මේදි හසන් (Mehdi Hasan) යනු කවුද, ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැසිරවීමේ ශෛලිය කෙබඳුද යන්නත්, අල් ජසීරාවේ Head to Head වැඩසටහනේ ස්වභාවය කුමක්ද යන්නත් ගැන හාංකවිසියකවත් අධ්‍යනයක් තිබුණානම් රනිල්ට ගතහැකිව තිබූ පියවර දෙකක් විය. පළමුවැන්න, එහිදී තමන් නිර්දය ලෙස ප්‍රශ්නකෙරෙන බව, ඒ ප්‍රශ්නවල කේන්ද්‍රය ‘රට ආගාධයෙන් ගොඩගැනීම‘ ගැන ඔහුගේ පම්පෝරි ගැසීම්වලට ඉඩදීම නොව රටේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම හා වගවීම ප්‍රශ්න කැරෙන එක බව පැහැදිළිව තේරුම් ගෙන ඊට මුහුණදීමට සූදානම් වී එහි යාම ය. එවැනි ප්‍රශ්නකිරීමක දී කෝප ගැනීම, කිසිදු වගකීමකට හා වගවීමකට සූදානම් නොමැති බව පෙන්වීම, අත උඩ ඇති තොරතුරු සහ සංඛ්‍යාලේඛන අසත්‍යයයි කීම (අතේ පත්තු වූ බටලන්ද කොමිසමේ වාර්තාව වැනි) හා අවම වශයෙන් රාජ අපරාධ සම්බන්ධයෙන් සහකම්පනයක්වත් නොදැක්වීම තමන්ට නොව රටටම බූමරංගයක් සේ කැරකෙන බව දැනගෙන ඊට ගැලපෙන පරිදි වචන සහ ශරීර භාෂාව තෝරාගෙන ඒ පැයකට අඩු කාලයට ශිෂ්ට සම්පන්න ලෙස මුහුණ දීමට සූදානම් වීම ය. එහි දී ලැබෙන්නේ උණ්ඩ වැනි ප්‍රශ්න සහ මුවහත් පිළිතුරුවලට ඉතා කෙටි කාලයක් බවත්, වැල්වටාරම් බයිලාවලට බාධාකිරීම් සිදුවන බවත් දැනගෙන ඊට මුහුණ දීම ය. එහි තමන්ගේ පම්පෝරි තම්මැට්ටම් ගසන්නට ඉඩ නොලැබෙන බව තේරුම්ගෙන හැසිරීම ය. දෙවැන්න, ඒ ආකෘතිය සහ ශෛලිය තමන්ට නොගැලපෙන්නේ නම් ජාත්‍යන්තරය ජයගැනීමේ බොරු පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා සිටීම ය.…
ඇමරිකානු ධනවාදය මූල්‍යමය ‘හෘදයාබාධයකට’ මුහුණ දෙයි – සමාජවාදී විප්ලවය ඉදිරි මාවත පමණි
3 සඳුදා මධ්‍යම රාත්‍රියේදී (ඇමරිකානු වේලාවෙන්) එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනා වන මෙක්සිකෝව සහ කැනඩාව මත…
2025 රෝහිණී අලස් – ඇග්නස් ඩි අල්විස් අභියෝගතා දැල්පන්දු ශුරතාවය දි මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයට …………
මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමය අතර වාර්ෂිකව පැවැත්වෙන රෝහිණී අලස් – ඇග්නස් ඩි අල්විස් අභියෝගතා දැල්පන්දු ශුරතාවය මෙවර 2025 මහනුවර…
පලාත් පාලන මැතිවරණය 2025
පලාත් පාලන මැතිවරනය 2025 සදහා දින නියම දින නියම කර තිබේ. මාර්තු 17 වනදා සිට 20 දා දහවල් 12 දක්වා…