යුද්ධය ප්‍රතික්ෂේප කරන්නා..

ගරුකටයුතු ජනාධිපති තුමනි,
සමහරවිට ඔබලා නොසන්සුන් ,
එහෙත් කියවන්න මගේ ලියුම
ලබන බදාද යුද්ධයට යන්නට.
මට ලියුමක් ඇවිත් හමුදාවෙන්

ගරු ජනාධිපති තුමනි
මම මනුශ්‍යයකු වූයේ
මිනිසුන් මැරීමට නොවේ.
ඒ කිසිදු පලක් නැති වැඩක්
මම එන්නේ නැහැ
යුද්ධය මගේ ප්‍රශ්නයක් නොවේ

යුද්ධයට ගිය මගේ සොහොයුරන් විනාශවෙලා
මම දැක්කා මගේ තාත්තා මියයනවා
මගේ දරුවා ඇඩුවා
මගේ අම්මා යුද්ධය නිසා
උමතුවෙලා ඇය තවදුරටත්
විඳවන්නේ නෑ.

මම හිරේ ඉන්න කාලේ
ඔවුන් මගේ ගෙදර ගිහින්
මගේ ආදරිය රැගෙන ගොහින්

මම මගේ ලොගුව හැදුවා
උදේ කුකුළා හඩලන විට
අලුත් ජීවිතයක් අරඹන්න.

නොසන්සුන්ව මා
ඔබ මොබ යනවිට
උතුරේ සිට නැගෙනහිරටද
දකුණේ සිට බටහිරටද
විලාප දෙනවා ජනතාව
ඔවුන්ගෙ අණ ප්‍රතික්ෂේප කර
උඹලාගේ යුද්ධයේ.
අපි යුධවදින්නේ නැත.
කිසි සේත් විස්වාස කරන්නේ නැත
“යුද්ධය සාමය උදෙසායැයි කියන “
තොපේ බොරුව

ලේ හැලීමට නුඹලා පාර්ලිමේන්තුවේ
ප්‍රතිඥා දුන්නාට
ඉතින් ගරුකටයුතු ජනාධිපති
හලපල්ලා උඹලාගේ ලේ.
නුඹලා පොලිසීය එවලා මාව දඩයම් කරන්න.
කියන්න මා සුදානම්
ඔවුන්ව පිලිගන්න.
මා බයානක පුද්ගලයකු බැවින්
ඔවුන්ට පුලුවන්
මට වෙඩි තියෙන්න..

ඉහත සදහන් වන්නේ ස්විට්සර්ලන්තයේ සාම ව්‍යාපාරයේ මධ්‍යම පුවත්පත වන “අපේ ලෝකය ” 2025 ජූනී කලාපයේ ” යුද්ධය පිටුදකින්නා “යනුවෙන් සදහන් ජර්මන් කවි පෙලක සරල සිංහල අදහසක්. ඇත්ත වශයෙන්ම එය ගීතයක් ලෙස රචනා කර ඇත්තේ ප්‍රංශ ජාතික Boris Vian විසින් 1954 දීයි. ප්‍රංශය ඇල්ජීරියාව ආක්‍රමණය කර ඇරබු යුද්ධ කාලයේ 1962 වන තෙක් ප්‍රංශයේ ගුවන් විදුලියේ මම ගීතය වාදනය කිරීම තහනම් කර තිබේ.

Boris Vian

ඊයේ ජර්මන් ප්‍රවෘත්ති විකාශනයක් නරඹමින් සිටි මට , නේටෝ යුධ හවුලේ හමුවක් අවසානයේ එහි නියෝජිතයින් සමූහ ඡයාරූපයකට පෙනී සිටින දසුනක් නෙත ගැටුනි.

නේටෝ යුධ හවුල ලෝකයේ සාමය පිනිස නොව විනාශය පිනිස ලොව පුරා යුධ ගිණි අවුලන්නන් බව ඔවුන් හැර ලෝවැසි ජනයා දනී.

2017 දී ඔවුන්ගේ හමුවන් ගැන මා ඇදි චිත්‍රයයකට ලියූ කවියක් වෙයි. එහි සරල සිංහල අදහස මෙසේයි.

අධිරාජ්‍යවාදීන්ට
දේශසීමා
බේදයකින් තොරව
ගිණිබිදීමට , රීමට හැකිය
මිනිසුන්ට කිසිදු අවස්ථාවක් නැත
සියලුම දේශසීමා වසා ඇත.

ඊයේ පැවති නේටෝ යුද සංධාන සමූළුවේදී ,ඔවුන් යුධ අය-වැය 5% කින් ඉහල දැමීමට තීරණය කර ඇත. ඇත්ත වශයෙන්ම එය ඊයේ හදීසියේ ගත් තීරණයක් නොවේ. ඇමරිකාව කියන පදයට නටන යුරෝපය ඊට කලකට පෙර සිට සුදානම් විය. ඒයේ සිදුවූයේ ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් ඉදිරියේ ඔවුන් ඊට එකඟ බව සපත කිරීම පමනක් ය.

