සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි…

දන්නා දෙයක් ගැන නොදන්නා දෙයක්!

“විශ්වය සෑදී ඇත්තේ කුමකින් දැයි සොයාගත් කාන්තාවට, 1979 දී ඇගේ මරණයෙන් පසු සමරු ඵලකයක් ලැබී නැත. ඇගේ පුවත්පත් අවමංගල්‍ය දැන්වීම් වල පවා ඇයගේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම ගැන කිසිඳු ප්‍රකාශයක් සඳහන් කර නැත.

අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගත් බවත්, චාල්ස් ඩාවින් පරිණාමය සොයා ගත් බවත්, ඇල්බට් අයින්ස්ටයින් කාලයේ සාපේක්ෂතාව සොයා ගත් බවත් සෑම උසස් පාසල් සිසුවෙක්ම දනී. නමුත් අපේ විශ්වයේ සංයුතිය ගැන කතා කරන විට, විශ්වයේ බහුලවම ඇති පරමාණුව හයිඩ්‍රජන් බව පෙළපොත්වල සරලව සඳහන් කර තිබෙනවා පමණි. අපි එය දන්නේ කෙසේද කියා කිසිවෙක් පුදුම වන්නේද නැත.”

  • ජෙරමි නෝල්ස්, ඇගේ විප්ලවීය සොයාගැනීම සඳහා අද පවා සිසිලියා පේන්ට ලැබෙන සම්පූර්ණ පිළිගැනීමක් නොමැතිකම ගැන සාකච්ඡා කරයි.

ඔහ්! ඉන්න මම සිසිලියා පේන් ගැන කියන්නම්.”

සිසිලියා පේන්ගේ මව ඇගේ විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙත ශිෂ්‍යත්වයක් දිනා ගත්තාය. සිසිලියා පේන් ඇගේ අධ්‍යයන කටයුතු අවසන් කළ නමුත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඇයට උපාධියක් පිරිණැමුවේ නැත. මන්ද ඒ වන විට කාන්තාවන්ට එතරම් නිරාවරණයක් නොතිබූ නිසා ඇය එය සමඟ කතා බහ කර, එක්සත් ජනපදයට ගොස් හාවඩ් විශ්වවිද්‍යාලයෙ හි රාජකාරිය කිරීමට ගියාය. 1979 දී ඇගේ මරණයෙන් පසු, තාරකා විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු පුද්ගලයා සිසිලයා පේන් වූ අතර, ඔටෝ ස්ට්‍රොව් Otto Strauve පවසන ආකාරයට “රැඩ්ක්ලිෆ් කොලීජියෙ හි තාරකා විද්‍යාව සම්බන්ධව මෙතෙක් ලියා ඇති වඩාත් විශිෂ්ට Ph.D. නිබන්ධනය සිසිලියාගේ නිබන්ධනයයි”.

විශ්වය සෑදී ඇත්තේ කුමක් දැයි සිසිලියා සොයා ගත්තා පමණක් නොව, ඇය සූර්යයා සෑදී ඇත්තේ කුමක් ලෙස දැයි සොයා ගත්තාය. (සාමාන්‍යයෙන් සූර්යයාගේ සංයුතිය පෘථිවියට වඩා වෙනස් බව සොයා ගැනීම සඳහා තාරකා විද්‍යාඥයෙකු වන හෙන්රි නොරිස් රසල් හට ගෞරවය ලබා දෙන නමුත් රසල් ඔහුගේ නිගමනවලට පැමිණියේ පේන්ට වඩා අවුරුදු හතරකට පසුව වන අතරම ප්‍රකාශයට පත් නොකරන ලෙස සිසිලියාට පැවසීමෙන් අනතුරුවය). හේතුව නම් සිසිලියා පේන් යනු විචල්‍ය තාරකා (පෘථිවියේ සිට බලන විට දීප්තිය උච්චාවචනය වන තාරකා) සම්බන්ධව අප මූලික වශයෙන් ඕනෑම දෙයක් දන්නා පුද්ගලයායි.

විචල්‍ය තාරකා පිළිබඳ අනෙක් සෑම අධ්‍යයනයක්ම ඇගේ කාර්යය මත පදනම් වේ. සිසිලියා පේන් හාවඩ් විශ්වවිද්‍යාලයේ සිට පූර්ණ මහාචාර්යවරියක් ලෙස උසස් වූ පළමු කාන්තාව වූ අතර, බොහෝ විට හාවඩ් විද්‍යා අංශයේ සහ තාරකා විද්‍යාවේ කාන්තාවන් වෙනුවෙන් එවකට පැවති ‘වීදුරු සිවිලිම බිඳ දැමීම’ මෙන්ම සමස්ත කාන්තාවන්ගේ පරපුරක්ම විද්‍යාව විෂය හැදෑරීමට පෙළඹවීම සම්බන්ධයෙන් ගෞරවයට නිතැතින්ම පාත්‍ර වන්නීය. නිසැකයෙන්ම සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි, සියළු දෙනාම ඇය පිළිබඳ දැන සිටිය යුතුයි.

පරිවර්තන සටහන Abandoned beauties පේජය ඇසුරෙන්.

More From Author

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348