එස්. අමුණුගම
නුබ සයන පුරාවට
තරු මල් කවා
රිදී කෙඳි වියමන
සිත් සොරා ගන්නා ඇසිල්ලේ
ඇතිරිල්ල දෙපසින් සර නංවමින්
තාරකා කුමරියො පෙළින් පෙල
දිදුලමින් රැඟුමන් රඟන්නේ
තිර ඇදි ඇදී විසිරෙනා සුළඟේ
විසුල මල් පෙති සුවඳ
හමමින් සුළඟටම ලංවී රහස් කොඳුරන්නේ
ඝන අඳුරු සලු දෙපසට දමා
පිය මනින මනමාල පුන් සඳ
කෝඩු බැල්මේ ඇල්ම විඳිනට
කාට ඇරයුම් කරනවද ඔබ
ලඟම නොසැලෙන මා දෙසද මේ
පහන් තාරුකී මං මේ
සැඳෑ සමයම ඔබම එනතුරු මඟ බලා
නැතිද මේ දෙනෙතට
එබෙන්නේ
යහන ඔබ හට සුව සැදූවත්
පහස සොයනා කුමරියෝ දෑස් දල්වා
තව සිටීදෝ
දස දහස් සක්වල පොලෝතල එකලු කරනා එකම පුන්සඳ
ගණිනු කෙළෙසද
කුමරියන්
මුදු පහස සොයනා යාමයයි
ලඟින් දැවටෙන තාරුකී
නොහඬන් ඉදින් මා කුමරියේ
මුදු සුවය ලොවටම
නොදී සිටියොත්
වා තලය තෙත්වේවි
කඳුලින්
රෑ පුරා මා එනතුරු බලා සිටි
කුමරියෝ දැරූ අබරණ විසි කරාවී
මුදාහල කෙස් වැටි
බදා දෝතින්
ඉකි බිඳීවී
ලං නොවූවත් ඈත දුර සිට පහස සොයනා
සෙනෙහෙ දවටා
සොඳුරු පහසින්…..
සනසවන තුරු
මා හැර දමා බැහැරට නොයන් මා තාරුකී!





