වැව් බැම්මෙ එක පැල්මකින්
වැවක් ඉකිබිඳ හඬනවා
පන් ගාල මැද කුඩා අගලක
කඳුළු සීරා රැඳෙනවා
ගිනිගහන අව් කූටකේ
මිරිඟුවක් දිය කෙලිනවා
ඉහත්තාවට වැසි වැටෙන්නේ
කවදා ද වැව අහනවා
දිනීප මධුෂාන් නානායක්කාර
වැව් බැම්මෙ එක පැල්මකින්
වැවක් ඉකිබිඳ හඬනවා
පන් ගාල මැද කුඩා අගලක
කඳුළු සීරා රැඳෙනවා
ගිනිගහන අව් කූටකේ
මිරිඟුවක් දිය කෙලිනවා
ඉහත්තාවට වැසි වැටෙන්නේ
කවදා ද වැව අහනවා
දිනීප මධුෂාන් නානායක්කාර