● සතුටකදී එක්ව සතුටු වෙන්න පුළුවන් නම්,
● දුකකදී එක්ව දුක් වෙන්න, සාවධාන වෙන්න පුලුවන්නම්,
● හිත සතුටු වෙයි කියලා දෙයක් දෙන්න හිතෙනවානම්,
● නොදුන්නත් දෙන්න වටින බව හඟවන්න හෝ පුලුවන්නම්,
● කැමති දේවල් කලේ නැතත්,
අකමැති දේවල් නොකර ඉන්නවානම්,
● කාලය, අවධානය, ආදරය දෙනවානම්,
● ඒ මොනවා නොදුන්නත් ගෞරවයෙන් සලකනවා නම්,
හිතෛෂීවන්ත නම්,
නෑකමක් නැතත්,..
⚘️එතැන තියෙන්නේ තමන්ගේ කම හෙවත් ඕනෑකම.⚘️
ඔය මොකුත් නැත්නම්,
ඒ..,
🥀පිටස්තරකම..🥀
දැනගෙන ඉන්න.
ඔය දෙගොල්ලොම අපි එක්ක ඉන්නවා.
තමන්ගේකම තියාගන්න.
පිටස්තරකම පිටත්කර හරින්න.
සැනසීම අත්විඳින්න.
මගේ යාළු මිත්‍ර සමාගම් චක්‍රය හරිම කුඩා එකක්.
පාඩුවේ පාලුවේ, තනියම ඉන්න මම හරිම කැමතියි.
ඒ..,
මං තනිකම විඳවන්නේ නැතිව, විඳින හින්දා.
හිත රිදවන සම්බන්ධකම් අතෑරියම හිත් වලට සනීපයි කියන්නේ ඒ නිසයි.
අතෑරීම කියන්නේ අනේ ඇස්දෙකටවත් පේන්න එපා කියන කෲර සිතිවිල්ලට වඩා, හදවතින් පිටමං කරලා වුනත් දුටු තැන සිනාවතක් හරි පුරන්න පුලුවන් එකට.
තමන්ගේ හිතේ සැනසීම උපදින්නේම එතැන.

✍️ දර්ශනී අබේසිංහ