නීරස නොවන භාෂාවකින් පරිවර්තනය සිදු කළොත් පමණයි එය විශිෂ්ට පරිවර්තනයක් වන්නේ

චතුරංග අමරතුංග:

දැනට නිර්මාණකරණයේ යෙදී ඉන්න ලාංකීය පරිවර්තිකාවන් අතරින් දක්ෂතම පරිවර්තිකාව නම් කිරීම කල නොහැකි කාර්‍යයක්. හොඳම පරිවර්තිකාව කියන කාරණය එක් එක් අයගේ පුද්ගලික රුචිකත්වය මත වෙනස් වෙනවා. ඒ වගෙම දක්ෂ පරිවර්තිකාවන් ගණනාවක් වර්තමානයේ විශ්ව සාහිත්‍ය රස ලාංකීය පාඨකයන්ට ගෙන එමින් සිටිනවා..

මගේ පෞද්ගලික කැමැත්ත හා රුචිකත්වයට අනුව සුමිත්‍රා රාහුබද්ද , චාරුණ්‍යා දෙහිගම , සේනානි ධර්මරත්න , කුමාරි වැළිහිද යන පරිවර්ථිකාවන් වර්තමානයේ ඉතාමත් හොදින් පරිවර්තන කාර්‍යයේ නිරත වෙනවා..

සුමිත්‍රා රාහුබද්ද

මේ සටහනෙන් කියන්න යන්නෙ තවත් අති දක්ෂ පරිවර්තිකාවක් ගැන. හැබැයි ඇය අනෙක් අයට වඩා විශේෂියි. ඇගේ වයස විශේෂියි. බොහෝ පරිවර්තිකාවන්ට වඩා ඇය වයසින් අඩුයි. හැබැයි ඇගේ පරිවර්තනයන්හි සාර්ථකත්වයට වයස අදාළ වෙලාම නෑ..

අනෙක් විශේෂතාව තමයි ඇය පරිවර්තනය කර තිබෙන්නෙ ජනප්‍රිය සාහිත්‍ය පොත් නෙවෙයි. ඇගේ පරිවර්තනවල මුල් කෘති ලංකාව තුල ජනප්‍රිය නොවුනත් ඒවා විශ්ව සාහිත්‍යය රස කරපු , සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යන් බවට පත්වුනු ගැඹුරු නිර්මාණයන්. සරලවම කීවෝත් ඇගේ පරිවර්තනයන් සියල්ලම සම්භාව්‍ය සාහිත්‍ය කෘති..

පෝස්ටුවේ ඇති සුන්දර ඡායාරූපයෙන් බොහෝ දෙනෙක් ඇය මේ වනවිටත් හඳුනාගෙන ඇති. ඇය නමින් මහේෂි වීරකෝන්. ඇය පරිවර්තනය කර ඇති පොත් ගැන කරන මතු සඳහනෙන් ඇගේ හැකියාව ඔබට නිශ්චය කරන්න පුලුවන්..

මහේෂි වීරකෝන්

ඇය පරිවර්තන සාහිත්‍යයට පිවිසෙන්නෙ බ්‍රසීල ලේඛක පාවුලෝ කොය්යො විසින් රචිත Breeda නවකතාව ඒ නමින්ම සිංහලට පරිවර්තනය කරමින්. පළමු නිර්මාණයම පාවුලෝ කොය්යොගේ එකක් වීම ඇය සතු හැකියාව පෙන්නුම් කරන්නක්..

ඊළඟට ඇය ලාංකීය පාඨකයා වෙත ජපන් සම්භාව්‍ය සාහිත්‍යයේ රසය ගේනවා. ඒ ජපන් ලේඛක යොකෝ ඔගාවා විසින් රචිත The Housekeeper and the Professor නවකතාව ඉලක්කමටපෙම්බැඳි_මිනිසා නමින් පරිවර්තනය කරමින්..

මහේෂි , තෙවනුව අපිව යුරෝපය වෙත රැගෙන ගියා. ඇය අපිව ගෙනිච්චෙ යුරෝපයෙත් ලස්සනම සාහිත්‍ය තියෙන තැනට. නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ප්‍රංශ ලේඛක ඇල්බෙයා කැමු විසින් රචිත The Plague නවකතාව ඇය #මහාමාරිය නමින් සිංහලට පරිවර්තනය කරනවා..

