පාවෙන වලාකුළු දිය ඇලි රජ දහනේ
අමුතුම රහකි නිදහස් සුවයකි දැණුනේ
වනමල් පිපී දෙන සුවඳක සිත රැඳුනේ
නිදහස නමින් නව අහසක් සිනාසුණේ
සරසා සිතුම් පබැඳුම් සිරිලකට හුරූ
යා යුතු නැවුම් ගමනක් මාවතක ගරූ
පරදා වහල් ගති නිවහල් ලෙසින් සරූ
පැරකුම් යුගය යළි අරඹමු අපි සොඳුරූ
– දසාරා සෙනෙවිරත්න –