අවුස්විට්ස් (Auschwitz) වද කඳවුරේ දොරටු නිදහස් කර වසර 80 යි

අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 80 වැනි සංවත්සරය යෙදී තියෙන්නෙ 2025 ජනවාරි 27 වෙනිදාටයි. මේ සංවත්සරයේදී කිසිදු දේශපාලන කතාවකට ඉඩ නොදීමට අවුෂ්විට්ස් පාලන අධිකාරිය තීරණය කර ඇති බව ගාඩියන් පුවත්පත වාර්තා කර තිබුණා . මේ සංවත්සර උත්සවයට ජනාධිපති “නෙතන්යාහුගේ සහභාගීත්වය සිදුවිය හැකි බවට අදහස් පළ වුණද ඒ පිළිබඳ කිසිදු නිල දැනුම් දීමක් සිදුකර නොතිබුණි . කෙසේ වෙතත් මේ අසු වන සංවත්සර අවස්ථාවට සැලකිය යුතු ඊශ්‍රායල නියෝජිත පිරිසක් සහභාගී වීමට අපේක්ෂා කරන බව පැවසීය.

80 වන සංවත්සරයේ දී සුවිශේෂී කොට සලකන්නේ කඳවුරේ ජීවත්ව නිදහස් වූ තවමත් ජීවතුන් අතර ඉන්න අයගේ අත්දැකීම් බෙදා ගැනීමටයි . බොහෝ විට අනුව සංවත්සරය පැමිණෙන විට අවුෂ්විට්ස් කඳවුරෙන් නිදහස්ව ආ අය හා සජීවී සංවාදයක් කිරීමට හෝ අත්දැකීම් බෙදා ගැනීමට අවස්තාව හිමි නොවන්නට ඉඩ තිබේ.

2005 හැටවන සංවත්සරයට සහභාගි වුණු ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ “මිනිස්සුන්ට එවැනි ම්ලේච්ඡත්වයකට හැකියාවක් ඇතැයි සිතාගත නොහැකි බවයි ” එසේ පැවසූ පුටින් වර්තමානයේ කුරිරු යුද්ධයක හවුල්කරුවෙක්ව සිටියි . කඳවුර මුදාගත් සෝවියට් සොල්දාදුවන්ට එදා පුටින් උපහාර දැක්වීය . කෙසේ වෙතත් අසූවන සංවත්සරයට රුසියානු නියෝජිතයෙකුට ආරාධනා කර නැත.

පෝලන්තයේ පිහිටි Auschwitz මිනිසුන් දසදහස් ගනනක් ගෑස් කාමර වලට දමා මරා දමන ලද හිට්ලර්ගේ ප‍්‍රධාන වධකඳවුරකි .එහි මිය ගිය පිරිසෙන් වැඩි කොටසක් හෙබ්‍රෙව් වරුන්ය. 1940 ජුනි 14 වන දින හිට්ලර්ගේ පාලනය විසින් මෙය කඳවුරක් වශයෙන් නම් කරනවා. Rudolf hob , arthur liebehenschfl , richard baer යනු මෙම කඳවුරේ සිටි ප‍්‍රධාන නායකයින්ය.

1945 ජනවාරි 27 වන දින රුසියාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව විසින් කඳවුර බේරාගන්නා අවස්ථාවේදි 7000 ක් පමන ජීවතුන් අතර සිට ඇති බවයි සඳහන්, 11 00 000 පමණ දෙනා මෙම කඳවුරේදි පමනක් මරා දමුවා.

1979 සිට Unesco සංවිධානය මගින් මෙම ස්ථානය රක්ෂිත ස්ථානයක් ලෙස නම් කෙරුවා.

වද කඳවුරේ ජීවත් වූ වන් අතින් ලියැවුණු දහස් ගණනක් කවි අතර ඔවුන්ගේ වේදනාව සහ කටුක අත්දැකීම් පිළිබඳ මේ එවන් කවි කීපයකි .

අපි දවසක ආපහු ගෙදර යන්නෙමු
සමහරවිට එහෙම නොවේවි ,
එක කව්ද දන්නේ?

දවසක අපි හිතමු
සෑම දෙයක්ම බිහිසුණු සිහිනයක් බව

එහේ මොකද උනේ (Auschwitz වල)
දුම් පිට කරන චිමිනිය
අඛණ්ඩව දුම් පිට කළා…

පේනවද ඇදීයන දුම
විශාල දීප්තියක් සමඟ ?
‘ගින්නක් තියෙනවාද?’ ඔබ ප්‍රශ්න කරනවද?
නමුත් ඔබ දන්නේ නැද්ද?
ඔවුන් පුච්චනවා
දස දහස් ගණන් මිනිසුන්ව !

විශාල කණ්ඩායම් වශයෙන් පැමිණියා,
ආරක්ෂිත තැනක් සේ දුටුවා
දිගු හා වෙහෙසකර ගමනකින් පසු,
පිපාසය සංසිඳුවා ගැන්මට
පිරිසිදු වීමට වතුර ඇතැයි සිතුවා .

එහෙ තියනවා ගෑස් …
‘ගෑස්?’ ඔබ ප්‍රශ්න කරනවද?

නමුත් ඔබ දන්නේ නැද්ද
ගෑස් ගෙල සිර කර
හුස්ම හිර කරන බව
දැනෙන වේදනාව ගැන
වචනයක් වත් කියන්න පෙර
ක්ෂණයකින් නිහඩ කරනවා

දුම් රේඛාවක් වී ඇදී යන්නේ
එතන සිටි ඔවුන්ය
ජීවත්වුනු ඔවුන්ය
වේදනා විද නික්ම ගියා ඔවුන්
අළු පමණක් ඉතිරි කර ගියේය.

මිය ගිය හිස කෙස්
කලක් තරුණියකගේ
හිස අලංකාර කළ,
දැන්
විනිවිද පෙනෙන වීදුරුවකින් එහා
දමා තිබේ.
පරණ සපත්තු
ඔවුන් පා පැළඳී මේස්
ඒ ඔවුන්ව එතනට ගෙන ආ එවාය.
පැරණි උපැස් යුවළ,
බොරු දත්,
සමහරක් කිහිලිකරු මෙන්ම
කෘතිම අත් පාද වේ.

මට යන්න ඕනා
හොඳ මිනිසුන් ඉන්න ප්‍රදේශයකට
කවුරුවත් දන්නෙ නැතිද
කාවත් නොමරණ
එවන් තැනක් .
සමහර විට
ගොඩක් අය ඒ ගමන ඒවි
මේ සිහිනය අතර
ගොඩක් අය හිඳීවි
ඒත් ඇයි ඒක ඉක්මන් නොවන්නේ

More From Author

ජෛවමිතික දත්ත වලින් තොර ඉතාලියේ ඩිජිටල් හැඳුනුම්පත – කොහොමද මේක හදල තියෙන්නෙ?

මාලිමා – බලාපොරොත්තුවක විචාරය – Malima – A Critique of Hope

Leave a Reply

Your email address will not be published. Required fields are marked *