕ  කවුරුන්දැයි තේරුම්  ගන්නට  යන්ත දරමින්  සිටියෙමි    .

එවිට  මා දුටුවේ  ඕ  තොමෝ,  මේ  කලාගාරයේ  කැණිමඬල  සෑදූ  වඩුවා කොහිදැ’යි සොයන්නාක්  මෙන්,

කිසිවක්  නොපෙනෙන තරමට  අඩවන්  කරගත්, පිටත අඳුන්  තැවරූ ඈසින් යුතුව හිස  මදක්  ඉහළට  ඔසවාගෙන වෙනත්  අරමුණක  සිටින  නිසොල්මන් ඉරියව්වකි .

ඒ හෙයින් ම  මනාසේ  නිරාවරණය වූ ඇත් දළ පැහැ සිහින් දිගටි ගෙල පහත තුන් ඉරි මතුවී  තිබිණ

දෙඅදර විලිකුන් සුරත් පල යැයි කී කවියකුගේ සිතුවිල්ල  සිහිපත් කළ ඒ රත් පැහැ දෙතොල මඳක් විවරව තිබූ අතර එ ඉරියව්වෙන් මතු කළ නුරාව , කවි සිතුවිළි තුළ සඟවා ගන්නවා හැර, ඉන් ඔබ්බට  නොයායුතු  විය.

ඒ  නළල් තලය කුමකට අඩ සඳට උවම් කරම් ද.එහි අඩක් වසා පහළට වැටුණු කියුඹු රොදවල චමත්කාරය විඳ ගැනුම  පමණක්  නොසෑහේද.

මා මේ  අපූර්ව නිර්මිතය  විඳගනිම්න්  සිටියදී, මේ රාමුවෙන්  පැන්න  යුවතිය    නිහඬතාව බිඳ දැමුවාය.

”  මා මෙන් ම  ඔබත්  කිසිවක් සොයමින්  මෙහි  කල් මරණවා ද?”

”  ඔබ කුමක් සොයනවාදැ’යි මා දන්නේ නැහැයි.  කියමින්  මම ඇරඹුවෙමි

මට නම්  ඇත්තේ මට පමණක්  අනන්‍ය වූ එකම අරමුණක්  පමණි.  ඒ  ප්‍රේමණීය  මිනිසුන්  තැනීමට හැකි එකම  දේ  කිරීමයි .මා  ඒ  වෙනුවෙන්  දැඩි කැපවිමක යෙදී සිටිනවා. මා මේ ජීවිත  කාලයෙන් හරි අඩක් කැප කළේ  ඒකටයි. සමහරවිට  මේ  සංසාරයේ  මට පැවරුණු  කාරිය  ඒක වෙන්න  ඇති.  ඒත් දැන් මට ලොකු වෙහෙසක් දැනෙනවා. කලාගාරයක ස්වල්ප කාලයක් රස්තියාදු වුනහම ඒ  වෙහෙස  අකා මකා වෙනවා.

“ඉතින්  ඇන්වත් මට ඉඩ දෙනවාද

මොකද ඔච්චර හදිස්සි.  මොකක්ද අර  කිව්වේ. ප්‍රේමණීය ම්නිසුන්. ?. කවුරුන්ද ඒ. ?

ඔබ  කියන්නේ  ප්‍රේමවන්තයන් ද.?

ඔව්. එහෙම කිව්වත් හරි. ඒත් කාරණාව ඊට  වඩා බරපතළයි. ප්‍රේමණීය  මිනිසුන් තැනීම හිතන තරම් සරල නැහැ.

නිර්වචනයක් නැද්ද.

තියෙනවා.  ලිංගිකත්වයට එහා ගිය ආධ්‍යාත්මික පාරාදීසයක් තියෙන බව පිළිගන්නා, ජීවිතය කියන්නෙත් ප්‍රේමයට කියන තව නමක් බව  පිළිගන්නා  ශාන්තුවරයන්ට.

බම්බුව තමයි.

ඇය මට නෑසෙන හඬින්  ඒ සමච්චලය කළාය. එහෙත් මම සිත නොරිදවා  ගතිමි.

එසේ  කීම ඔබේ මමත්වයට තරම් නොවෙයි සුරූපිණිය

එය ඔබ කියන දෙයට වෙනස්  

මම ද බරපතළ විදිහට  පිළිවදන් දුන්නෙමි

ඒක උක්දඬු දුන්නක්.

