හදවත සියොළඟ

ඉතින් සුහද
නුඹේ ළඟ ඉන සළු ලිහීම
හුදෙක් හති ලෑමකට ඇරඹුමක් පමණ නොව

කෝටි ගණනක් මිනිස් රූ පසුකර
විශ්වාස සප්ත සාගරය කිමිදුමකි

අනේක මතැස් මගැර
මිනිසෙකුගෙන් ලදැකි
දෙනෙත් විනිවිදන
කිසිවක් ම පෙරළා
නොකියන -නොඅසන
අවර්ණ පැහැදිලි බැල්මක් ලැබුමකි

ලෝකයක් ළඟ මුනිවත රැකත්
හද ගැඹුරෙ නිදන් කළ
බොහොමයක් තැවුල් සංකා
බිඳක් දිය කර මුදා
කල්පයක සුව ලබන්නකි

මරණයෙදිවත් විවර කරනට නොකැමති
හදවතත් සියොළඟත්
ප්‍රකෝටි ගණනින් එකක් වූ මිනිසෙකුට
විවර කෙරුමකි

More From Author

මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ

අමුතු දොස්තර සහ අලුත් ආණ්ඩුව

Leave a Reply

Categories

LDM Columns