What’s in your mind  කියලා බුකිය අහද්දි.. මගෙ උත්තරේ තමා “පිරිමි”

පිරිමින්ට පුලුවන් බොහොම පුංච් දේවල් වලින් සතුට ලබන්න. මොකද එයාල ඉන්නෙමේ මොහොතෙනිසා. බරසාර වාහනේක ටයර් මාරු කිරිල්ලක්, වාහනයක කෑල්ලක් ගලවල ආයෙ හදන එකක්, තමන් නොකරන විදිහට ගන්න ඇල්කොහොල් ෂොට් එකක්, අමාරුවෙන් හැන්ඩ්ල් කරගන්න කබල් වාහනයක් වගේ පොඩි පොඩි ‘පිරිමි කෑලි’ දිහා බලා ඉඳලත්, එයාලට පුලුවන් අපමණ සතුටක් ලබන්න. තව එකෙක් ඒක කරනවා බලලා ඌව සෑහෙන්න උඩින් තියන්න පවා පිරිමි පෙළඹෙන්නෙ නිතැතින්. එවුවට එයාල කිසිදාක ලෝස් නෑ. දෙපාරක් හිතන්නෙත් නෑ.

ඒ විතරක් නෙවෙයි, පිරිමින්ට පුලුවන් තප්පර කීපයක් ඇතුලත ජීව්තේට දැකල නැති තවත් පිරිමියෙක් එක්ක අවුරුදු ගානක friendship එකක හිටියා වගේ කයියක් ගහන්න. ඉවර වෙච්ච මැච් එකක්, නැත්තං මොකක්හරි වාහනයක සුපිරි වැඩ කෑල්ලක්, එහෙමත් නැත්තං කවුරුහරි ගොඩදාපු පරණ ලඩි වාහනයක්, හොරාට ඇල්කොහොල් ෂොට් එකක් ගන්න විදිහක්.. වගේ ඉතාම සරල කාරණා එයාලගෙ දීර්ඝ කතා බහට හේතු පාඨවෙන්න පුලුවන් ඉඩ බොහොම වැඩියි.

කීප වතාවක් fit on කරලා, වටේම ඉන්න එකාලගෙ opinion අරගෙන, කඩවල් ගානකට ගිහිල්ලා ගත්ත ඇඳුමට සමාන ඇදුමක් තවත් ගෑනියක් ඇඳගෙන ඉන්නවා දකින එක බොහෝ ගැහුණු කිසිසේත්ම විඳගන්න කැමති නැති දරුණු ගනයේ උද්දච්ච කුක්කුච්ච පහරක්. ඒකට පිරිමි. තනිකරම උඩ යට මාරුවෙනවා. තමන්ගෙ ඇඳුම වගේ  එකක් වෙන එකෙක් ඇඳගෙන ඉන්නවා දැක්කාම උන්ට ඒක වෙනම  ලල් එකක්. කොටින්ම ඒක සමරන්න ඕන එකක් . සමහරවිට උන් දෙන්නා බොක්කේ යාලුවො වෙන්නත් පුලුවන් නුදුරෙ දවසකදි .

දුම්කූරෙ බාගයක් ෂෙයා කරගන්න, අවුව වැස්ස නොතකා අනිකා වෙනුවෙන් කටු කන්න, පොකට් එකට තට්ටු උනත්, තමන්ගෙ කාලෙ නැතිව ගියත්, තව එකෙකුගෙ අමාරුවකදි පෙනී ඉන්න  දෙපාරක් හිතන්නෙ නෑ බොහොමයක් පිරිමි.
කොටින්ම, එකට බීල සත්ව ලීලාවෙන් යන එවුන්ව ගොඩ දාන්න, කරගහල ඉන්න ගෑනුන්ගෙ මෝටාර් ප්‍රහාර වලින් තමන්ගෙ සගයව බේරගන්න, අතේ සතේ නැති උනත් අනිකගෙ අමාරුවකදි බඩේ තියන එකත් ඇදල දෙන්න,  වගේ බොහොම මානුෂිය ගුණාංග පිරිමි පිරිමි අතරේ හරිම සුලබයි.

හොඳම දේ මේව කළා කියලා පිරිමි අඬබෙර ගහන්නෙවත් මෙමරි චිප්වල save කරගෙන   ඉන්නෙත් නෑ. එවුව කිවුවා,,,,කෙරුවා එතනින් ඉවරයි. උන් උන් අතර තරඟ නෑ. තමන්ට වැඩිය අනිකා ‘වැඩ්ඩා’ කියල තේරුණ ගමන්, ඌට place එක දීලා අයින් වෙන එක මදිපුංචි කමක් විදිහට පිරිමි හිතන්නෑ. පිරිමිකමට මුල් තැන මිසක්,  ගොසිප් වලින් එයාලගෙ ලෝකෙ ප්‍රාණවත් කරන්න තියන ඉඩ කඩ සෑහෙන අඩුයි.

ගැහැණු වර්ගයාට  කැමති උනාට උන්දැල විශේෂ ඒත් ටිකක් දිරවාගන්න අමාරු  කාණ්ඩයක්. හැබැයි  පිරිමි  ගතිවලට මං ප්‍රියයි. වහා ඇදීයන සුලුයි. භාවිතයට  සුදුසුයි. ආකර්ෂණීය දේ තමා පිරිමි සේරටම, ගැහැණු සම්බන්ධයෙන් තියන එක හා සමාන මිනුම් දඬු ටික. නොවරදින but  වහා නොමඟ යවන සුළුයි. ගෑනුන්ගෙ ‘හැදියාව’ පිරිමින්ට අනුව මහා පොදු සාධයක් නිසා, ඒ මාතෘකාව කතා නොකරම, ඒ ඒ වෙලාවට ගැටලු විසඳාගන්න හැම පිරිම්යාටම ඒකමතිකව පුලුවන්. ටක්කෙටම කියනවනං… කට කොනකට එන පුංචි පහේ හිනාවක් එතන පිරිමි කීයක් හිටියත් ඉවෙන් වගේ තේරුම් බේරුම් කරගන්න එයාල උපන් හපන්.

මං මේ කිවුවෙ අතිශයින්ම “පිරිමි” ගැන විතරයි. ඒ පිරිමි ගතිවලට මං මනාපයි...

More From Author

ජගත් J. එදිරිසිංහගේ දෙවැනි යොවුන් නවකතා සංග්‍රහය ‘සමන්’

විශාකා කුමාරි ජයවර්ධන

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348