කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී ෆසීර්ට සිදුවූයේ කුමක්ද? : විමර්ශනයක් ක්‍රියාත්මකයි !

  • කැබිනට් ප්‍රකාශක
    මාධ්‍යවේදී ෆසිර් මෙහෛාමඩ් මහතා ට පසුගියදා කුලියාපිටිය අධිකරණයේදි සිදුවු සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මේ පිළිබඳව විමසු අවස්ථාවේදීයි.
    එහිදි අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදියාගේ නිදහස තහවුරු කළ යුතු බවත් විමර්ශන අවසන් වු පසු මේ පිළිබඳ පවසා සිටින බවත්ය.
    තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට පසුගිය අප්‍රේල් 24වනදා ඇද දමා තිබුණා.
    ඒ මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ නඩුව කැඳවූ අවස්ථාවේදී යි.

More From Author

තමන් වැදගත්බව හෝ වටිනාබව අහන්න නොලැබුණු දහස් ගාණක් අප වටේ ඉන්නවා

දුර්ග තරණය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348