විශ්ව සාහිත්‍යය අප එකිනෙකා බැද තබන යදමක්

විශ්ව සාහිත්‍යය අප එකිනෙකා බැඳ තබන යදමක්. ඒ යදම මිනිස් සංතානය වෙනස් කළහැකි, මිනිසත් බව උත්කෘෂ්ටත්වයට පත් කළ හැකි , පරාර්ථකාමී , අසාධාරණය නොඉවසන ආදි නෙක මාහැඟි සංඝටක වලින් තැනූවක්. එවන් කෘතියකින් අපට දනවන සංවේදනා මිනිසුන් ලෙස පෘථුල දෘෂ්ටියෙන් ලොව දෙස බැලීමට මඟ හසර සලසනු ඇත.
විශ්ව සාහිත්‍යය ගැන කතා කරනා විටදී චීනය ප්‍රමුඛතාවයට පත් වෙි. ඒ එය ඔවුන් සොබාදහම සජීවීකරණය කරන ලද බලවත් ශක්තියක් ලෙස සිතා එහි ගුණාත්මක භාවය රසිකයාට විශද වන අයුරින් තම සාහිත්‍යය නිර්මාණ බිහි කරන බැවිනි. බටහිර කලාවේ සෑම විටම එය යොමුව ඇත්තේ සැක සහිත වූ රොමාන්තිකවාදය හා ශූඨවාදය දෙසටය. මේ හේතුවෙන් චීන නවකතා සාහිත්‍යය චීනය තුල මෙන්ම ඉන් පරිබාහිරව ද චීන අනන්‍යතාවය සහිත සාහිත්‍යයක් ගොඩ නැගී ඇති බව පෙනේ. කලක් තිස්සේ බටහිරට සංක්‍රමණය වූ උගත් චින ජාතික පිරිස මේ සඳහා දායක විය. අද වන විට බටහිර නවකතාව චීන උරුමයන් ඔස්සේ මෙහෙයවන චීන ජාතික බටහිර ලේඛක ලේඛිකාවෝ රැසක් අද ඉංග්‍රීසි නවකතා සාහිත්‍යයයේ ප්‍රමුඛස්ථානයට පත්ව හිදිති.

Dai Sijie

එවන් මාහැඟී කෘතියක සිංහල පරපරිවර්තනය කියවීමට කෘති පසු පස හඹා යද්දි මා හට හැකිවිය. එම කෘතිය චීන ජාතිකයෙකු වූ ප්‍රංශයේ වෙසෙන දායි සිජි ( Dai Sijie ) නම් ලේඛකයා විසින් ප්‍රංශ බසින් ලියා ඉංග්‍රිසි බසට පරිවර්තනය වූ (Balzac And The Little Chinese Seamstress ) කෘතියෙහි

අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය යි. බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය නමින් එය සේනාරත්න වීරසිංහ මහත්මා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. අධිරාජ්‍යවාදයට හා රදලවාදයට එරෙහිව චීනයේ බුද්ධිමතුන් හා ශිෂ්‍යන් එක්ව කළ පළමු විප්ලවය සිදු විය. එම විප්ලවයෙන් ලද අත්දැකීමෙන් කම්කරුවන් , ගොවීන් , ශිෂ්‍යයින් හා බුද්ධිමතුන් එක්ව 1939 මැයි හතර දා ව්‍යාපාරය දියත් කළහ. එයින් ආරම්භ වූ සංස්කෘතික විප්ලවය වැඩවසම් සංස්කෘතියට විරුද්ධ වූහ. සාහිත්‍යය හා කලාව පොදු ජනයා උදෙසාය යන සංකල්පය ජනතාව අතරට ගෙන යාමට අපහසු වූයේ එම ව්‍යාපාරයට ධනේෂ්වර බුද්ධිමතුන් එක්ව සිටි බැවිනි. මේ ව්‍යාපාරය පැරණි හණමිටි අදහස් වලට විරුද්ධව සිටියා ද මාක්ස්වාදය පිළිබඳව මනා අවබෝධයක් ඔවුනට නොතිබුණි මේ වකවානුව වන විට බටහිර සාහිත්‍යය කෘති රැසක් චීන භාෂාවට පරිවර්තනය වෙමින් චීන සාහිත්‍යය පෝෂණය කරමින් පැවතිණ. මෙම කෘති බිහි වීම මැයි හතර ව්‍යාපාරයේ ප්‍රභල වීමට හේතු විය.දීර්ඝ ඉතිහාසයක් පුරා විකාශනය වූ චීන සාහිත්‍යය විවිධ ප්‍රතිසංස්කරණ වලට භාජනය වී සුවිශේෂී මුහුණුවරක් ගත්තේය.අද එරට කලාත්මක නිර්මාණ බිහි වන්නේ මාඕ සේතු තුමන්ගේ (

