අද බිළිඳිය හෙට යුවතිය සුරතලිය……

අද බිළිඳිය හෙට යුවතිය සුරතලියඅද දියණිය හෙට පතිනිය මෑණියයසිත සනසන සුව සලසන  සොයුරියයඇය මවමය ලොව මැවුමය අනගිමය!ලොව නවතී නැත පැවතුම  ඈ නැති කල  ඇත්ත එයයිසුව පහසුව මුදු තෙත් බව කොහි තිබේද ඈ නැත්නම් ඇත්ත එයයිරජ මැදුරෙද දුගී පැලෙද එළිය කොහිද  ඈ  නැත්නම් ඇත්ත එයයිඅද සමරා  ‘ඇගේ දිනය’ අගේ කරමු එකමුතුවී විය යුත්ත එයයි!බුදු හිමියන් එදා තැන දුන්නා ඉතිරියටබුදු සිරිතේ  ඇත පෙන්නා ලොව සැමටකත යනු කෙතකි යහ ගුණ දන්නා අයටසිත පතුලින් සෙත්  පතමි අද දින ඔබ සහ අපට!. ඒස්. අමුණුගම

කාන්තා දින අභිමුව කාන්තාව

ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ  කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348