සුගත් සෙනෙවිරත්න ” ජන්මයට වඩා පුරුද්ද ලොකුයි ” කියල පැරණි කියනනක් තියෙනවා. ඒ අනුව නරක පුරුදු කියන්නේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච, අපිව අතහැරයා නොයන භයානක හතුරෙක්. සමහරවිට විනෝදයට ෆන් එකට (for fun) කියල පටන් ගන්න දේවල් අවසන් වෙන්නෙ ජීවිත හානියකින්. දේපොළ විනාශයයකින්. උදාහරණ ලෙස දුම් බීම මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ සහ ආර්ථික පරිහානිය ගැන ඔනෑම කෙනෙකුට වැටහීමක් තියෙනවා. අද අපි පසු කරමින් සිටින්නේ ඩිජිටල් තාක්‍ෂණික මෙවලම් අතර හිරවුනු ජීවිතයක්. ජීවිතයේ තීරණාත්මක සිදුවීම්වල අවසන් විනිශ්චයකරු තාක්ෂණික මෙවළමක්. ඒ නිසා ඩිජිටල් තාක්ෂණය සමග අපේ ජීවිතය අවියෝජනිය සම්බන්ධයක් නිර්මාණය වී ඇත. මේ නිසා අපේ ජීවිතය පහසු වී ඇත . නොසිතූ විරූ පරිවර්තනයක් ඇති වී තිබීම සිතාගත නොහැක්කක්. ඔනෑම හොඳ දෙයක නරක පැත්තක්ද තිබීම ස්වාභාවිකයි. ඩිජිටල් තාක්ෂණයේ අතුරු ඵල ලෙස අපි එහි වහලුන් බවට පත්ව සිටීම තවත් ඇබ්බැහිකමකි.…
සුගත් සෙනෙවිරත්න
1 post