මාඕ සේතුං

චින්තනයට අනුකූලවය. සංස්කෘතික හර පද්ධතිය ආරක්ෂාකර ගැනීමට විශ්වීයත්වය ඉවත හල මාඕ සේතු තුමන්ගේ සංස්කෘතික විප්ලවයට පසු සමය පසුබිම් කරගෙන මේ කෘතිය නිර්මාණය වී ඇත. එහිදී ප්‍රතිගාමීන් ලෙස කටයුතු කළ නාගරික බුද්ධිමතුන්ගේ දරුවන්ට පුනර්ධ්‍යාපනය ලබා දීමට සඳහා ගොවිතැන පිළිබඳව දැනුම ලබා ගැනීමට ඔවුන් ග්‍රාමීය ගොවි ජනයා වෙත යවනු ලැබීය. විශ්ව විද්‍යාල වසා දැමිණ. එලෙස යවනු ලබන තරුණයන් දෙදෙනෙකු හා එහි විසූ සන්නාලියකගේ වටා ගෙතුණ මෙම කතා පුවත එකල චීනයේ ජන සමාජය, සංස්කෘතික හා දේශපාලන පසුබිම මනාව විග්‍රහ කරයි.
යථාර්ථවාදී මෙන්ම මායා යථාර්ථවාදී ශෛලිය යොදා ගනිමින් නිර්මාණය කළ කෘතිය තුල සොබාදහම හා බැඳුන නිසඟ අව්‍යාජත්වය, දුෂ්කර බව , නොදියුණු බව විස්තර කෙරේ. තමන් වෙත පැමිණි තරුණයන් වෙතින් ගමෙන් එහා ඇති ලෝකය පිළිබඳව ඔවුන් සංවේදී වෙති.සංගීතය, චිත්‍රපට වැනි කලාකෘති ඔවුන් බොහෝ දෙනා රස විඳ නොතිබුණි. තරුණයන් රැගෙන ගිය වයලීනය ඔවුන් කිසිදා දැක නොතිබුණි . එය ඔවුනට සැක සහිත භාණ්ඩයක් විය.නමුත් එය වාදනය කර පෙන් වූ විට ඔවුන් එැනින් ඉවත්ව යා ගත නොහැකි තරමට එයට ආසක්ත විය. චිත්‍රපට වල කතා පුවත ඔවුන් තරුණයන් වෙතින් අසා දැනගත්හ. අළුත් ඒවා නරඹා ආපසු විත් තමා වෙත කියා සිටීමට ඔවුන් දෙදනාට පහසුකම් සලසා වැඩ වලින් නිදහස් කළහ.
නගරයෙන් පැමිණි තරුණියන් මාක්ස්වාදයට අනුව තම සිතුම් පැතුම් හසුරුවා ගත් අය විය . එකල යුරෝපීය සාහිත්‍ය කෘති චීනය තුළ තහනම් කර තිබිණි. පුනර්අධ්‍යාපනය සඳහා යන තරුණයන් ඒවාට ආකර්ෂණය වී තිබිණ . ඔහු ඒවා තම ප්‍රාණය මෙන් ආරක්ෂා කළහ. කතාවේ කතානායකයන් වන තරුණයන් දෙදෙනා එම කෘති කියවා නොතිබුණද ඔවුන් ඒවා පිළිබඳව දැනුවත් වී තිබිණ. එහිදී ඔවුනට හමුවන තවත් මිතුරෙකු සතුව සඟවාගත් පොත් තොගයක් තිබෙන බව ඔවුන් සොයා ගනී .එයින් පොතක් ලබාගෙන කියවා ගැනීමට ඔවුන් ගත් උත්සාහය අනුකම්පා උපදවන සුළු ය . එම තරුණයාට ලබාදුන් වැඩ සැහැල්ලු කිරීමේ පොරොන්දුව මත තරුණයන් දෙදෙනා ඔහුගෙන් එක් පොතක් ඉල්වා ගත්හ. එම පොත කියවූ එක් තරුණයෙක් තම සිතුවිලි ගළපා තිබුණේ තිබුණේ මෙලෙසය. එය උද්ධෘත යක් ලෙස දැක්වුව හොත් පහත පරිදිය .

