“දෛවයේ උරුමය” කෘතිය ජනගත කිරීම
ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත දෛවයේ උරුමය කෘතිය ජනගත කිරීම ඔක්තොම්බර් මස 03 වනදින පෙරවරු 9.00 ට දැරණියගල ප්‍රාදේශීය සභා බහුකාර්ය ශාලාවේදී පැවැත්වෙන සාහිත්‍ය උළෙලේදී…
- ආරාධිත දේශනය: මානව සංවර්ධන දේශක.ශාස්ත්‍රාචාර්ය සනත්බොතේජූ මහතා
පුවත්පත් කලාවේදිනියක වශයෙන් කටයුතු කරන ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත දෙවන කෘතිය එයයි.
මෙදින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ සාහිත්‍ය කලා මහෝත්සවය 2025. පන්හිඳක සේයා තුළින් නර්තන , සාහිත්‍ය තරග වලින් ජය ලැබූවන් සදහා සහතික පත් සහ ත්‍යාග පිරිනැමීම ද සිදුවේ.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සාහිත්‍ය බල මණ්ඩලය, සබරගමුව පළාත් සභාව,සහ සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් මධුෂානි ද සිල්වා මහත්මිය ගේ මග පෙන්වීම මත මෙම උත්සවය සංවිධානය කර ඇත.