මහේෂි , ඇගේ සිව් වන පරිවර්තනයෙන් අප නැවතත් ලතින් ඇමෙරිකාව වෙත රැගෙන යනවා. මම විශ්වාස කරනවා ඇගේ සිව් වන පරිවර්තනයෙන් ඇය පරිවර්තකයෙකුට තිබූ දැවැන්තම අභියෝගය ජයගත්තා කියල..

මායා යථාර්ථවාදයේ අග රජු ලෙස හදුන්වන කොලොම්බියානු මහ ලේඛක ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්ගෙ පොතක් පරිවර්තනය කරනවා කියන්නෙ දැවැන්ත අභියෝගයක්. මාර්කේස් විසින් ස්පාඤ්ඤ බසින් රචිත Living to Tell the Tale යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වූ දීර්ඝ නවකතාව ඇය කියනුවස්පවතිමි නමින් සිංහලට පරිවර්තනය කරනවා. සිංහල ස්වත්‍රන්තය පිටු 662 යි..

අනතුරුව ඇය ස්විස් ලේඛක මාර්ටින් සුටර් විසින් රචිත Small World නවකතාව පුංචි_ලෝකය නමින් පරිවර්තනය කරනවා..

මහේෂිගෙ හයවන පරිවර්තනය සුබගමන්ගාබෝ_මර්සිදීස්. එම පොතේ කතුවරයා මාර්කේස්ගේ පුතා වන රොද්‍රිගෝ ගාර්සියා.

දකුණු කොරියානු ලේඛිකාවක් වන වොන් පොන්ග් සොන් විසින් රචනා කරන ලද Almond නවකතාව ආමන්ඩ් නමින් සිංහලට පරිවර්තනය කරනව. එය මහේෂිගෙ හත්වන පරිවර්තනයයි..

බ්‍රසීල ලේඛක පාවුලෝ කොය්යොගේ තවත් නිර්මාණයක් මහේෂි සිංහලට පරිවර්තනය කරනවා. ඒ Like the flowing river නවකතාව. සිංහල පරිවර්තනයේ නම ගලායනනදිය_සේ..

ඇය අවසාන වතාවට පරිවර්තනය කලේ Albert Camus Personal Writings නම් කෘතිය. එය කැමූ_සිතුවිලි පරිවර්තනය කර තිබෙනවා..

මහේෂි , පරිවර්තනය කර තිබෙන්නෙ පොත් 09 යි. ඒ පොත් නවය තුළ මහාද්වීප ගණනාවක සාහිත්‍ය රසය නියෝජනය වෙනවා. ඒ වගෙම විශ්ව සාහිත්‍යයේ අති විශිෂ්ටයන්ගේ බරසාර කෘති තමයි ඇය පරිවර්තනය කර තිබෙන්නෙ..

මහද්වීප ගණනාවක , විශ්ව සාහිත්‍යයේ අති විශිෂ්ටයන්ගෙ සම්භාව්‍ය කෘති සිංහලට පරිවර්තනය කල පමණින් ඇය , මහේෂි වීරකෝන් විශිෂ්ට පරිවර්තිකාවක් වෙන්නෙ නෑ..

ඇය ඒ මුල් නිර්මාණවල රසය නොනසා අඬු ලුහුඩු නොකොට , පාඨකයාට අවබෝධ කරගත හැකි , නීරස නොවන භාෂාවකින් පරිවර්තනය සිදු කලොත් පමණයි එය විශිෂ්ඨ පරිවර්තනයක් වෙන්නෙ. ඒ අර්ථයෙන් මහේෂිගෙ සියලු පරිවර්තන අති විශිෂ්ඨයි..

පරිවර්තනය කර ඇත්තේ පොත් නවයක් වුවත් මහේෂි ලාංකීය පරිවර්තන සාහිත්‍යයට එය සුළුකොට තකන්න බෑ. ඇගේ වයස හා හැකියාව එක්ක , ඇගෙන් ලාංකීය පරිවර්තනය සාහිත්‍යය පෝෂණය කරන්න අති විශාල දායකත්වයක් ලැබෙන බවනම් නිසැකයි.

චතුරංග අමරතුංග – Chathuranga Amarathunga

More From Author

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව

“ගෝලීය ඡායාරූප සන්නිවේදනය: ශ්‍රී ලාංකික අත්දැකීම් ඇසුරෙන්” ග්‍රන්ථය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 9 මහවැලි කේන්ද්‍රයේදී

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348