නේටෝ යුධ හවුලේ මහ ලේකම්, හිටපු නෙදර්ලන්තයේ අගමැති එය පැහැදිලි කරන්නේ ⁣මෙසේය.

” ඇත්ත වශයෙන්ම අපගේ නේටෝවේ (යුද හවුලේ ) අය- වැයෙන් අති බහුතර ප්‍රතිශතයකට කරගහ සිටින්නේ ඇමරිකාව. ඔවුන්ගේ බර අඩුකිරීමට සහ යුධ වියදම් හී බරට අපිද කරගැසිය යුතුය “

යුද්ධයෙන් සාමය උදාකල නොහැක ” එය සැබෑවක් වුවද , යුධ වාදීන්ට යුද්ධයක් නොමැතිව ඇගේ කටුස්සෝ දුවන්නා සේය.

යුරෝපයේ ඉහල දමන යුද වියදම් හී බරට කරගසන්නේ ඒ රටවල කම්කරු- පීඩිත ජනයා මිස අවි ආයුද කොම්පැනිකාර සමාගම් නොවේය.

ස්වීට්සර්ලන්තය ලෝකයේ කිසිදු යුද්ධයකට සම්බන්ද නොවන්නේ ඔවුන් රාජ්‍යක් ලෙස ” මධ්‍යස්ථ ” පිලිවෙතක් අනුගමනය කරන හෙයින් ය. පලමුසහ දෙවන ලෝක යුද්ධ වලදීද ඔවුන් කිසිදු පාර්ශවයකට සහාය දී නැත. එසේ වූයේනම් ප්‍රංශය, ජර්මනිය , ඉතාලිය සහ ඕස්ත්‍රියාවට මැදීවූ කුඩා ස්වීට්සර්ලන්තය අද සිතියමෙන් පවා නැතිවීමට ඉඩ තිබුනේය.

එහෙත් ඊශ්‍රායල පලස්තීනුවන්ට එර්හිව ගාසා හී ගෙන යන ජන සංහාරයේදී ඔවුන්ගේ ද්විත්ව සදාචාරය ප්‍රශ්න කරන ස්වීට්සර්ලන්තයේ ජනතාව පසුගිය සෙනසුරාදා 21.06.2025 ස්විස් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඉදිරියට ගොස් පලස්තීනයට සහාය පලකර උද්ඝෝෂණයක නිරතවීය . ඊට විසි දහසක පමන ජනතාවක් සහභාගීවූ බව වාර්තා වීය .ඒ බව මට යුදෙව් සාමක්‍රියාකාරී යොකී ද තහවුරු කලේය. ඔහුත් ඔහුගේ බිරිද ඇතුළු යුදෙව් සාම ක්‍රියාකාරීන්ද එම උද්ඝෝෂණයට සහභාගී වී තිබුනි.

කෙසේ වෙතත් ස්වීට්සර්ලන්තයද ලෝක යුද්ධ වලට හමුදාමය මැදිහත්වීම් නොකලද , හමුදා හයිය වැඩිකිරීම සදහා තම ආරක්ෂක වියදම් වැඩි කිරීමට තීරණය කර ඇත. ඒ සදහා සමාජ ආරක්ෂණ , අධ්‍යාපන , වෘත්තීය පුහුනු, පොදු ප්‍රවාහන ආදී අංශයන් ගේ ප්‍රතිපාදන කප්පාදු කිරීමේ ” ඉතිරි කිරීමේ පැකේජයක් ” ක්‍රියාවට නැගීමට තීරණය කර ඇත.

එහෙත් එය සරල නොවන්නේ මෙහි ජනයාට ඊට එරෙහීව ජන මත විමසුමක් ඉල්ලා සිටීමේ අවස්ථාව ඇති හෙයින් ය.

ඉහත කවියේ සදහන් වන පරිදි ”

උඹලාගේ යුද්ධයේ අපි යුධ වදින්නේ නැත ” කියන්නාක් මෙන් , ස්වීට්සර්ලන්තයේ කම්කරු – පිඩිත ජනයා සමග එක්ව , ස්වීට්සර්ලන්තයේ පාලකයින් මෙහි ජනයාගේ හිස මතට හෙලීමට වෙර දරන ආර්ථික යුද්ධය අප පරාජය කරන්නේය.

එසේම නේටෝවේ යුද උන්මාදයට එරෙහීව අපිට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම යුරෝපයේ කම්කරු – පීඩිත ජනයා සමග ඒකාබද්ධව ගන්නේය. දැනටමත් ඒ සදහා අප අධිරාජ්‍ය විරෝධි, යුධ විරෝධීන්ගේ සංධානයක් ගොඩනගා ඇත.  

(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)

More From Author

කතුවරයාගේ අභිලෂය මැකී යන මකා දැමූ කවි

අසමසම ජීවිතයක් Lulu Life

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348