පසුතැවිල්ල

සොහොන් පොළ තිබුණේ පාර අද්දර ම . චරිත්ගේ අම්මගෙ සොහොන සැරසුව සුදු සව්කොල කඩදාසි පවා තවමත් අලුත් පාට යි .මිනිය වළ දැම්මෙ පෙරේදා , ඉරත් බැහැලා .හාත්පස ම අඩ අඳුරක. මම පය ඉක්මන් කළා.හන්දියෙ ෆෝන් කාඩ් විකුණන කඩේ වහන වෙලාවත් කිට්ටුයි.

චරිත්ගෙ අම්මා අන්තිම කාලෙ හුඟක් දුක් වින්දා .පවුලෙ එක ම පිරිමි දරුවා වුණත් චරිත් නෙවෙයි එයාට වතුර උගුරක්වත් දුන්නෙ .
මල්ලිකා නැන්දා මැරුණේ ගෙදර එළියෙ තියෙන වැසිකිළි පඩියේ ඔළුව වැදිලා . චරිත් , එයාගෙ අම්මගෙ අවමඟුලත් තකහනියෙන් ම වගේ එක දවසින් ඉවර කළේ ගමේ නෑදැයෝ කාගෙත් අසතුට මැද .
මම ෆෝන් කාඩ් එක අරගෙන ආපහු එත් දි හොඳට ම අඳුර බෝ වෙලා . සොහොන්පොළ කිට්ටු වෙත්දි ම වගේ මට ඇහුණා ඉකිබිඳුම් හඬක්. මම හැරිලා බැලුවා. මල්ලිකා නැන්දාගෙ සොහොන අද්දර කාගෙද අඳුරු ජායාවක්. මම ටෝච් එක එල්ල කළා , ඒ දිහාට .
පුෂ්පෙ !
එයා හිටියෙ සොහොන කිට්ටුව ම උක්කුටිකයෙන් . ටෝච් එළියට පුෂ්පෙගෙ ඇස් දෙක දිලිසුණා. ඒ ඇස්වල කඳුළු !
පුෂ්පෙ බිම බලා ගත්තා . අත්දෙකෙන් ම ඔළුව බදා ගෙන හයියෙන් හඬන්න පටන් ගත්තා .
පුෂ්පෙ හිරගෙදරින් නිදහස් වෙලා ආපහු ගමට ආවෙ අවුරුදු පහකට විතර පස්සෙ , පහුගිය සතියෙ. .පුෂ්පෙ හිරබත් කෑවේ අනියම් මිනීමැරුම් චෝදනාවකට.
ඒ තමන්ගෙ ම අම්මගේ මරණෙට !

More From Author

සමසමාජයට අනූවයි….

හේගල්ගේ ලිවීම් වැරදි ලෙස අර්ථකතනය කිරීම – චමිල් ජයනෙත්තිට පිළිතුරක් (අවසාන කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348