එහි  ස්වභාවය කුතුහලය සහිතයි.

එය  භෞතික සතුට ඉක්මවා ගිය ආස්ථානයක්.

ගැඹුරු කල්පනා සහිත, කල්පවතින ආධ්‍යාත්මික තෘප්තියක වාසස්ථානයක්. යුගයෙන් යුගය ට මිනිහාගේ සෙවීමේ කෙළවරකුත් නෑ. එක  විදිහකුත්  නෑ. ඒ නිසයි ලෝකය මේ  අයුරින් වෙනස් වෙමින් පවතින්නේ.

අද අපගේ සෙවීම  සහ  වගකීම ලෝකය  යන  අතටම නොගිහින්  මේ  ප්‍රේමණීය මිනිසා  තනා ගැනීමට  සුදුසු  ආධ්‍යාත්මික පරිසරයක්  නිර්මාණය  කර  දීමයි.

ඔබ ටිකක් අමුතුයි.

විප්ලවවාදියෙක්ද.

ඒක  බොහෝ කැපවීම් කළයුතු ගෞරවණීය තනතුරක්. එ්තැනට පත්වීම  පහසු  නෑ. ඒ සඳහා තමයි මේ  වෙහෙස

ප්‍රේමණීය ම්නිසෙක් නොවී  කොහොමද විප්ලවවාදියෙක් වෙන්නෙ?  මානව  ප්‍රේමය  එකක්  දේශ  ප්‍රේමය  එකක්. මහ පොදු සාධකය  ප්‍රේමවන්තයෙකු  නිර්මාණය  කර ගැනීමයි.

එහෙනම් ඔබ  සිහින  දකින්නෙක් වෙන්න ඇති. ඒත්  මේ වෙලාවෙ මගේ  කල්පනාව  ඔය එකක්වත්  නෙමෙයි.

ඒ කියන්නෙ මේ   මොහොතේ  ඔබ උපයෝගිතාවාදියෙක්.

ඔබ හරි පණ්ඩිතයි. ඒත් ඒ  පණ්ඩිතකමට මම කැමතියි. ඔබ දන්නවද මේ නිමේෂයේ මට කල්පනා වෙන  දේ.

මා සිටියේ  ඔබ හමුවෙනකල් වෙන්න  ඇති .මම එය දැන ගන්නට  කැමතියි.

හරි අපූරුවට ඔබ ඔබේ මමත්වය නඩත්තු කරනවා. ස්ත්‍රී රූපය තමයි ලෝකයේ චමත්කාර ජනක  නිමැයුම.  ඔබ රාමු  ගතවෙන්න කලින් කොහොමද ඇනගත්තේ තඹ පාටයි රත්තරං පාටයි මේ තරම් අගේට  එකට ගැලපෙනවයි කියල. 

ඔබ කොහොමද මේතරම් හොඳින් දැන ගත්ත. නළල් තලය වසා මුහුණට  වැටෙන කියුඹු රොදවල් මේතරම්  චමත්කා‍ර ජනකයි  කියල. 

මේ ලාවන්‍ය ඔබට කියා දුන්නේ වෙනින් කවුරුවත් නොවේ නම්   ඔබයි  මේ  ලෝකෙ  මම  දැක්ක අපූරු ම සිත්තරාවිය.

ගැහැනු සිත මහ පුදුමාකාරය. එ වර  බලකිරීමකින් තොරවම ඕ  මට  මාවත  ඉඩ දී  ආපසු  රාමුව  කරා  ගියාය.

සැහැල්ලු   සිතින්‍   යුතුව   කලාගාරයෙන්  පිටතට පිය මැන  එද්දී මට  ජයන්ත  චන්ද්‍රසිරි  මිත්‍රයා    සිහිපත් විය.

මහ කවියා  ෂෙලී  කියා දුන්න දේ, මට නැවත කියා  දුන්නේ  ජයන්තය.

” මුතු ඇටයක් බවට පත්වන්නේ,

බෙල්ලෙකුගේ කටුව තුළ සිරවූ වැලිකැටයේ  වේදනාවය.

ඔව්හූ  ගී  ගයමින් වේදනාව  උගනිති .

අප ද  එ සේ ය.

More From Author

වැවක් ඉකි බිද අඩනවා……………………  

කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය

Leave a Reply

Categories

LDM Columns