මගගම සේකරයන්ගේ හා තුන්මන් හන්දිය සමග අතීතයෙන්

ගඟ ගලා බසී

චිත්‍රපටයක තේමාවක්

ගීතයකට ලඝු කරලා

සන්වේදි කරන්න පුලුවන්

ගීතයක් තිබේ නම්

එහි මුලටම මගේ සිතට එන්නේ

තුනමන් හන්දිය චිත්‍රපටයේ

අතීතයෙන් ගඟ ගලා බසී

කියන ගීතයයි…

රූප රචනයත් ගායනයත්

සංගීතයත් මෙතරම්ම එකට

බද්ධ වුන ගීතයක් නැති

තරම්ය නැත්නම් එැවනි ගීත

අතලොස්සෙන් එකක් ලෙස

මෙම ගීතය හැඳින්විය හැක

තුනමන් හන්දිය චිත්‍රපටය

අපේ හදවත් මොන තරම්

සසල  කලා දැයි කිව්වොත්

වසර ගණනාවකට පෙර

නැරඹු එම චිත්‍රපටයේ චරිත

තවමත් සිත තුල

යලි යලි සංවෙිදි කරමින්

සැබෑ ලොව ජිවත් වෙනවා සේය..

එක් සමාජ ආර්ථික

ක්‍රමයක සංක්‍රාන්තියක

හෙවත් පරිවර්තන යුගයක

ආරම්භක අවදිය මිනිස්

ජීවිත කෙතරම්

පීඩනයකට හෝ සිත් තැවුමකට

පත්වෙන අයුරු හා එහි අවසානය

කෙතරම්, ඛෙිද ජනකද යත් මේ චිත්‍රපටය

හරහා  සූක්ෂමව දිවෙන කතා තේමාවයි..

අදද මෙම චිත්‍රපටය නැවත

නැරඹුවහොත් එදා ඇතිවු

සිතුවිලි වල සංවේදිතාවය

අදටත් දැනෙන්නේ එම චිත්‍රපටයේ

සාර්තක භාවය නිසාමය..

මහගම සේකරයන් තුල ඉපදුන

මෙම  නිර්මාණයන්

තුලින් පසක් වන්නේ ඔහු කෙතරම්

සංවේදි සිතක් සමග

පොර බැද්ද ජීවිතයක් ගත කරන්න

ඇත්තැයි කියාය…..

තුන්මන් හන්දිය කතාව මෙන්ම

මෙම ගීතයද අදද ඇසෙන

හැම වාරයක් පාසාම මගේ සිතද

සසල කරවන්නේ කිමද යත්

මටම නොතේරෙන

ප්‍රහේලිකාවකි………..

මහගම සේකරයන්ගේ කෙටි

ජීවිත කාලය තුල ඔහු නිර්මාණය

කල නිමැවුන් ඔහු කව්දැයි

තේරුම් ගැනීමට යම් අඩිතාලමක්

ගත  හැකිය

More From Author

වැල්ල ගිලගෙන වෙරළ සිද  බිද ……                

නිවෙසක් නොවන නිවසක්

Leave a Reply

Categories

LDM Columns