“කැමති නම් ඔබ මේ දේ සිතින් මවා ගන්න. අවුරුදු දහ නවයක් තරම් වියේ පසුවන තීරණයක් ගත නොහැකියි තරුණයෙකු හට මුහුණදීමට සිදු වන දේශපාලන අරගලය පිළිබඳව ප්‍රවාහය කෙසේ විය හැකිද යන්න ගැන. කොමියුනිස්ට්වාදය, විඥානවාදය හා ජීවිතය පිළිබඳ ඔහු සියලු ප්‍රවාහයන්ට මැදිව පිබිදෙන්න ආසාවන්, ලලාසාවන් හා ආදර සම්බන්ධතාවයන් විවරණය කරන නව කතාව මේ දක්වා මගේ මනසෙහි යටපත්ව තිබූ සියලු හැඟීම් දහරාවන් ඒ මගින් පිබි දෙන්නට පටන් ගත්තේය . කිසිදිනක මගේ පූර්ණ අවධානය යොමුව නොතිබුණ දුරබැහැර රටක් වන ප්‍රංශය දෙසට ඒ ඔස්සේ මගේ සිත ඇදී ගියේය .”
පිටුව 69

විශ්වීයත්වය ළඟා කරගත කරගත හැකි, නිවහල්ව සිතිවිලි ගලපාගත හැකි මානුෂිකත්වය ළඟාකර ගත හැකි, අසාධාරණත්වයට එරෙහිව නැගී සිටිය හැකි උදාරතර අභිමානයක් ළඟා කර ගැනීමට එකල යුරෝපයේ සිටි අග්‍රගණ්‍ය ලේඛකයන්ගේ කෘති තුළින් සමාජයට ලැබුනේ අසමසම පිටුවහලකි .තමා යන ගතානුගතිකත්වයෙන් මිදී සර්වසාධාරණ ලෙස ලෝකය මෙහෙයවීමට එකල චීනයේ සේම බොහෝ රටවල තරුණ ජවය මෙහෙයවූ වූ තීරණාත්මක සාධකය වූයේ විශ්ව සාහිත්‍ය කෘති යි . බොහෝ ගතානුගතික නායකයන් ඒවා තම රටෙන් තහනම් කළාද කොටින්ම බටහිර ඒවා බිහිවූ රටවලින් පවා තහනම් වුවද අදටත් ඒවායේ වටිනාකම උකහාගත් මිනිසුන් ලොව වෙනස් කිරීමට යත්න දරති .අකාලිකව ම එම සිදුවීම් අරගල ආකාරයෙන් සිදුවේ. ඉදින් එහි ගෞරවය හිමි වන්නේ මුලින් එහි බීජය ජන හදවත් තුළ රෝපණය කළ සාහිත්‍ය කෘති නිර්මාතෘවරුන් හටම ය.
කෘතියෙහි සාහිත්‍යමය රසය අඩුවක් නොවේ. කතුවරයා තම නිසඟ ප්‍රතිභාව කෘතිය පුරාම සන්නිවේදනය කොට ඇත. මායා යථාර්ථය ද යම් දුරටත් ගම්‍ය වන නමුදු ගැමි පරිසරය හා ගතානුගතිකත්වය මත මැවූ ඒ සිද්ධි අභව්‍ය නොවේ. තරුණයන් දෙදෙනාට එහිදී හමුවන යොවුන් සන්නාලියක් ඔවුන් දෙදෙනාගේ ජීවිත වෙනත් මගකට ගැනීමට හේතු වේ .එහි එක් පුද්ගලයෙක් ඇය හා පෙමින් බැඳෙන බැදෙන අතර ඔවුන්ගේ ප්‍රේමය ශුංගාරාත්මක ලෙස කතුවරයා දක්වා ඇත . තිදෙනාම එක්ව පොත් පත් ළඟ තිබූ තරුණයා පුනර්අධ්‍යාපනයෙන් මිදී නිවස වෙත යාමට පෙර ඔහුගෙන් ඒවා සොරකම් කර ගනු ලබයි. එතැන් සිට ඒ විශිෂ්ට කෘති ඔවුන් කියවනු ලබන අතර අකුරු නොදන්නා පෙම්වතිය වෙත ඒවා කියවීම ඔහු විසින් සිදු කරන ලදී. ගතානුගතික තරුණියක වූ ඇගේ සිතුම් පැතුම් හා ජීවිතය වෙනස් කිරීමට එම කෘතිවලට හැකි විය.එ පමණක් නොව, ඔවුන් ඒවා තමා අතර වූ නූගත් ජනතාවට කියා දුන්හ. ඔවුන් ඒවා ඇසීමට කෙතරම් නොතිත් වීද යන්න සංවේදජනකය .
