පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයේ විදුලිබල සැපයුම මුළුමනින්ම හරිත කිරීම ප්‍රධාන ඉලක්කයකි. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සූර්ය බල ශක්ති උත්පාදනය සදහා විශ්වවිද්‍යාල සූර්ය විදුලිබල පද්ධති ස්ථාපනය කළ අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ පළමු අදියර 2025 මාර්තු 10 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලදී. විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනක ස්ථාපනය කර ඇති මෙම සූර්ය විදුලි බල පද්ධති තුන මගින් දිනකට විදුලි ඒකක 6000 (කිලෝ වොට් පැය) ජනනය කිරීමට හැකිව පවතී. සූර්ය විදුලිබල පද්ධති දෙකක් ඉංජිනේරු පීඨයේ ද තවත් සූර්ය විදුලි බල පද්ධතියක් ශ්‍රාස්ත්‍ර පීඨ අධ්‍යාපන විද්‍යා පීඨයේ ද ස්ථාපනය කර ඇත. ඉංජිනේරු පීඨයේ ස්ථාපිත පද්ධති දෙක 820 kWp ක ජනන ධාරිතාවක් සහිත වන අතර ශාස්ත්‍ර පීඨයේ ස්ථාපිත සූර්ය විදුලිබල පද්ධතියෙහි ජනන ධාරිතාවය 380…
ජනමාධ්‍ය නියාමන බලළා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට
ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ජනමාධ්‍ය පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් ‘ජඩමාධ්‍ය‘ ගැන කියමින් ජනතාවට බොරු කියන මාධ්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී. මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය‘ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක‘ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන් සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍රසාත්මක තත්වය‘ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රථිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත. එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්,…