.විවිධ අදහස්, මතිමතාන්තර දරන මනුෂ්‍ය සමූහයක් එක්ක ගමනක් ගිහින් ආවාම, වෙච්ච අඩුපාඩු, එක එක්කෙනාගේ දුර්වලතා, අරයා මෙහෙමයි, මෙයා අරෙහෙමයි, කීයක් නම් පශ්චාත් විචාරද?
ඒ මොකුත් නැති,
ගමනේ සුන්දර තැන් වල තාමත් මනසින් සැරිසරන,
දුරකථන ඇමතුමක් දීලා, මෙසේජ් එකක් දීලා ආගිය ගමන සිහිකරන,
හිත් වල ප්‍රභාෂ්වර සිතිවිලි දරන,
අනේ ඔයාලා හමුවීම ම මට මහා සතුටක්.
මට, මගේ යාළුවන්ට මෙහෙම කියන්න හිතුනේ හදවතින්මයි.
කෙනෙකුගේ ලස්සන දෑසින් දකින ගමන්, හදවතේ ලස්සන හදවතට ග්‍රහණය කරන එක හරි ලේසියි. සෑම මනුෂ්‍යයෙකු තුලම වැරදි අඩුපාඩු ඕනෑ තරම් ඇති නමුත්, නිරික්ෂණය වන හොඳ කෙරෙහි අවධානය යොමුකිරීමෙන් ශක්තිමත් මානුෂීය සම්බන්ධතා ගොඩනගා ගැනීම හරි පහසුයි .
වැරැද්දක් වුන තැන, ඒ ඔස්සේ නිර්වචන නොදී, ඒ පිළිබඳව අදාල පුද්ගලයාට ම කතා කර වැරදි ආකල්ප තුල එල්බ ඇති බව පෙනේනම් ඒ මොහොතේම අවංක වූ සිතකින් පිලිගෙන හොඳ හිනාවක් එහෙම දීලා, හදවතින්ම පිරිසිදු වෙලා බලන්නකෝ කොයිතරම් නම් සැනසීමක් හිතේ උපදිනවද කියලා .
තව කෙනෙකුට හිතට සතුටක් ගෙනෙන පුංචිම හරි දෙයක් කරන්නකෝ. උපදිනා සතුට කිසිසේත්ම පුංචි නොවේ.
මං හරි ආසයි මගේ පොටෝ වගේම අන් අයගේ පොටෝ ලස්සනට අරන් දෙන්න.
එහෙම වෙලාවක, “අක්කා ඉන්න මං ඔයාගේ ඒවා ගන්නම්” කියලා ඕන්න නංගී කෙනෙක් එහෙට මෙහෙට නැවි නැවී, දිගෑරි දිගෑරී මාව ජායාරූපයට නගනවා. ආයේ එක්කෙනෙක් ළඟට ඇවිත් මගේ කොණ්ඩය හදනවා. තව එක්කෙනෙක් ඒක බලං ඉඳලා ” අක්කී, අත මෙහෙම තියාගන්න, මේ පෝස් එකට ඉන්න, එතකොට බඩ පේන්නේ නෑ.”
තව එක්කෙනෙක් මාව පොටෝ ගන්න කෙනාගේ ඇක්ෂන් පොටෝ ගන්නවා. ඒ වයිබ් එක පැහැදිලි කරන්න වචන නෑ.
අපි මැරෙන්න ම ඉපදුන මිනිස්සු. කොයියම්ම දේකින් හරි හිත සැහැල්ලුවෙන් තියාගන්නයි ඕන. එතකොට මැරෙන මොහොතෙත්, හදවතට සැහැල්ලුව සැනසුම දැනේවි කියලයි මට නම් හිතෙන්නේ.
නිවීම කියන්නේ ප්‍රභාෂ්වර හිතට. ප්‍රභාෂ්වර හිත කියන්නේ නිවීමට.
ඒක මට කිව්වේ මේ ගමන ගිය අක්කා කෙනෙක්.
ඇත්තනේ..
එර්දි වෙනවා මේ බලාගෙන ඉද්දී.
ඒ මනසින්,
ඒත් ඒ හිත සැහැල්ලු නම් විතරමයි.
දර්ශනී අබේසිංහ