ප්‍රංශ විප්ලවය එහි මූලික සටන් පාඨයන් වන නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය ළඟා කරගැනීමට අසමත් වූ අතර මින් සමානාත්මතාව සහ සහෝදරත්වය අත්පත් කරගැනීමට අදටත් පොදුවේ යුරෝපය පවා අසමත්ව ඇත. යුරෝපය තුල සමානාත්මතාව ලෙස මුණ ගැසෙන්නේ වෝක් සමානාත්මතාවයි. සහෝදරත්වය කෙසේ වෙතෙත් පහළ පාන්තික යුරෝපීය සුද්දන් සිය අනෙකා සොයා ගන්නේ සංක්‍රමණිකයන්ගෙන් සහ කල්ලන්ගෙනි.

බරපතල කාරණාව හයිටියේ විප්ලවය සිදුවීමට පෙර ප්‍රංශ විප්ලවය තුලම පවා මේ නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය යන කුළුණු තුන යුරෝපීය සුදු මිනිසුන්ට පමණක් සීමාව තිබීමය.
මීට වෙනස්ව එවක ප්‍රංශ කොළණියක්වූ හයිටියේ වහළුන් විසින් ප්‍රංශ අධිරාජ්‍යයට එරෙහිව 1791දී මාස්ටර්ලා නොමැති නව ජනරජයක් නිර්මාණය කරයි. එමගින් ඔවුන් ප්‍රංශ විප්ලවයට පනින්නට නොහැකිවූ නිදහස සමානාත්මතාව සහෝදරත්වය සම්බන්ධ විශ්වීය ආදර්ශය තනයි. මෙම හයිටි විප්ලවයෙන් පන්නරය ලබන ප්‍රංශයේ විප්ලවීය බලවේගය වූ ජැකොබියන්වරු සියළු ප්‍රංශ කොලනිවල වහල් සේවය අහෝසි කරනු ලබයි. ප්‍රංශ විප්ලවය පූර්ණ සහ විශ්වීය නිශ්ඨාවකට ගෙනයාමේ වැදගත්ම උත්සාහය දරන්නේ හයිටි විප්ලවයයි.
එහෙත් ජැකෝබියන්වරුන්ගේ පරාජයෙන් පසුව නැපෝලියන් විසින් යළිත් ප්‍රංශ අධිරාජ්‍යයේ වහල් සේවය ස්තාපිත කරන අතර ප්‍රංශ අධිරාජ්‍යයට රිදවූ හයිටියට විප්ලවය සිදුකිරීමේ වරදට සම්බාධක සහ වන්දි ඉල්ලා සිටීමටද කටයුතු කරයි. එය අවසන් වන්නේ ප්‍රංශය විසින් හයිටිය ලෝකේ දුප්පත්ම රාජ්‍යය බවට පත්කිරීමෙනි. “වහළුන්ට මොන විප්ලවද ඩෝ?”
1791න් පසුව ජැකෝබියන්වරුන්ගේ අදහස වූ ලෝකයට විප්ලවය එක්ස්පෝට් කිරීම වෙනුවට නැපෝලියන් හරහා එන්නේ ලෝකයට යුරෝපීය වෙළඳ බලය එක්ස්පෝට් කිරීමක් ලෙසය. එබැවින් අප වෙත පැමිණෙන්නේ දේශපාලනය නොව වෙළඳාමයි. වෙළදාම විසින් අප වැනි රටවලට රැගෙන එන පරිවර්තනය විප්ලවීය පරිවර්තනයක් නොව නොන්ඩි ගසන පරිවර්තනයකි.
මේ නොන්ඩි ගසන පරිවර්තනයට ආශක්ත වන බොහෝදෙනෙකු අධිරාජ්‍යවාදය යටත් විජිතවලදී ප්‍රගතිශීලී කාර්‍යයක් කලාය යන අදහස වෙත පසුබසී. කෙසේ වෙතත් මේ තුල දෙතිස් වද ටයිප් නීති පද්ධතිය කලින්ට වඩා සාදාරණ උන බවත්, දරුණු කුළ පීඩාවන් ආදිය අහෝසි වී යාම වැනි දේ සිදුවූ බවද ඇත්තය.
එහෙත් මානසික පරිවර්තනය වෙනුවට අපට ලැබෙන්නේ ගොඩේ රජෙකුගෙන් සුදු පාලකයකුට මාරුවීමයි. නිදහස සමානාත්මතාව සහෝදරත්වය ස්ථාපනය වෙනවා වෙනුවට අපට ලැබෙන්නේ මේ යටත් මානසිකත්වය එලෙසම තියාගෙන භෞතික නවීකරණයකට මූණ දීමටය. මානසික ලෝකය ඛන්ඩනය නොවන බැවින් සමානත්වය වැනි සංකල්පයක් මෙහි කිසිවකු විශ්වාස නොකරන අතර අපේ ප්‍රභූ ආශාව නැතිවී යන්නේද නැත. එය රජවරුන් සුද්දන්, ඉහළ වළව්, උගතුන් ආදී ලෙස ප්‍රභූත්වයේ හැඩයන් මාරුවීම පමණක් සිදුවෙයි.
මේ ප්‍රභූ අගතීන්ගේ මිදීමට අපේ වැනි රටවල වාමාංශික ව්‍යාපාර පවා අසමත් අතර මේවායේ පවා ඇත්තේ ප්‍රභූ සැකැස්මකි.” ආචර්‍ය එන් එම් පෙරේරා” සහෝදරයා, “නීතීඥ” කොල්වින් සහෝදරයා, “(ආචාර්‍ය)” රංවල (බොරුවට හරි එල්ලා ගන්නේ ප්‍රභූ ආශාව නිසාය) සහෝදරයා කියා හදුන්වන කොම්රේඩ්ලා මිස පොල් කඩන ජිනදාස සහෝදරයා කියා හදුන්වන කොම්රේඩ්ලා මුණ ගැසෙන්නේ නැත. එහෙත් යම්තාක් දුරකට විප්ලවයීය පරිවර්තන තුලින් ගමන් කළ රටවල් වලදී “ආචාර්‍ය කාල් මාක්ස්” සහෝදරයා, “නීතීඥ ලෙනින්” සහෝදරයා, “වෛද්‍ය අර්නස්ටෝ ගෙවාරා” සහෝදරයා වැන්නන් මුණ ගැසෙන්නේ නැත.
ප්‍රභූ වන්දනාවට වන්දනා ලබන්නා සහ කරන්නා යන දෙදෙනාම තුල ඇති ආශාව රස්සා, අධ්‍යාපන ආයතන, කලාව ඇතුළු සෑම තැනටම විහිදී ඇති අතර ලංකාවේ පොදුජන ටාර්ගට් එක වන්නේ හුදු පොහොසත්වීම නොවේ. වන්දනාවට පාත්‍රවන ප්‍රභූවරයෙකු වීමයි. තමන්ට පහළින් සිටින උන්ගෙන් අනේපිඩු සිටු ෆීලිං එක ගැනීමයි.
මේ යුගයේ සල්ලි ටිකක් හොයාගන්න ඕන එකෙකුගේ ඊළඟ අදියර ඩිජිටල් සිටුවරයෙක්වී තමන්ට වන්දනා කරන ග්‍රාම්‍ය යටත් වැසියන් පිරිසක් ගොඩනගා ගැනීමයි.
මුදිත ජයසුරිය





