නැදුන්ගමුවෙන් පිටත් වී මං බොහෝදුර වඩිනකොට.
පුරුද්දට වගේ බැලුවත් වටපිට..හුරුපුරුදු මුහුනවල් නෑ, පිල්කඩත් වසාගෙන..
අදුරගන්නත් අමාරුයි
කොහොමදැයි මේ මුකවාඩමුත්
මුව වසා ඔතාගෙන….
උන් ඇතුල්ගෙයි ඉදන්,එබිකම් කරා ඉදහිට.
කඩුගන්නාව කන්ද නැගගෙන
වංගු එක දෙක හිමින් නගිනකොට
කඩපිලක් තිබුනා එක ..අම්මෙක් එක්ක තනිවුන
හුරතල් දුවෙකුගේ සසර පුරුද්දට…
මාලිගාවට යනෙන දාපටන්
දැක පුරුදු බැදීමට…
උන් දුන්නා පලතුරක් උන්ට හැකි විදියකට….
අද මොකද නැත්තේ මේ
හිතෙද්දි කිහිපවර….
විලගු ලෑ සිව්පාද නැවතුනා සොයන්නට.
කොරෝනා ගෙන ගිහින්
ඒ පුංචි මල්කැකුල
අම්මා තව අඩනවලු ගෙයි මැදම වැටීගෙන….
කවුරුදෝ මිමිනුවා කලුමාමාටත් ඇහෙන්නට…
සිව් දිනක් ගෙවාගෙන දලදාව පුදන්නට
ආවමුත් පිරිස නෑ දෙපස අද දකින්නට…
ආඩම්බරෙන් ඉතිං පාවඩේ ඇවිදගිය…
මං දිහා බලන උන් බැතිමතුන් දකින්නට…
අද කවුරුත්ම නෑ ,වැව රවුම ගිහින් පාලුවට..
කොරෝනා නුබ ඇවිත්…
සිරකරන් බැදුනු සිත….
කලුපාට රළු හමට යටින් පණ ගැහෙන හිත…
දහස්වර හැඩුවා අද උනුන් හා ගැටෙන්නට…
ඉතිං මේ ඇතැම්විට මගේ අවසන් ගමන…
කරඩුවක් දරන් මා පෙරහැරෙහි වැඩමවන…
නික්මයමි නොකියාම නොදොඩාම නිහඩවම,
සමුගැනීමක් නැතිව නැවතීමකින් ගමට..
ඕෂධි නවරත්න