ආදර අන්ධයෝ…

බැල්මෙන් පවා
ඇගට ගොඩවෙන පිරිමි අස්සේ
සද්ද නොකරම හිතට ගොඩවෙන
පිරිමි නිතරම නැත්තේ
එහෙව් හැගුමක් මුනගැහී
මියදෙද්දි තිස්සේ
ගැහැණු හිත් හරි බරට ඇඩුවාලු මැදියමත් නින්දේ…

හුස්මක් හුස්ම ගානේ රස පෙම්බර
ආදරේ පද නොකිව් මුත් පින්බර
පපුව උඩ තියා අඩි හරි බරටම
ඇවිදගිය මතකයයි අදටත් දුෂ්කර….

වදනින් වදන අමුණා සුන්දර අකුරු
නොකිව් මුත් ලංවෙලා සිඹ සිඹ පියකරු
ඇස්වලින් ගොඩවෙලා සිතුවිලි මතට රිංගූ
නොකී සෙනෙහස තමා හදවත කලේ වියරූ

පියවෙන වරක් ගාණේ ඇස් දෙපෙති අග
කාන්දමක් වාගේ එන මතක ගොඩ
ගුලිකර විසික්කෙරුවත් අත්දෙකට ගෙන
ඔය ඇස් තමයි කටුවක් සේ ඇණෙන තද….

💛අසත්පුරුෂ පිරිමි ආත්ම පහුකරන් ඇවිත් ඇවිත් හෙම්බත් වුන ගැහැණුන්ට අහම්බෙන් හරි මුණගැහෙන්න ඕනේ දැකිමත් පිනක් කියලා හිතෙන ජාතියේ සැබෑ පිරිමිකම උතුරන පිරිමියෙක්….
ආදරේට ආදරේ කරණ මනුස්සකම් පිරුණු නිවුණු සංවර ආත්මයක්….
වැරදි හමුවීම් දෙකතුනකට පස්සේ හරි එහෙව් සැනසීමක් ලැබෙන්න ම ඕන අහිංසක ගෑනු ආත්ම කොතෙකුත් ඇති .
ඉතිං අහම්බෙන් හරි එහෙම බෝසත් කුලේ පිරිමියෙක් මුණගැහුනොත්
එදාට ඒ ගෑණු නිවෙනවා සත්තයි …

ඕෂධි නවරත්න

More From Author

මාලිමා – බලාපොරොත්තුවක විචාරය – Malima – A Critique of Hope

සහකම්පිත රෝසමල් කුමාරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *