හිතා ගනු බැරිව
වික්ෂිප්ත ව සසැලි සසැලී
ප්‍රේමයේ මහෝඝය මැද
දෙනෙත් පියා හදවතින් පිරිමැද
උන්මාදයක මුවවිට ඇති සිත.
තනිව සිනාසෙන,
විටෙක සුසුම් ලන,
නැවත මොනවදෝ මුමුණන,
උන්මත්තකය!
සිහින සිලිලාරයක යාත්‍රා කොට
දුටු විලාසෙන් පහන් ටැඹ
ගැහි ගැහී මුත් අකම්පිතව
ලං ලංව දකිනා තෙක්
සදා පැතූ රුව.
මොහොතකට නිවා ගිනි පුලිඟුව
නොනැවතී අළු යට ඇවිලෙන.
හේඩෑරි වී ගිය තුරු මත පවා
කලාතුරකින් පිපී සැලෙනා
වසන්තයේ මල් දැක
මුවින් නොව හදවතින් සිනාසී
සැනසුම් සුසුමන් පා කර හරින
ප්‍රේමවන්තය!!
කිසිවෙක් කිසිදාක නොදුටුව
මනඃකල්පිත ඉසව් වල
නොකඩවා සැරි සරමින්
ප්‍රේමයේ ප්‍රහර්ෂය ද
පිය විප්පයෝගයේ කම්පනය ද
නුරා අනුරාවක ආනන්දය ද
පදම් කොට සැඟවූ
රන්සුනු බිඳක් සොයා සැරිසරන.
ජීවිතය කවියක් කොට
කියාගන්නට කිසිසේත්ම නොහැකි හැඟුම්
වදන් කොට විසුල
කවිය!!!
ඒ උන්මත්තකයා ද
ප්‍රේමවන්තයා ද
කවියා ද ඔබමය!!!!
රේණුකා සුදර්ශනී ඉලංගකෝන්
කිරිඳිවැල.





