වැලිමිදුලෙන් හමු වූ විනුර උස ගිහින්

රැස පුවත්පතේ වැලිමිදුල ළමා පිටුවේ නිත්‍ය ලේඛකයෙකු වූ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විනුර ජයශංඛ කාලෙකට පසු හමුවුණේ නුගේගොඩ නගරෙදි…ඔහු දැන්…

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම

.අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සදහා ස්වාධීන අභීචොදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රයක් ඇති බවට පසුගියදා නිවේදනය කරන…

ජීවිතය ලිවීමේ සොක්‍රටික පරීක්ෂාවක්…

අරාගේ හබක්කොලමමා උපන් දා සිට දිවි ගෙවන්නේ අනුරාධපුරයේ වුවත් සාහිත්‍ය කලාවල යෙදෙන සමකාලීන “අනුරාධපුර” කලාකාර මිතුරන් (භෞතිකව මුණගැසෙන) මට නැති…

මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්

2 කොටස 1948 න් පසුව යටත් විජිත හිමිකාරිත්වයෙන් මිඳීම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝකයන්, කතිකාවන් හා දෘෂ්ටිවාදයන් සියල්ල සාකල්‍යව ගෙන බැලීමේ…

ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික   ස්ත්‍රියකගේ  හඬ

 ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි ඇලෙක්සන්ද්‍රා  කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ  වංශවත් පවුලකය. වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන  ලද්දේ කම්කරු  ප්‍රාන්තික ස්ත්‍රීන්ගේ  සංවිධානය කිරීම පිණිසය. කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය  කල නිර්ධන පාන්තික ස්ත්‍රිවාදිනියකි. බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික  ස්ත්‍රී සහභාගිත්වය  පිණිස  එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි  බෝල්ෂෙවික් විප්ලවයේ  අතිශයින්ම මුලික වූ ස්ත්‍රියක් ලෙස ඉතිහාසයට එක් වෙයි. මෙහිදී මතු කිරීමට බලා පොරෝතුවන ප්‍රධාන  කරුණක් වන්නේ කොලොන්තායි  නිර්ධන පාන්තික ස්ත්‍රීවාදය සහ අවශේෂ ස්ත්‍රිවාදයන් අතර පැහැදිලි  න්‍යායික සහ දේශපාලනික  බෙදුම් රේඛාවක් ඇඳීමයි.කොටින්ම කියතොත්  ‘ධනේශ්වර ස්ත්‍රිවාදය’ ඇය  ප්‍රතික්ෂේප කලාය. ස්ත්‍රි ප්‍රශ්නය පිළිබඳව සම්භාව්‍ය මාක්ස්වාදී මතයක් දැරිය. බෝල්ශේවික් විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව සමාජ සුභ සාධනය  පිළිබද මහජන කොමිසාර් තනතුර හෙබ වූ අතර කොලොන්තායි  ස්ත්‍රි දෙපාර්තමේන්තුවක් (Zhenotdel) පිහිටුවීමට මුල්විය. එපමණක් නොව කොලොන්තායි  අලුත්  ශුභ සාධක  ප්‍රාරම්භයන්  කිහිපයක් ස්ථාපිත කරනු ලැබිය. ළමා සහ තරුණ ශුභ සාධනය ට අවශ්‍ය  නීති පදමන සකස් කල අතර  මාතෘ සහ ළමා ශුභ සාධනය රජයේ වගකීමක් බවට පත් කලාය. එනමුදු බෝල්ෂෙවික් පක්ෂය තුල ලෙනින් විසින් කල්ලි  කණඩායම් තහනම් කිරීමත් සමග කොලොන්තායිගේ දේශපාලන  බලපෑම  හීන  වීමට පටන් ගති. බෝල්ෂෙවික් පක්ෂය තුල ඇයට සුමට ගමනක් කල  නොහැකිවිය. එය ගිරි දුර්ගයන් ගෙන් සමන්විත අනතුරු සහිත මාවතකි. පක්ෂයේ සෑම ක්‍රියාමාර්ගයක්  සමගම අනුගත වීමට කොලොන්තායි සුදානම් නොවිය. ඒ ඇරත් කොලොන්තායි ට  ක්‍රියාත්මක වීමට  සිදුවුයේ පසුගිය සියවසේ අවසාන කාර්තුවේ දේශපාලනය ට ඉමහත් බල පෑමක් කල යුග නිර්මානාත්මක …

කාන්තා දින අභිමුව කාන්තාව

ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ  කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…

දාර්ශනික – ඇරිස්ටෝටල්

තරමක  පිස්සු  ගතියක්  නොවේනම් යමෙක් තුළින් මහ විශාල  ප්‍රතිභාවක්  නිර්මාණය නොවෙයි.   දාර්ශනික-ඇරිස්ටෝටල් මා සිත, මගේ සිහින  තුළ සැමවිටම අවදියෙනි.…

එංගන්තයේ දී ආර්යයන් මුණගැසීම- සංජීවනී රූපසිංහ

මම රැකියා සොයමින් සිටියෙමි. කුමක් හෝ පාට් ටයිම් රස්සාවක් සොයා ගත යුතුය. ලංකාවෙන් ගෙනා මුදල් ක්‍රමයෙන් නිම වෙමින් පවතී. විශ්වවිද්‍යාලයට…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348