පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයේ විදුලිබල සැපයුම මුළුමනින්ම හරිත කිරීම ප්‍රධාන ඉලක්කයකි. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සූර්ය බල ශක්ති උත්පාදනය සදහා විශ්වවිද්‍යාල සූර්ය විදුලිබල පද්ධති ස්ථාපනය කළ අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ පළමු අදියර 2025 මාර්තු 10 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලදී. විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනක ස්ථාපනය කර ඇති මෙම සූර්ය විදුලි බල පද්ධති තුන මගින් දිනකට විදුලි ඒකක 6000 (කිලෝ වොට් පැය) ජනනය කිරීමට හැකිව පවතී. සූර්ය විදුලිබල පද්ධති දෙකක් ඉංජිනේරු පීඨයේ ද තවත් සූර්ය විදුලි බල පද්ධතියක් ශ්‍රාස්ත්‍ර පීඨ අධ්‍යාපන විද්‍යා පීඨයේ ද ස්ථාපනය කර ඇත. ඉංජිනේරු පීඨයේ ස්ථාපිත පද්ධති දෙක 820 kWp ක ජනන ධාරිතාවක් සහිත වන අතර ශාස්ත්‍ර පීඨයේ ස්ථාපිත සූර්ය විදුලිබල පද්ධතියෙහි ජනන ධාරිතාවය 380…
කේ ජයරත්න
1 post