මා දුටු අපූරු මිත්‍රත්වයක් කතා පුවතෙහි වේ. තම මිතුරාගේ පෙම්වතිය ආරක්ෂා කරගැනීමට අනෙකා ගන්නා වෙහෙස, කැපවීම අතිමහත්ය .එසේම ඇයට සිදුවූ කරදරයෙන් ඇගේ ජීවිතය නීතියෙන් මෙන්ම සමාජ අපවාදයෙන් බේරාගැනීමට ඔහු ගන්නා වෙහෙස අපමණය. ජීවිතයේ සමහර සිදුවීම් සිදු වූ විට අප ” ඒ් වෙලාවේ එතනට ගියානම් , නොගියානම් “වැනි වාක්‍ය නිරායාසයෙන් ම අප තුළින් ගිලිහෙයි . ඒවා මේ විශ්වීය ජනයාගේ අත්දැකීම්ය.ඒ හැම එකක්ම සොබාදහම සමඟ බැඳුණු අප නොදත් විශ්වීය ආකර්ෂණයක් විය හැක .
කෙසේ වුව ද තමන් වඩාත් කැමති ලොව දකින්නට තරම් තම මනස පොතපත කියවීමෙන් දියුණු කරගත් නමුදු තම හදවතට කන් දීමට අවස්ථාවක් අපට ජීවිතේ පැමිණෙනු ඇත.ඒ හදවත කියන කතාව මත අප කෙතරම් බැඳී ඇත්ද යන්න මතයි .එවිට අප දුටු , අප පැතූ ලෝකය දෙවැනි තැනට වැටෙනු ඇත. ලියෝ නැමැති විප්ලවීය පුද්ගලයා තම ප්‍රේමය හමුවේ තමාට ජීවිතය කියා දුන් මා හැඟි කෘති සියල්ල අවසන පුළුස්සා දමන්නේ තමාට කඳුකරයෙන් ලද අව්‍යාජ, සොඳුරු, ආදරිය තමාගෙන් ඈත් වූ නිසා බව මාගේ හැඟීමයි.
මාහැඟි කෘතියක වටිනාකම ඒ කෙතරම් දුරට හදවත ස්පර්ශ කරන්නේද, ඒවා කෙතරම් විශ්වීයත්වය අප වෙත ලඟා කරන්නේද යන්න මත රඳා පවතී. අපටම අනන්‍ය වූ සාහිත්‍ය කෘති කෙරෙහි අප ආඩම්බර විය යුතු නමුදු අනෙක් ජාතීන් ගේ සාහිත්‍ය කෘති වල වටිනාකම් සමඟ බද්ධ කරගත යුතුය. විශ්වය එකම ගමිමානයක් බවට පත්කර ගත හැක්කේ එවිටය .

විශ්වීයත්වය අප වෙත ගෙන ඒමේ නිහඬ මෙහෙවරක යෙදී සිටින සේනාරත්න වීරසිංහයන් හට බොහෝ තුති වේවා ! මෙවන් මාහැඟි පරිවර්තනයන් කරමින් විශ්වීය සාහිත්‍යය අප වෙත ගෙන ඒමේ කර්තව්‍යයට නිබඳ දිරිය ලැබේවා !

ඡයාරෑප අන්තරජාලයෙන්

More From Author

ඊග්‍රායලයේ පලස්තීන ජනසංහාරයට විරෝධය පෑමෙි උද්ඝෝෂනය

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348